(යොහාන් භාසුර)

රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධායක නිලදාරීන්ගේ සංගමය සහ මුදල් අමාත්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.

දෙදින විරෝධයට සමගාමීව අද පෙරවරුවේ එම සංගමය පැවැත්වූ විරෝධය හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර වසා දැමීමට පොලිසිය පියවර ගත් අතර ඒ පිළිබඳව අවදානය යොමු කර ඔවුන්ට සාකච්ඡාවක් දුන් බව ද වාර්තා වේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)