උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එංජිමට දැවැන්ත ගල් පෙරළී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 17 November 2023
ගම්පහ සුමේදයේ ශෙනුල්ට ශිෂ්‍යත්වයෙන් 198ක් මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ ශෙනුල් අක්මීමන සිසුවා ලකුණු 198 ක් ලබා ගැනීමට සමත්ව ඇත. 17 November 2023
‘‘දේවගැති ජෙරොම් කටුනායකදී අත්අඩංගුවට ගන්න එපා‘‘ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද රහස් පොලිසියට දැනුම් දුන්නේය. 17 November 2023
ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක්වන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා අයි.සී.සී එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති කමිටුවට බලය පවරා තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 November 2023
ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන් ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබේ. 17 November 2023
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හදිසියේම යුක්රේනයට බ්‍රිතාන්‍ය නව විදේශ ලේකම් ඬේවිඞ් කැමරන් පෙර දැනුම්දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. 17 November 2023
ඊශ්‍රායල අගමැතිට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ වගකීම බාරගෙන, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු වහාම ධුරයෙන් ඉවත් විය යුතු බව එරට විපක්ෂ නායක යාර් ලුපිඞ් පවසයි. 17 November 2023
ගෝතමියේ හපනාට ශිෂ්‍යත්වයෙන් 198ක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ගම්පහ , ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ සිසුවා ලකුණු 198 ක් ලබා ගනිමින් විදුහලට කීර්තියක් අත්කරදී ඇත. 17 November 2023
මධ්‍ය ප්‍රදේශ් - චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණ ඇරැඹේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් සහ චතිස්ගාර් ප්‍රාන්තවල ප්‍රාන්ත මැතිවරණ ආරම්භ විය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවක් වන අතර, චතිස්ගාර් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්රස් පක්ෂයේ බලකොටුවකි. 17 November 2023
‘ආර්ථික ඝාතක හොයන තේරීම් කාරක සභාව වහලා දාන්න’ ආර්ථික ඝාතකයන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති හෙයින් තේරීම් කාරක සභාවෙන් ඵලක් නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 November 2023
ක්‍රිකට් වෙනුවෙන් සජිත්ගෙන් යෝජනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මන්ත්‍රීවරු යනුවෙන් සංසදයක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය. 17 November 2023
ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්රේලියාවසමත් විය. 17 November 2023
පොලිස් සැරයන්ට පිහි පහර කුලියාපිටිය, ගිරිඋල්ල පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුට පහරදී එක් සැරයන්වරයකු ට පිහියෙන් ඇන්නේ යැයි කියන ප්‍රධාන සැකකරු ජීව අත්බෝම්බයක් ද සමග ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 17 November 2023
බදුලු කෝච්චියට ගල් පෙරළේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට අද (17) අලුයම හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 17 November 2023
පළාත් කීපයකට අදත් වැස්ස දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 November 2023
පහක් ශිෂ්‍යත්වයෙන් කප් ගහති මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව වැඩිම ලකුණු වන ලකුණු 198 බැගින් ලබා දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සිසුන් පස් දෙනෙක් සමත් වූහ. 17 November 2023
ක්‍රිකට් අතුරුකමිටුව 20 තෙක් බලරහිත කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටිව පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙම මස 20 වැනි දා තෙක් ක්‍රියාත්මක නොකරන බව ට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණයට පොරොන්දු විය. 17 November 2023
රෝගී වූ මගියා අරන් ලංගම බසර රෝහලට කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගමන් ගත් මගියකු හදිසියේ රෝගී වීම නිසාවෙන් කොස්ගම සාලාව රෝහල වෙත එම රෝගීයා ගෙනැවිත් භාර දීමට එම ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර මහත්වරු අද දහවල් කටයුතු කළහ. 16 November 2023
කඩුව මුවහත් කරන්න අලුත් වැඩක් අරඹයි 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 November 2023
බාල දැරියට අතවර කළ කෝප්රල් අත්අඩංගුවට අවුරුදු අටක් වයසැති බාලවස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් යුධහමුදා කෝප්රල් වරයෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 16 November 2023
ව්‍යාපාරිකයාගේ නිවෙසින් ලක්ෂ 85 ක් අරන් පැන්න මෙහෙකරු මාට්ටු බොරැල්ලෙ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් ලක්ෂ 85 ක මුදලක් සොරාගෙන ත්‍රීරෝද රථයකින් යමින් සිටි මෙහෙකාර සේවකයා පොලිසියට හසු විමෙන් අනතුරුව එම මුදල් සියල්ල පොලිසියට අල්ලස් ලෙස ලබාදීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි 16 November 2023
ඔස්ට්‍රේලියාවට ලකුණු 213 ක ඉලක්කයක් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඕස්ටේ්රලියාව අතර කොල්කටාහිදී දැන් පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 49.4 කදී ලකුණු 212 කට සීමාවිය. 16 November 2023
දහදාහක් වැඩි කළාම 13,200ක් බදු ගෙවන්න වෙලා රජයේ සේවකයන්ට රුපියල් දහදාහක් දුන් නමුත් ඔවුන්ට රුපියල් 13200ක් බදු ගෙවන්නට සිදුවී ඇති බව සමගි ජන බලවෙිගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබෙිසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 16 November 2023
පෙම් හබයකින් හිමිනමක් කොස්තාපල්ට පිහියෙන් ඇනලා භික්ෂුන් වහන්සේ නමක විසින් අද සවස දෙනියාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන කොස්තාපල්වරයෙකුගේ ගෙල කපා බර පතල තුවාල සිදු කර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 16 November 2023
පිය - පුතු වලිය මෝටර් රථ දෙකෙන් වන්දි ගෙවලා බේරුවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා අතර ඇති වු අමනාපයක් මුල්කරගෙන ඔවුන් දෙදෙනා විසින් පැදවු මෝටර් රථ දෙක බේරුවල නගරයේ දී ඊයේ (16) අලුයම මුහුණට මුහුණ හප්පාගෙන ඇති බව පොලිසිය පවසයි. 16 November 2023
ජනපති මාලදිවයිනට මාලදිවයිනේ අභිනව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ පදවි ප්රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයින බලා පිටත්ව ගියේය. 16 November 2023
‘ඔන්මැක්ස් ඩීටී’ අධ්යක්ෂවරුන් පස් දෙනා ඇප මත මුදාහරියි නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් පස්දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය. 16 November 2023
’’රනිල් අනාවැකි කියනකොට මට බයයි’’ ජනාධිපති අනාවැකියත් කිව්වොත් බොහෝ විට සිදුවන්නේ ඒ අනාවැකියේ අනෙක් පැත්ත හෙයින් අයවැය කතාව අහනකොට තමාට මහා බියක් ඇති වූ බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2023
කෝටි 11ක රත්තරන් ජෙල් රේගුවේ දී මාට්ටු රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් 16 ක් ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද අලුයව අත්අඩංගුවට ගනු ලැබීය. 16 November 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026