
(විමුක්ති එස් රුද්‍රිගු)
බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළේ යැයි චෝදනාවට ඇප මත සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම ජූනි 26 වැනිදා දක්වා ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය.
අදාළ නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී ඉදිරි මාසවලදී ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල කිහිපයක දේශන පැවැත්වීමට ජෙරොම් ප්‍රනාන්දු බලාපොරොත්තු වන බැවින් ඔහුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
ජෙරොම් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් පනවා තිබියදී අත් අඩංගුවට ගන්නා බව දැන දැනත් පසුගිය අවස්ථාවේදී ශ්‍රී ලංකාවට පැමිණි බවත් මෙම අවස්ථාවේදීද දේශන අවසන් කර නැවතත් ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවැසුවේය.
එම අවස්ථාවේදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළේ යැයි චෝදනා එල්ල වී තිබෙන ජෙරොම් ප්‍රනාන්දුගේ දේශනය ඇතුළත් සී.ඩී තැටිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට තරම් විශේෂ කරුණක් අනාවරණය නොවූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ බල්ලෝ නැට්ට උස්සගෙන කොච්චර බිරුවත් "තවලම" පාඩුවේ ඉදිරියට ගමන් කරනවා නේද..? දැන් වැඩිය තඩි සුනඛයෝ පේන්න නැහැ...එකෙක් කූඩු කළාම අනෙක් එවුන් නැට්ට බඩ යට ගහගෙන හීලා වෙලා වගෙයි...
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ
ජෙරම් ට රට සවාරි ,ඥාණසාර ට හිරබත්
මෙහෙන් තොලොංචි කලාට කමක්ට නැහැ රටට නැවත එන්න අවසර දෙන්න එපා.
JEROMA දේව ගැතියෙක් නෙමෙයි.බොරු කියලා මිනිස්සු රවට්ටන බොරු කාරයෙක් .මූ කළෙම බුද්ධාගමට මඩ ගහපු එකයි .ඇයි මුගේ අයතා දේපල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ
මෙන්න නියම නීතී. මුන් කොයෙන් ගියත් දිනුම්. මුන් හොද නලුවෝ. අපේ හාමුදුරුවන්ට තමයි කෙලින්න අදන්නේ. අනික මේක වෙන බව අපි දනගෙන හිටියා.