ඔන්ලයින් පනතට පාඨලී දොස් කියයි සමාජ මාධ්‍ය නියාමන පනත මර්දන එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසීය. 13 February 2024
ගුටි බැට හුවමාරුවකින් පොලීසියේ දෙකක් ඇතුළු හතරක් රෝහලේ යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසු පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 13 February 2024
නවීන ගිනි අවියක් සමඟ අයෙක් අල්ලයි කිසියම් අපරාධයක් කිරීමට සූදානම් වී සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත අති නවීන මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සන්තකයේ තබාගෙන සිටියදී රුවන්වැල්ල කොටිය කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 13 February 2024
ව්‍යාජ නෝට්ටු සමඟ කරණවෑමියා සහ තවත් අයෙක් දැලේ ව්‍යාජ මුදල් නෝට්ටු 18 ක් ළග තබාගත් දෙදෙනෙකු හකුරුවෙල කුඹුක්මුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි . 13 February 2024
’යුක්තිය’ තවත් 680 ක් අල්ලයි ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 680 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 13 February 2024
පොලීසියට පාට් දැමු හිටපු මේජර් ඇතුළු දෙකක් අල්ලයි වරකාපොළ නගරයේ කොළඹ නුවර මාර්ගයේ වාහන හසුරවමින් සිටි රථ වාහන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා හිටපු මේජර්වරයෙකු සහ නාවික හමුදා විශ්‍රාමිකයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි. 13 February 2024
බඹරු ඇන පාසල් සිසුන් 12ක් රෝහලේ නල්ලතන්නිය, මරේ තේවතුයායේ තේ කර්මාන්ත ශාලාව අසලදී පාසල් ළමයින් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම නිසා 12 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කර ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි. 13 February 2024
මන්ත්‍රී අලි සබ්රි රිය අනතුරක පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ රියදුරා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි. 13 February 2024
වියලි කාලගුණයට නිමාවක් නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 February 2024
ආරක්ෂක ලේකම්-යුද හමුදාපති චන්දිමගෙන් සමාව ගනිති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතාගෙන් ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සමාව ඉල්ලා ඇත. 12 February 2024
වික්ටෝරියා අධි රක්ෂිතයේ හෝටල් ඉදි කරලා වික්ටෝරියා ජලාශයට සෘජුවම සමිබන්ධ වී තිබෙන මහවැළි ගංග අශ්‍රිත ගංගා ඉවුරු විනාශ කරමින් පොල්ගොල්ල ජලාංශයේ සිට තැන්නකුඹුර හාරගම ගුරුදෙණිය සහ කුණ්ඩසාලේ දිගන ඔරුතොට තෙල්දෙණිය අවට වික්ටෝරියා අධි ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ඇතැයි වාර්තා වේ. 12 February 2024
උතුරු මැද සිසුන්ට දුන් ප්‍රශ්න පත්‍රයක් අවුල් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් අවසන් වාර පරික්ෂණය සදහා 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා දමිල මාධ්‍ය හදාරණ සිසුන්ට ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු රැසක් හේතුවෙන් සිසුන් දැඩි අසාධාරණයකට මුහුණ දුන් බව ගුරුවරු චෝදනා කරති. 12 February 2024
පොලිසිය ඉල්ලූ තහනම් නියෝගය අධිකරණය විසි කරයි මිහින්තලේ ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මේ මස 15 දින පැමිණෙන බැවින් එම අවස්ථාවේ ගොවීන් පිරිසක් සංවිධානය කර ඇති විරෝධතාව වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රංජිත් චන්ද්‍රසිරි මහතා අනුරාධපුර අධිකරණයෙන් කළ ඉල්ලීමක් අතිරේක මහේස්ත්‍රත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය අද තරයේ ප්‍රතික්ෂේප කළාය. 12 February 2024
හිරේ ගිය අයට කර්මාන්ත පුහුණු කරන ගිවිසුමක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී අද (12) පෙරවරුවේ සිදු විය. 12 February 2024
සෞඛ්‍ය වැඩවර්ජන විලාසිතාවට සෞඛ්‍ය අමාත්‍යංශය වගකිව යුතුයි සෞඛ්‍ය ක්ෂේත්රයේ වැඩවර්ජන විලාසිතාවක් බවත් සෞඛ්‍ය වර්ජන විලාසිතාවක් බවට පත්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (12) පැවසීය. 12 February 2024
දුරකථන සිම්පත නිසිපරිදි ලියාපදිංචි කිරීම යුතුකමක් සියලුම පුද්ගලයන් පාවිච්චි කරන දුරකථන සිම්පත ලියාපදිංචි කිරීම යුතුකමක් බවත් තමන් පාවිච්චි කරන දුරකථන සිම්පත නිසිපරිදි ලියාපදිංචි කර ඇද්දැයි ඃ132ඃ යන සළකුණ යොදා පරීක්ෂා කළ හැකි බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ අධ්යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පැවසුවාය. 12 February 2024
සනත්ගේ මරණයට කන්ටේනර් රියදුරුගෙන් සී.අයි.ඩිය ප්‍රකාශ ගනියි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත, සිදුකළ පැමිණිල්ලකට අනුව කන්ටේනර් රථ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා අද (12) දින ප්‍රකාශ ලබා ගත් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය 12 February 2024
මල්වතු හිරිපිටියේදී වෙඩි වැදී මියගිය සැරයන්ට උසස් වීමක් මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සැරයන් වරයා වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. 12 February 2024
පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකට නොතීසි බාල වයස්කාර ස්ත්‍රී දූෂණ නඩුවක විමර්ශන උදෘත නීතිපතිවරයාට යොමු කර උපදෙස් ලබා ගැනීමට වසර හතරක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලබන 19 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නොතීසි නිකුත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද(12) නියෝග කළේය. 12 February 2024
ඇමෙරිකාවේ රේඩියෝ කුළුණක් අතුරුදන් වෙයි ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ කුඩා නගරයක යෝධ රේඩියෝ කුළුණක් කිසිඳු සාක්ෂියක් නොමැතිව අතුරුදන් වී ඇත. 12 February 2024
මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 6ක් මාට්ටු නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු මුහුදු කූඩැල්ලන් 774 ක තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් යාපනය කල්මුනේ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 12 February 2024
නීතිපති අනුමැතිය නැතුව අමරකීර්ති ඝාතකයන්ට ඇප දීලා ගාලු මුවදොර අරගල පැවති සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 37 දෙනකුට ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ඇප ලබා දී ඇත්තේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජානක බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 12 February 2024
එක්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්ගේ ප්‍රකාශ සැක සහිතයි මෙරට මුහුදේදි ගිනි ගැනීමට ලක්වු එම් වී එක්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා පොලිසියට ලබා දී ඇති ප්‍රකාශ සහ නැව සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනයට යොමු කර ඇති ඊමේල් පණිවිඩ අතර පැහැදිලි සැකයක් ඉස්මතුව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පස්ලී රාසික් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද (12) පැවසීය. 12 February 2024
’’මාදංගහවත්තේ ජනා’’ අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරු බව කියන දිනේෂ් පුෂ්පකුමාර නොහොත් ’’මාදංගහවත්තේ ජනා’’ නැමැත්තා කුඩාඔය ප්‍රදේශයේදී අද (12) අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි. 12 February 2024
ෂෙල් - ආර්එම් පාක්ස් - සිපෙට්කෝ සමාගම ඉන්ධන ගිවිසුමට අස්සන් කරයි මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ෂෙල් - ආර්එම් පාක්ස් සමගාම සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ගිවිසුමකට අස්සන් තැබීය. 12 February 2024
බිනුර විස්සයි20 සංචිතයට කැඳවයි ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව ලබන 17 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියට නම් කළ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු කැඳවා තිබේ. 12 February 2024
කීර්ති ශ්‍රී රාජසිංහ රජු වාළුකාරාමයේ කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ ලෝහමය ප්‍රතිමාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් නිරාවරණය කෙරිණි. 12 February 2024
විදුහල්පතිවරු ‘ඉසුරුපාය’ වට කරති විදුහල්පති සේවා සංගමය ‘අභිමානවත් විදුහල්පති සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් සැවොම එක්වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට අද (12) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය. 12 February 2024
උමා ඔයෙන් අලුත් ගමනක් පටන් ගන්න පුළුවන් විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බවත් එම ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු බවත් හිටපු ජනාධිපති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 12 February 2024
සබරගමු කෘෂි විද්‍යාපීඨයේ පහරදීමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් රිමාන්ඩ් සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධිය සමිබන්දයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කල ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙකු ලබන ( 14 ) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය අද ( 12) පස්වරුවේ නියෝග කළාය. 12 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026