(නිමල කොඩිතුවක්කු සහ ආරියරත්න රණබාහු)
රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්රජාතන්ත්රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම ඕනෑම වාද විවාදයකට තමා සූදානම් සේම තමා සමඟ තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑම පක්ෂයකට අභියෝග කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140 වැනි අදියර යටතේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තුඅයියන්කට්ටු වම් ඉවුර පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාදය අනුර කුමාර එක්ක නේද? මෙහෙමයි. අනුරකුමාර කතාවට විවාදයට වගේම තර්කකරන්න දක්ශයෙක්. සජිත් කතාවට, විවාදයට වගේම වැඩකරන්න ඉතාම දක්ශයෙක්. අනුරට ජනතාව ඉස්සරහා කතාකරලා පුරුද්දක් තිබ්බාට වැඩකරලා නම් පුරුද්දක් ඇත්තේම නෑ. වැඩකරන්නෙත් නෑ. සජිත් ආණ්ඩුවෙන් සල්ලි දෙනතෙක් ඉන්නේ නැතිව කොහෙන් හෝ හොයාගෙන වැඩ කරනවා. ඒ කරන ජනතා සේවයේ 5% ක්වත් අනුර කුමාර කරලා නැහැ. කරන්නත් බෑ...
දැන් මොකද අනුර මහත්තයා කියන්නේ...?
පුතානෝගේ රෙදි ගැලවෙන වැඩක්....!
සජියාගේ තියෙන ඡන්ද ටිකටත් කෙළවෙනවා... අනුර එක්ක විවාද කරන්න ගියොත්...!
උස නම් සිකුරිටි මිටි නම් කම්කරු ප්‍රතිපත්තියෙන් රට හදන හැටි මම පහදා දෙන්නම් මිත්‍රවරුනි...!
ඇමතිකම් කරපු කාලේ සංස්කෘතික අරමුදලට කෙලවපු හැටිත් කියනවා නම් හොඳයි.
රටපුරා කුකුල් කූඩු වගේ පෙට්ටි ගෙවල් හදලා රට ගොඩදාන්න පුළුවන් කියලා හිතන කෙනෙක් එක්ක මොන විවාදද?
නිධන් හාරපු හැටිත් දැනගන්ඩ කැමැත්තෙන් ඉන්නේ?
වාද විවාද, තර්ක වලින් රටක් ගොඩනගන්න පුළුවන් කියල හිතන ජනතාවක් ඉන්න රටක් ගැන තවත් මොනවා බලාපොරොත්තු වෙන්න ද, ගොටා දෙවන ජවනිකාව මිසක්.
සජිත් අනුරගේ නම නොකියා අභියෝග කෙරුවේ තියෙන බයට, ඒ නිසා ඔය විවාදය තියෙන තුරු විශ්වාස කරන්න බැහැ. මොකද අනුර දන්නවා සජිත්ගේ පැටිකිරිය. ඒ නිසා එයාගේ බස් බෙදිල්ල හා ස්මාර්ට් බෝඩ් බෙදිල්ලෙන් ගොඩ යන්න සජිත්ට බැරිවෙනවා.