(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කසිප්පු වැටලීමකට ගිය පොලිස් සැරයන් වරයෙකුට බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු පොලිස් සැරයන් වරයෙකි. වෙඩි වැදීමෙන් සැරයන්වරයාගේ පාදයකට තුවාල සිදුව තිබේ.
පොලීසියට ලද තොරතුරක් මත තුවාල ලැබු පොලිස් සැරයන්වරයා ඇතුලු කණ්ඩායමක් අද (03) පෙරවරුවේ සෙවනගල පොලිස් වසමට අයත් සෙවනගල සීනි කම්හල පිටුපස වැටලීමට ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd