IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

පරාතේ  යනු  බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය වෙනුවෙන් හිලව් වශයෙන් තබාගත් දේපළ වෙන්දේසි කිරීමට එම ආයතනයට බලය ලබාදීමේ  නීතියයි.

ලබනදෙසැම්බර් 15න් පසු කාලසීමාවේදී  පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමටද  කමිටුව නිර්දේශ කළේය.

පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස නිර්දේශ  කෙරිණ.

මේ අනුව ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහාවන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය මෙසේ හිමි විය.

මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ  මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගිය 30 වැනිදා රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පැවසුවේ මේ මගින් තාවකාලික සහනයක් ණය හිමියන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.



අදහස් (1)

පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය

swene Thursday, 02 May 2024 04:41 PM

විදුලිය විසන්ධි කිරීමත් ඒ වගේ. කිසිම හිතක් පපුවක් නැහැ. දින 45 ඉක්මවා නොගෙවූ බිල් සඳහා විසන්ධි කරනවා. කෙටි පණිවුඩ එවුවා කියනවා. දැන් ගෙවනවා කිවුවත් අහන්නේ නැහැ. මොහොතක් ඉවසන්නේ නැහැ. ආවොත් කපනවාමයි. ඉන් පසුව නැවත සම්බන්ධය දීමට මුදල් අය කරනවා. උන්ගේ අම්මලයි අප්පලයි දේපොළ වගේ අපට විදුලිය දෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘බැසිල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑතිලු‘‘
2024 මැයි මස 17 106 0

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.


රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක්
2024 මැයි මස 17 44 0

15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් අනිද්දා (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, ප


මැතිවරණ කොමිසමෙන් අගමැතිට ඉල්ලීමක්
2024 මැයි මස 17 207 0

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අගමැති ද


ජනපති ත්‍රීරෝද රියට බහී
2024 මැයි මස 17 1015 1

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ


කෝටි 10ක අයිස් කටුනායක දී මාට්ටු
2024 මැයි මස 17 298 1

රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක, සීද


හදිසියට ගෙනා බෙහෙත් තිස් අටෙන් දහයක්ම වැඩකට නැති ඒවා
2024 මැයි මස 17 319 0

උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණය වන බව පවසමින් වෛද්‍ය සැපයුම් අංශය සැවොරයිට් සමාගමට ඇණවුම් ඉදිරිපත් කර ඇති ඖෂධ තිස් අටෙන් දහයක්ම අත්‍යවශ්‍ය ඖෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 759 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2296 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1970 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site