ජපුර කළමනාකරණ පීඨය වසයි සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට එල්ල වූ සිසු විරෝධය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 November 2023
ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ඇමතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ද්වේශසහගත සහ පදනම් විරහිත චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් අන්ත්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලීමක් කළේ යැයි කළ චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 November 2023
බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයුම් අධ්යක්ෂ ඇතුළු හතරක් රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ ඇතුළු සිව්දෙනකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියම කළාය. 20 November 2023
තෙල්දෙණිය රෝහලේ ගැබිණි වාටිටුවට පස් කන්දක් කඩා වැටෙයි මධ්‍යම පලාත් සෙෘඛ්‍ය අමාත්‍යාංශයට අයත් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාටිටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් වාට්ටු ගොඩනැගි්ල්ලට කඩා වැටීම නිසා රෝහල් වාටිටුවෙි නේවාසිකව පුතිකාර ලබමින් සිටි ගැබිණි මවුවරුන් විසිදෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගනු ලැබීය. 20 November 2023
උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ හා දියතලාව දූම්රිය ස්ථානය අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට අද (20) රාත්‍රි 7.00 ට පමණ විශාල ගල් පර්වතයක් පෙරලීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 20 November 2023
ශත 25ක බද්දට ආනයනය කළ සීනි රජය පවරා ගනී ශත 25 ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ රුපියල් 275 ක පාලන මිලට අළෙවි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (20) පස්වරුවේ පැවසීය. 20 November 2023
සම්බා සහල් ටොන් ලක්ෂයක් ආනයනය කරයි රට තුළ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙටි්රක්ටොන් ලක්ෂයක් ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් සහල් ආනයනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (20) පස්වරුවේ පැවසීය. 20 November 2023
බසයක් පාරෙන් පිට පැනලා කතුන් තිදෙනකු රෝහලට යවලා පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී පෞද්ගලික මගී බස් රථයක් මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවන් තිදෙනකු සහ යතුරු පැදි කීපයක් යටකරගෙන ගොස්තු ඇතැයි පොලිසිය කියයි. 20 November 2023
චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් (Shen Yiqin) මහත්මිය ඇතුළු දුත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 20 November 2023
විපක්ෂය බලා ඉන්නෙ මිනිස්සු කබලෙන් ලිපට වැටෙන තුරු ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පැවසීය. 20 November 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද රාත්‍රී 8ට පැවැත්වීමට තීරණය කර තිබේ. 20 November 2023
වැලිමඩ හිටපු ප්‍රා සභාපති රිමාන්ඩ් කැප්පෙටිපොළ නගරයේදි වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනකුගේ රාජකාරියට බධා කිරිමේ සිද්ධිය මත අධිකරණය මගහැර සිටි වැලිමඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති නිතිඥවරයකු මගින් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විමෙන් පසු දෙසැම්බර් 04 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමට විනිසුරු පී. ජයසේකර මහතා නියෝග කළේය. 20 November 2023
වඩුක්කොඩ්ඩෙයි පොලිසිය ආරක්ෂාව යාපනය බන්ධනාගාරය තුලදී සැකකරුවකු මියයාමත් සමගින් ගම්වාසීන් යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට එරෙහිව විරෝධය පෑම හේතුවෙන් අද (20) දින පොලිස් ස්ථානය අවට දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත. 20 November 2023
ජනප්‍රිය තීන්දු ගන්න කිසිම බලාපොරොත්තුවක් නෑ ජනප්‍රිය තීන්දු ගෙන රටේ ආර්ථිකය නැවත කඩාවැටුණ යුගයකට ගෙන යෑමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තරුණ පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය අමතමින් පැවසීය. 20 November 2023
ක්‍රිකට් නඩුව හෙටට කල් යයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොනු කොට ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරමින් පෙත්සම නිශ්ප්‍රභා කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 20 November 2023
‘අයවැය දෙපාරක් අනිත් පැත්ත හැරවු කොට්ට උරයක්’ කොට්ට උරයක් අනිත් පැත්ත හරවන්නවා වගේ ආර්ථිකය වෙනස් කළ යුතු යැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී කියා ඇතැයි ද කොට්ට උරේ දෙපාරක් අනිත් පැත්ත හැරවූ විට තිබූ පැත්තටම හැරෙන්නේ යැයිද ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 November 2023
නැපෝලියන්ගේ තොප්පිය කෝටි 68කට වෙන්දේසි වෙයි හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදී වෙන්දේසි කර ඇත. 20 November 2023
නාය අවදානමෙන් හපුතලේ පවුල් 22ක් ඉවතට පවතින මහ වැසි සමග නාය යාමේ අවදානමක් මතුවී ඇති බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තංගමලේ ග්ලැනෝර් වත්තේ පවුල් තිස් දෙකක් අද( 20 ) ආරක්ෂිතව ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය කීවාය. 20 November 2023
වැට් බදු විවාදය 10 ඉරිදා එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධන සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය සදහා ලබන මස 10 ඉරිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 20 November 2023
ශ්‍රී රංගා ඇයි හංගා ? සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සියලු ම දෙනා නිදහස් කර තිබියදීත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා මාස අටක් තිස්සේ බන්ධනාගාරගතව සිටින බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය. 20 November 2023
සාම සාධක මෙහෙයුම්වලට යාමට සූදානමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා මධ්‍යම අප්‍රිකානු ජනරජයට , පිටත්ව යන ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණයේ 09 වන කණ්ඩායම විසිර යාමේ උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කදවුරේ දී අද පෙරවරුවේ පැවැත්වුනි . 20 November 2023
විල්පත්තුව පිවිසුමත් යටවේ කළාඔයේ ජල මට්ටම සිග්‍ර ලෙස ඉහල යාමත් සමග විල්පත්තුව වන උද්‍යානයට පිවිසෙන වනාතවිල්ලුව එළුවන්කුලම පිවිසුම තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පවසයි. 20 November 2023
බුදු සරණයි කියා පටන් ගත්තට මැදදී නාලාගිරි පනිනවා අයවැය කතාව බුදු සරණයි කියා පටන් පටන් ගත්තත් මැද දී නාලාගිරියාත් අවසානයේ අංගුලිමාලත් මතු වන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 November 2023
බාල බෙහෙත් සිද්ධියට තවත් හතරක් අත්අඩංගුවට ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ,ගණකාධිකාරි ඇතුලු එහි සිව්දෙනකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 20 November 2023
මහීපාල වැඩ අරඹයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම අමාත්‍යාංශයේදී අද (20) වැඩ භාරගත්තේය. 20 November 2023
කිරිඅල ගේන්නත් ඩොලර් වැය කරලා මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 300 ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වන්නට ඩොලර් මිලියන 295 ක් වැය කොට ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 November 2023
කමිටු කාමරවලට පිට අය තහනම් පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී කිසිදු බාහිර පුද්ගලයකුට කාරක සභාව කාමරවලට කතානායකවරයාගේ කිසිදු අවසරයක් නොමැතිව පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබ ඇත. 20 November 2023
පොත් අලෙවිසැලේ පිහි ඇනුමෙන් දෙකක් රෝහලේ පන්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පොත් අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පුද්ගලයකු විසින් කඩුවක් වැනි තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් එම අලෙවිසැලෙහි හිමිකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 20 November 2023
වැට් බද්ද නිසා සියලුම භාණ්ඩ මිල ඉහළ යනවා වැට් බද්ද සියයට 18 ක් දක්වා ඉහළ දැමීමෙන් රටේ සමස්ත ජනතාව අන්ත දුගී බවට පත්කරමින් බවත් ඩීසල් සහ පෙට්‍රල් මත වැට් බද්ද පළමු වරට පැනවීම හේතුවෙන් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යන බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) පැවසීය. 20 November 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026