නිවසක් කොල්ලකෑ 7ක් අල්ලයි සිද්ධමුල්ල සුමග මාවතේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට සහ දේපළවලට පහරදී ඔවුන් පලවා හැරීමට උත්සාහ දරා රුපියල් ලක්ෂ පහකට ආසන්නව රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ හත්දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 14 February 2024
ජලසම්පාදන මණ්ඩලයට කෝටි 1450 ක පොල්ලක් රට පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කෝටි 1450ක හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සදහන් කළේය. 14 February 2024
ආණ්ඩුවේ වැඩට ඉන්දියාවෙන් තල්ලුවක් ඉන්දු-ලංකා හවුල්කාරීත්වයක් මගින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 14 February 2024
ජනාධිපති අරමුදලට යන්න ’’අලුත් පාරක්’’ ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් විවෘත කෙරිණි. 14 February 2024
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 20 දා ඇරැඹෙයි 2023(2024) අ.පොස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන 20 වනදා ආරම්භ වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 14 February 2024
සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වට කරයි සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමා්‍යංශය ඉදිරිපිට අද (14) උද්ඝෝෂණයක් පැවැත්වීය. 14 February 2024
සීත කාමර වල සිට සංවර්ධන කරන යුගය ඉවර කළා සීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති කිරීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 14 February 2024
වස කිරිපැකට් සිද්ධියට ඇල්ලූ හත්දෙනා රිමාන්ඩ් ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කිරි ලබා දුන් සිද්ධියේ සැකකරුවන් හත් දෙනකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළාය. 14 February 2024
සබරගමු සිසුන් 6 දෙනා රිමාන්ඩ් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධියට සමිබන්ද ව අද (14) අත්අඩංගුවට ගත් තවත් ජේෂ්ඨ සිසුන් 06 දෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු හෙට (15) දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය අද (14) දා නියෝග කළාය. 14 February 2024
ජපානයත් විදුලිබලයට අත තියයි ජපාන ජාත්‍යන්තර සහයෝගිතා එජන්සියේ සභාපති ආචාර්ය ටනකා අකිහිලෝ මහතා ඇතුළු නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි. 14 February 2024
ඉබි යතුරු කඩා නිවසකට ඇතුළු වූ සාමනේර හිමිවරු රිමාන්ඩ් බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසක ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙනම ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය. 14 February 2024
අධ්‍යාපනයේ විභාග බර අඩු කරනවා රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 February 2024
ඔන්ලයින් පනත ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කරන තෙක් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 14 February 2024
කෘත්‍රිම බුද්ධිය උගන්වන්න මයික්‍රොසොෆ්ට් එයි මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහාය ඇතිව ලංකාවේ අධ්‍යාපන පද්ධතියට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 February 2024
ජීවත්වන දේශපාලනඥයන්ගේ නම් පාසල්වලට දැමීම තහනම් ජීවතුන් අතර සිටින දේශපාලඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම් වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා තීරණය කර ඇත. 14 February 2024
මඩු කැලේ ඉඩම් කොටසක් රක්ෂිතභාවයෙන් ඉවතට මඩු පාර රක්ෂිතයේ දීර්ඝ කාලයක පටන් වගා කරනු ලබන කුඹුරු ඉඩම් සහ ජනාවාස ලෙස සංවර්ධිත භූමි ප්‍රමාණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ සඳහන් ක්‍රමවේද අනුගමනය කරමින් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 February 2024
අලුත් සමූපකාරයක් එයි සමූපකාර චතුරස්‍රය නමින් සමූපකාර වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. 14 February 2024
ජාතික පාසල් 54 ක විදුහල්පති පත් කිරීමට බාල්දියක් රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පනස් හතර දෙනකු බඳවා ගැනීම නොහැකි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය. 14 February 2024
ඉන්දුනීසියා ජනපතිවරණය ඇරැඹේ ඉන්දුනීසියා ජනාධිපතිවරණය අද (14) පැවැත්වෙයි. ජනාධිපතිවරණයට අමතරව, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ද පැවැත්වෙයි. එක් දිනක් තුළ එක රටක,ජනාධිපතිවරණය,මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන අවස්ථාව මෙයයි. 14 February 2024
මහවැලි ඉඩම්වලටත් ’’උරුමය’’ දෙන්න යයි මහවැලි ඉඩම් සඳහා ද උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. 14 February 2024
සබරගමු සරසවි සිද්ධියට තවත් සිසුන් 6ක් අත්අඩංගුවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධියට සමිබන්ද තවත් ජේෂ්ඨ සිසුන් 06 කුහෙට්ටිආරච්චි හෙට්ටිආරච්චි සමනල වැව පොලිසිය විසින් අද (14 ) දා අත්අඩංගුවට ගෙන ඇත. 14 February 2024
සාපෙළ උපෙළ පැවැත්වෙන දින කියයි 2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි ජුනි මාස වල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය 14 February 2024
නාසා චන්ද්‍ර යානය අද සඳ බලා යනවා ඇමෙරිකාවේ නාසා ආයතනය, ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යවකාශ සමාගම සමඟ එක් වී අද (14) වැලන්ටයින් දා, චන්ද්‍ර යානයක් සඳට යැවීමට සූදානම් වෙයි. 14 February 2024
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි කිලෝ මීටර් 310 ක විෂ්කම්භයක් ඇති, යෝධ ග්රහකයක්, අද (14) වැලන්ටයින් දිනය හෙවත් ආදරන්තයන්ගේ දිනය දා පෘථිවිය අසලින් යෑමට නියමිතය. 14 February 2024
ඉබි යතුරු කඩා නිවසට ඇතුළු වී යැයි සාමනේර හිමිවරු දෙනමක් අත්අඩංගුවට රුපියල් කෝටි ගණනාවක් වටිනා බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසකට ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 14 February 2024
බඳින තුවක්කුව පත්තු වී ගොවියා මරුට තම බඩ ඉරිගු හා කව්පි වගාව වන සතුන් ගෙන් බේරා ගැනිම සදහා අටවන ලද බදින තුවක්කුව ඔහුටම පත්තු විම නිසා එම පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසුව මියගිය බව ඇටවීරගොල්ලෑව පොලිසිය කියයි. 14 February 2024
වැල්ලවාය පාසලක දරුවෝ 18ක් කැසිල්ලක් නිසා රෝහලට වැල්ලවාය මල්වත්තාවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකුට ඇති වු අසාත්මක තාවයක් හේතුවෙන් වැල්ලවාය මූලික රෝහලට අද උදෑසනඇතුළත් කර තිබේ. 14 February 2024
මත්පෙති සමඟ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට රජයේ රෝහලක සේවය කරන ලියාපදිංචි වෛද්‍යවරයෙකු විකිණීම සඳහා සූදානම් කර තිබූ මත්පෙති 1600 ක් ජයමාල පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 February 2024
බෝට්ටු මුරකරුගේ සිරුර මුහුදේ බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසයි . 14 February 2024
මෝදර වෙඩි තැබීමක් මෝදර මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය 14 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026