(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මිනිස් සංහාරය නැවැත්වීමට කටයුතු කරන්නැයි ඊශ්‍රායලයෙන් සහ පලස්තීනයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
විපක්ෂනායකවරයා මෙසේද පැවසීය.
මවුවරුන් කාන්තාවන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ මිනිස් සංහාරය නතර කරල සාම සාකච්ඡා වලට යන්න ඕන. දස දහස් ගණනින් මිනිස් ජීවිත විනාශ වෙනවා. පලස්තීන රාජ්‍යයේ අයිතිය තහවුරු කරන්න ඕන. ඊශ්‍රායලය සහ පලස්තීනය සාමයෙන් ජීවත්විය යුතුයි.
අපේ පාර්ලිමේන්තුව විදිහට නිහඬව ඉන්න හොඳ නෑ. ඒ රටවල ඉන්න අපේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ මිනිස් සංහාරය වහා වහාම නතර කරන්න කියලා ඒ රටවල් දෙකට යෝජනා කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලූලා නැතිවලට කනයා, මඩකනයා... කිව්වාලු... බයිඩන්, පුටින් ගොයියන්ටත් බැරිදේ සජියා කරන්න යනවා. අපේ පාර්ලිමේන්තුවේ වගේ නොවෙයි රටේ ජාතියේ පැවැත්මට පාර්ලිමේන්තුව එකක් හැටියට එකතුවෙලා සතුරාට ගහන්නේ. අපේ රටේ ඉන්න දහසක් මිනිස්සු නිසා ඊශ්‍රායලය යුද්දේ නවත්තන්නේ නැති බව නොතේරෙන්නේ මඩකනයින්ටම තමයි...!
මෙයා කියපු ගමන්ම අන්න යුද්ධය නවත්වලා... පුදුම බලයක් තියෙන්නේ ලංකාවට...
ආයිත් අහන්න දෙයක් නැහැ. පුතානෝගේ ඉල්ලීම නිසා දෙගොල්ලෝම එකතුවෙලා යුද්දේ නවත්වාවී.