කලුතරට සුළු ගංවතුර අවදානමක්
කළු ගංගාවේ කුඩා ගඟ ද්‍රෝනියේ ඉහල ප්‍රදේශවලට ලැබී ඇති සහ තවමත් ලැබෙමින් පවතින පවතින සැලකිය යුතු ඉහල මට්ටමේ වර්ෂාපතනය හේතුවෙන්බුලත්සිංහල,මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ඉදිරි පැය 24 ක් දක්වා කාලය තුළ එම ද්‍රෝනිය ආශ්රිත සුලු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.