
(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය අද (3) පස්වරු 06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පිලීපැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බවත් එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජපානයටවත් දීල දාන්න....
අර "ටයිම් අවුට්" කියන සංවිධානය මගින් ලෝකයෙන්ම කාර්යක්ෂම හා හොඳම දුම්රිය සේවාවට හිමි සමීක්ෂණ වාර්තාව අපට තවම ලබා දීල නැද්ද..? සමහර විට ඒ අයට තවම ගණන් හරියට එකතු කර ගන්න බැරි වෙන්න ඇති..? ඇත්තෙන්ම බලන්නත් ආසයි නේද අපේ මේ සොඳුරු දුම්රිය කට්ටල හා දුම්රිය සේවාව දිහා...කොහෙද ඉතින් මේ රටේ කුහක මිනිස්සුන්ට මේ දේවල්වල කිසිම වටිනාකමක් නැහැ... මේ රටට ආදරය නැතිකම තමයි ඉතින්, නැත්නම්, වෙන මොකක්ද..?
මෙය පිලී මත ධාවනය නොවන වාර ගණන මාසයකට කොපමණද මෙයට විසදුමක් නෑද්ද පිට රටවල මිනිසුන් මෙව දැකලා හිනාවෙනවා.