කලුතර ජලයෙන් යටවූ තැන්වලින් යන්න අඟුල් යාත්‍රා සේවයක්
කළුතර දිස්ත්‍රික්කයේ කලුගඟ කුඩා ද්‍රෝනියේ ඉහල ධාරා ප්‍රදේශ ආශ්‍රිතව ඉහල වර්ෂාපතනයක් ලැබිමෙන් මේ වන විට බුලත්සිංහල,පාලින්දනුවර,සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි මාර්ගවල ජලයෙන් යටවී ඇති ස්තාන හයක ජනතාවට ගමන් කිරීම සඳහා අඟුල් යාත්‍රා යොදවා ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ කර්නල් ඊ.ඒ.යූ.ඒ.අමරසේකර මහතා පැවසීය.