ජනවාරියේ පෙට්රල් - ඩීසල්වලට වෙන දේ දැන්ම කියයි
නව වැට් බදු පනත සමගින් ලබන ජනවාරි මස 1 වැනිදා සිට පෙට්රල් ලීටරයක් රුපියල් 62.37 කින් ඩීසල් ලීටරයක් රුපියල් 59.22 කින් ඉහළ යන බවත් ඒ අනුව පෙට්රල් ලීටරයක් රුපියල් 400 ට වැඩි මිලකට ද, ඩීසල් ලීටරයක් රුපියල් 400 ට ආසන්න මිලකට ද, පත්වන බවත් සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද (11) පැවසීය.