(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයේ වංචා දූෂණ පිළිබඳව තිබෙන ගණන් හිලව් එකතු කළහොත් එය රාජ්‍ය ආදායමට වඩා වැඩි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
උදාහරණයක් ලෙස ගතහොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් අහිමි වීම් ,මෙන්ම නොගෙවා පැහැර හැරීම් කෝටි අනූදාහක් වන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව දූෂණ වංචා සියල්ලම එකතු වූ විට කෝටි හතළිස් පන්දහසක් බව අබේසිංහ මහතා කීය.
පසුගිය අවුරුදු වල රාජ්‍ය ආදායම කෝටි දෙලක්ෂයක් බව කී මන්ත්‍රීවරයා රාජ්‍ය ආදායමට වඩා වැඩි දූෂණ වංචා ප්‍රමාණයක් මේ ආයතනවලින් සිදුවී තිබෙන බව සඳහන් කළේය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) වසර 100ක් පිරීම නිමිත්තෙන් සභාව කල් තැබීමේ විවාදයේ අදහස් දක්වමින් අශෝක් අබේසිංහ මහතා මේ බව කීය.
කෝපා කමිටුව වසර 100ක් පුරා මේ කරුණු සොයා බලා පාර්ලිමේන්තුව දැනුවත් කළත් කිසිම වැඩක් වී නැතැයි කී මන්ත්‍රීවරයා දූෂණ වංචා කරන අය නිදැල්ලේ ඉන්න බවද අලාභ අයකර ගැනීමට හෝ නඩු පැවරීමට ක්‍රමවේදයක් නැතැයි ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලාට දූෂණ, වන්චා මතක් වෙන්න විපක්ශෙට යන්නම ඕන. බලේ ඉද්දි කිසිම දෙයක් පේන්නෙත් නෑ, දූශනය, වන්චාව පේන්නෙත් නෑ. ඕන්න චන්දය පැරදිලා විපක්ශෙට ගිය ගමන් අනේ රට ජාතිය, දුප්පත්කම මතකයට එනවා...
එහෙම තමයි. රට දියුණු කරන කොට වංචා දූශන වැඩි වෙනවා. ඇමරිකාව එංගලන්තයේ උනත් එහෙම තමයි. ඒ රටවල් වල ස්ත්‍රී දූශනම දවසකට කීයක් වෙනවද බලන්නකෝ. ආර්ථික විද්‍යාව ගැන මලපොතේ අකුරක් දන්නැති අය දූශන ගැන මෙහෙ අය කතා කරනවා.
වසර 100 ක්, මේව කාටද කියන්නෙ? හොඳයි වසර සීයක් තිබුනා කියල හිතමු ඒත් තව පන්දාහක් තිබුනත් ප්‍රතිපලය එකයි.