
(විමුක්ති එස් රුද්‍රිගු)
වර්තාමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකු තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවත් එලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ටයිම් අවුට් සඟරාව පවසයි.
1997 සිට 2010 වසරේ දක්වා උපත ලද කාන්තාවන් බොහෝ දෙනෙකු අද වනවිට තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවද ටයිම් අවුට් සඟරාව ප්‍රකාශ කළේය.එම සමීක්ෂණයේ ප්‍රතිඵල මත සිදු කළ ශ්‍රේණි ගතකිරීමට ටයිම් අවුට් සඟරාව ප්‍රධාන වශයෙන් රටවල් 9 ක් ඇතුළත් කර ඇත.
අලුත් මිතුරන්, වෙනස් සංස්කෘතීන් සහ මතක හිටින අත් දැකීම් සොයා ලෝකයේ ඈත කෙළවරවල් වල තිබෙන රටවල් පවා සංචාරය කිරීමට තරුණ වයසේ සිටින කාන්තාවන් බොහොමයක් වර්තමානයේ පෙළඹී ඇති බව ටයිම් අවුට් සඟරාව වාර්තා කළේය.එලෙස වික්‍රමාන්විතයක තනිව යෙදීම සඳහා කාන්තාවට ආරක්ෂිත වටපිටාවක් ඇත්තේ රටවල් කිහිපයක පමණක් බවද එම සඟරාව පෙන්වා දුන්නේය.
සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව කළ ශ්‍රේණිගත කිරීමට අනුව එලෙස කාන්තාවකට තනිව ආරක්ෂිතව සංචාරය කළ හැකි රටවල් අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බවත් දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් පෘතුගාලයට සහ චෙකියාවට හිමිව ඇති බවත් ටයිම් අවුට් සඟරාව පැවැසුවේය.එම ශ්‍රේණිගත කිරීමේ සිව් වෙනි ස්ථානය ජපානයට හිමිව ඇති අතර අවසන් ස්ථානය වූ නව වැනි ස්ථානය නවසීලන්තයට හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයිම් අවුට්...
කාන්තාවන්ට වඩාත් ආරක්ෂිත රටවල් පහක්...
හිතාගන්න අමාරු සමීක්ශණයක්. අපේ රටේ ගෑනු ළමයෙක් පාරේ ගියත් මොකක් හෝ කුපාඩි කතාවක් කියන නරුමයින් ඉන්න රටක් මේක...!
මේ වාර්තාවෙන් ලැබුණු වටිනාකම සුරැකීම සැමගේ වගකීමක්. එය කෙලෙසන්නට තැත්කරන ඕනෑම කෙනෙකුට නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි...
ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය තිබෙන රට වශයෙන් සමීක්ෂණවලින් තේරුණු, ලෝකයේ ප්‍රීතියෙන්ම ජීවත්වෙන රට වශයෙන් හත් වන වරටත් තේරුණු ෆින්ලන්තයේ නොවේද දින දෙකකට පෙර අවුරුදු 12ක ළමයෙක් සම වයසේ ළමයින් තිදෙනෙකුට වෙඩි තබා, එක් ළමයෙකු ඝාතනය කළේ? එම රටේ අගමැති ඒ පිළිබඳව පවසා තිබුණේ, 'තරුණ ප්‍රජාවගෙන් වැඩි දෙනෙකු මානසික රෝගවලින් පීඩා විඳින බව පෙනේ' යනුවෙනි. සමීක්ෂණ ප්‍රතිඵල ගැන තවත් කවර කතාද?
කොල්ලොන්ට තමයි තනියෙන් පාරෙ යන්න බය. අංකල්ලා හැම තැනම…
අනේ ඒ "ටයිම් අවුට්" ලට නම් වෙනම සම්මානයක් දෙන්න වටිනවා අප්පා මේ විදිහට ඇත්ත ලෝකෙට කියනවට ...මහපාරේ පමණක් නොවෙයි බස් රථයක ගමන් කරද්දී පවා කාන්තාවන්ට පුදුම විදිහේ සැළකිල්ලක් දක්වනවා ලංකාවේ... කාන්තා දුෂණ ගැන අහන්නවත් නැහැ... සමහර රටවල්වල අවුරුදු හැත්තෑව පැනපු මහලු කාන්තාවකටවත් තනියම ගෙවල් වල ඉන්න තරම් ආරක්ෂාවක් නැහැ... එත්, ලංකාවේ මැදියම් රැයක වුවත් මැදි වයසේ යුවතියකට කිසිවෙකුගේ හින්සනයකින් තොරව ගමන් කරහැකි වාතාවරණයක් මේ රටේ තියනවා.. ලංකාවේ පොලිසියකට උනත් ගියාම කාන්තාවකට පුදුම සලකිල්ලක්නේ තියෙන්නේ...ඇත්තෙන්ම මෙවැනි ශිෂ්ඨ සම්පන්න පිරිමි ඉන්න රටක ඉපදීම කාන්තාවන්ට මොනතරම් ආඩම්බරයක්ද..? තව කොච්චර නම් ලියන්න තියනවද..? අයියෝ, කරුමෙට මගේ "ටයිම් අවුට්" වුණා...
අපි දන්න විදියට නම් ඔය කියන සමීක්ෂණයේ අනික් පැත්තයි දකින්ඩ තියෙන්නේ . කාන්තාවන් දූෂණය කරපු ,රවට්ටලා ගසා කාපු,හොරාකාපු සිද්ධීන් ගැන ඕනතරම් දේවල් තියෙනවා කියනවනම්.. යුරෝපීය රටවල කාන්තාවන්ට කිසිම බයක් නැතුව යන්ඩ පුලුවන්...
අනේ මන්දා. පුදුම සමීක්ෂණයක්. මේතරම් ආරක්ෂිත නම්, රෑට ගැහැණු ළමයින්ගේ තනියට තවත් පිරිමියකු යා යුත්තේ ඇයි...?
අපේ රටේ දවසකට කාන්තාවන් කී දෙනෙක් දූෂණය වෙනවද.සෞධි වගේ රටකට ඇවිලා බලන්න ,රාත්‍රී 12.00 කාන්තාවන් පාරේ තනියම යන හැටි