(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කළේ යැයි එල්ල වූ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්කට මෙම තහනම පැනවූ අතර ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය පසුගියදා තීරණය කළේය.
ධනුෂ්කගේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ධනුෂ්කට චෝදනාවලින් නිදහස් කිරීමට නිර්දේශ කර තිබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ධනුෂ්කගේ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදොස් කොට නිදහස්
ඇපුරුයි නෙද අනෙද කියන්නෙ පිට රට ගිහින් මැච් ගහන අස්සෙ අනියම් කන්තාවන් සමග සිටිමට කන්ඩයමෙ අන් අයටත් බලපත්‍රයක් දුන්න ඒහෙනම්.
ඊයා... මෙයා නම් ආයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ගන්න එපා.. එයා ගහන ඒවා ගහගෙන පැත්තකට වෙලා ඉන්න කියන්න... ක්‍රිකට්වලයි, ටීම් එකේ අනිත් කොල්ලන්ගේ ගෞරවයයි රැකගන්න...
එතකොට මෙයා කොටු පනින හෝටලයෙන් එළියට ගියේ ශම්මිගෙන් අහලාද? අර කෙල්ලට පිං දෙන්න ඕනේ... මාස ගාණකට හරි මෙයාට දඬුවමක් දුන්නාට. විනයක් නැතිකම තමයි හෙනේ...
මේ මනුස්සයාට හෑදෙන්න අවස්ථාවක් නැහැ. ක්‍රීඩා විනය කැඩුවාට දඬුවමක් නැහැ. ගෝත්‍රික හැසිරිමයි, ලොකු ඔලුවයි වීරකමක් ලෙස සලකාගෙන ඔහොම යමු. කණ්ඩායමේ කෙනෙකුගේ ආච්චි කෙනෙකුවත් ගෙදර තියාගන්න බැරිවුණු දවසට තේරේවි...!
විනයක් නැති ප්‍රතිපත්තියක් නොමැතිකම මනාව පෙනේ...
එතකොට දනුෂ්ක කාගේවත් ඇඟට අතක් වත් තියලා නැද්ද .දනුෂ්කව බලන් දුෂණය කලාද ඕස්ට්‍රේලියන් ලේඩි
මේ රට කවදාවත් හදන්න බැහැ
හා හා ලොක්කත් ගෑනු අරං ගිය ඒකෙ මොන දුෂන නඩු තිබුනත් මුන්ට අපහු ඒන්න දෙනවාෙන්. ඒකට ඔසී හිටපු නායකයා sms ඒකක් යැව්වා කියලා නායකත්වයෙන් අස්වුනා... නොදකිං මෙහෙම කාලකන්නි.