ආණ්ඩුවේ යෝජනාව ‘සීනි තැවරූ විෂ ගුලියක්’ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ආණ්ඩුවේ යෝජනාව පැහැදිළිවම ‘සීනි තැවරූ විෂ ගුලියක්’ බවත් විපක්ෂයට ආකර්ෂණිය සටන් පාඨයක් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඉදිරියට ගෙනවිත් පුංචි ඡන්දයට සහ පළාත් සභා ජදන්යට කළ දේම ජනාධිපතිවරණයට කිරීම අරමුණ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13) පැවසීය. 13 February 2024
ලොව හොඳ මිතුරන් අතර අපි 15වැනි තැන ආසියාවේ මිත්‍රශීලීම රටවල් අතර 15 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.ශ්‍රී ලංකාව රටවල් 196 ක සංචාරකයන් සඳහා විද්‍යුත් මාර්ගයෙන් ගමන් අවසරය ලබාදීම හෝ පැමිණීමේදී වීසා ලබා දීම සිදු කරන බවත් ශ්‍රී ලංකාව සංචාරකයන්ට මිත්‍රශීලි රටක් බවත් එම වෙබ් අඩවිය සඳහන් කළේය. 13 February 2024
ලෝක ගුවන් විදුලි දිනය අදයි ලෝක ගුවන් විදුලි දිනය පෙබරවාරි 13 එනම් අද දිනට යෙදී තිබෙන අතර මෙවර තේමාව දැනුවත් කිරීම, විනෝදාස්වාදය හා අධ්‍යාපනය ලබා දීමයි. 13 February 2024
දින අටට සංචාරකයින් හැට දහසක් පෙබරවාරි මාසයේ ගෙවී ගිය දින 08 ඉකුත් වීමේදී සංචාරකයින් 60,122ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ සදහන් කරයි. 13 February 2024
පොලිස්පති සැරයන් ප්‍රියන්තට අවසන් ගෞරව දක්වයි මල්වතුහිරිපිටිය මෙහෙයුමක් අතර තුර පොලිස් සැරයන්වරයකුගේ රාජකාරී පිස්තෝලය උදුරාගෙන සිදු කළ වෙඩිතැබීමෙන් මියගිය පොලිස් සැරයන් ප්‍රියන්ත රත්නවීර මහතාට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මණ්ඩාවල පිහිටි ඔහුගේ නිවසට ගොස් එම ඔහුට අවසන් ගෞරවය දැක්වීය. 13 February 2024
රජයේ රෝහල්වල තුන්ඩුවට ඔසුසලෙන් නොමිලේ බෙහෙත් නෑ රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩවර්ජනය කරන කාලය තුළ රාජ්‍ය ඔසුසල්වලින් රජයේ රෝහල්වලින් නිකුත් කරන නිර්දේශයන්ට නොමිලයේ ඖෂධ නිකුත් කිරීමේ සේවාවෙන් ඉවත් වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ඖෂධවේදීන්ගේ සංගමය එම සංස්ථාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 13 February 2024
යලේ වැඩ සිංහල අවුරුද්දට කලින් 2024 යල කන්නයේ වී වගා කටයුතු මාර්තු අවසන් සතියේ සිට අප්‍රේල් පළමු සතිය දක්වා කාලයේ ආරම්භ කිරීමටත් ඒ අනුව මහවැලි හා වාරිමාර්ග ජලාශ යටතේ ජලය නිකුත් කිරීමටත් අද (13) තීරණය කරනු ලැබීය. 13 February 2024
රජයේ මිනින්දෝරුවෝ විරෝධතාවයේ රජයේ මිනින්දෝරු සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යංශය වෙත අද (13) දහවල් පාගමනින් පැමිණ විරෝධතාවක් පැවැත්වීය. 13 February 2024
රට ගිය අයට ගෙවල් හදන්න කෝටියක ණයක් ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 13 February 2024
සෞඛ්‍ය වැඩවර්ජනයෙන් රෝහල් අඩපණ වෙයි වෛද්‍යවරු හැර සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරු 6.30 ට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු අකර්මණ්‍ය වී තිබේ. 13 February 2024
හැර ගිය අලියෙක් එක්ක රංගෙ මාධ්‍ය හමුවක එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් වීම යනු රට බංකොලොත් වීම යැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 13 February 2024
සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම සාධාරණයි සෞඛ්‍ය සේවකයන් දීමනාවක් ඉල්ලා සිටීමේ වරදක් නොමැති බවත් එය එසේ වුවද මේ අවස්ථාවේදී එවැනි දීමනාවකට වෙන්කිරීමට මුදල් නොමැති යැයි මුදල් අමාත්‍යංශය පවසන බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13) පැවසීය. 13 February 2024
දඩ මස් සමඟ අවන්හලේ තුනක් වනජීවියට මාට්ටු මුන්දලම විජය කටුපත ප්‍රදේශයෙ පවත්වාගෙන ගිය අවහන් හලක් තුළ තිබු වන සතුන්ගෙ මාංශ කිලෝ 150 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි. 13 February 2024
මැතිවරණ පැවැත්වීමේ වගකීම කොමිසම සතුයි ජනාධිපතිවරණය නියමිත කාල සීමාව වේ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 13 February 2024
පොලිසියට වට කර පහර දුන් කාන්තාවන් මරදානේදී අත්අඩංගුවට පිටකොටුව පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් මුදා ගැනීම සඳහා එම නිලධාරීන් පිරිසට පහර දුන් ජාවාරම්කාරියගේ ඥාති සහෝදරියන් තිදෙනෙක් ඇතුළු එම ජාවාරම්කාරිය මරදාන ලොකට් ලේන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මරදානබපොලිසිය කියයි. 13 February 2024
නීතිඥ මනෝජ් එන්.එම්.ආර්.ඒ. අධ්යක්ෂ ධූරයෙන් අස්වෙයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්.එම්.ආර්.ඒ.) අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ නීතිඥ මනෝජ් ගමගේ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට අද (13) යොමුකර තිබේ. 13 February 2024
බියගමට ජාතික රෝහලක් ගම්පහ බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 February 2024
ඡන්ද නාමලේඛනයට නම දාන්න අල්ලස් ගත් ග්‍රාමසේවක රිමාන්ඩ් ඡන්ද හිමි නාමලේඛනය සඳහා නම ඇතුළත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තේ යැයි කියන හම්බන්තොට සමෝදාගම ග්‍රාම නිලධාරීවරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(13) නියෝග කළේය. 13 February 2024
ප්‍රයෝජනයක් නැති රජයේ ඉඩම් බදු දෙන්න කැබිනට් අනුමැතිය ප්‍රයෝජනයකට නොගන්නා රජයේ ඉඩම් වාණිජ වැවිලි කළමනාකරණ ව්‍යාපෘති සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 13 February 2024
හින්දූ භක්තිකයන්ගේ ලොකුම උත්සවයක් ලංකාවේ 2024 ජාත්‍යන්තර ශ්‍රීමත් භගවත් ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 February 2024
වාද්දූවේදී මොටර් රිියක් අළු වෙයි වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ ගාල්කර තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම ගිනිගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි. 13 February 2024
ව්‍යාපෘති අනුමැතියට කොමිසමක් විවිධ රජයන් පසුගිය කාල සීමාවේදී ව්‍යාපෘති රැසක් අතරමග නතර කර දැමීම හේතුවෙන් කෝටි දහ දාහකට ආසන්න මුදලක් රජයට අහිමිවී ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම පැවසීය. 13 February 2024
ඔන්ලයින් පනත සංශෝධනයට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 13 February 2024
හොරණ විදුලි අධිකාරිට පහරදුන් හිටපු මන්ත්‍රී අල්ලයි හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදි වාණිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදී පලාගොස් සැඟවී සිටි හොරණ නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී නලින් චින්තක නමැත්තා අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 13 February 2024
ජ.වි.පෙ. විරෝධයකට ඉල්ලූ වාරණය ඉවතට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට සම්බන්ධ රජයේ සංවර්ධන නිලධාරි සේවා සංගමය ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹ විද්‍යාමාවත ’’ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය’’ ඉදිරිපිට අද (13) දහවල් සංවිධානය කර ඇති විරෝධතාවය හා උද්ඝෝෂණය වළක්වන වාරණ ආඥාවක් නිකුත් කරන ලෙස කුරුඳුවත්තවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේය. 13 February 2024
මැතිසබේ ලොක්කන්ට විගණනයෙන් දැනුම් දීමක් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට හා සේවකයන්ට උසස්වීම් පිරිනැමීමේ ක්‍රියාදාමය විධිමත් කරන්නැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත. 13 February 2024
වී මණ්ඩලයට කෝටි 124ක් පාඩුවෙලා වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 124 ක පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 13 February 2024
රතුලූනු වගාවට නොමිලේ රක්ෂණාවරණයක් රතුලූනු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 13 February 2024
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් මග්ගොන ප්‍රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයකු පීලි අතර සිරවීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය බළධාරීයෙක් පැවසීය . 13 February 2024
සුනඛයෙකුට ගිනි තබා මරා දැමී යැයි අයෙක් අත්අඩංගුවට ගම්පහ , ඉහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක ඇති දැඩි කළ සුනඛයෙකුට ගිනි තබා මරා දැමීම හේතුවෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි. 13 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026