(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා 1991.05.21 දින ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 33 ක් සිර දඩුවම් ලබා සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ අද (03) දහවල් වෙත පැමිණ තිබුණි .
ඔවුන් අතර 62 හැවිරිදි ශන්මුගලිංගම් ජයකුමාර , 53 හැවිරිදි වෙන්ට්‍රිවල් ශ්‍රී කරන් හෙවත් මුරුගන් සහ 53 හැවිරිදි බාලසුන්දරම් රොබට් පයස් යන අය සිටින අතර ඔවුන් සමග ඉන්දියාවේ නීතීඥවරයෙකු ද පැමිණ සිටියහ .
ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දහවල් 11.03 ට පැමිණ තිබුණි .
මොවුන් තාවකාලිකව සකස් කළ ගමන් බලපත්‍ර මත මෙරටට එවා තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් මාලා දාලද පිළිගත්තෙ දන්නෙ නෑ. ඉන්දියාවේ තියාගන්නෙ නැතිව කුණු මෙහෙට විසි කරනවා
උතුරෙන් ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු එන්නත් බැරි නෑ...
පොහොට්ටුවේ බලලෝභී, බඩ ගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට එකතු වෙලා මොකක් හරි ගේමක් ගහන්ත්න බැරිකමක් නැහැ.
Rajiv Gandhi තමිල්නාඩු ද්‍රවිඩ චන්ද කඩා ගැනීමට තිබුන තණ්හාව නිසා ලංකාවේ කොටි ත්රස්තවාදීන්ට ඔහු උදව් කලේ.නැතුව දෙමල ජනතාවට තියන ආදරේ නිසා නෙමෙයි .ඔහු එයින් කලේ අපේ රටට ලොකු විනාශයක් .ඒවගේම ඔහුටත් කරගත්තේ ලොකු විනාශයක්