
(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීම (On Arrivel Visa ) පෙරේදා (2) දින සිට එහි කටයුතු ඉන්දීය පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර , ඔවුන් එම කටයුතු ආරම්භ කර පැය කීපයක් තුළ ගුවන් තොටුපොළ තුළ දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීමත් සමග එම ඉන්දීය සමාගම වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පියවර ගත්තේය.
මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා අයදුම් කිරීම සහ ඒවා ලබා දීම විනාඩියක් වැනි කෙටි කාළයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සිදු කළහ.
ඔවුන් ඒ සදහා ඉන්දියාව , චීනය වැනි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර සාර්ක් රටවල සංචාරකයන් සදහා දින 30 කාළයක් සදහා ඇමෙරිකානු ඩොලර් 20 ක් ද , අනෙකුත් රටවල සංචාරකයන් සදහා ඇමෙරිකානු ඩොලර් 50 ක ගාස්තුවක් ද අය කර තිබුණි .
එහිදී වයස අවුරුදු 12 ට අඩු සහ සංක්‍රමණික ගුවන් මගීන් සදහා නොමිලේ වීසා නිකුත් කිරීම ද සිදු කර තිබුණි.
වීසා නිකුත් කිරීම භාර ගත් ඉන්දීය පෞද්ගලික සමාගම සාර්ක් රටවල සංචාරකයන්ගෙන් වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 22 ක් ද අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 25 ක මුදලක් ද අය කිරීම සිදු කර තිබේ.
මෙහිදී මෙම වීසා ගාස්තු තුළ සේවා ගාස්තු ( Service Charge ) සහ පහසුකම් සැළසීමේ ගාස්තු ( Convenience Charge ) ගාස්තු අය කිරීමක් ද සිදු කර තිබේ.
ඒ අනුව සමස්ථ වීසා සදහා මුළු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100.77 ක් බවට පත් වී ඇති අතර එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 25 ක් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත යොමු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයෙක් පැවසීය.
මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාවට වසරක කාළයක් තුළ සංචාරකයන් මිලියන 03 ක් පැමිණිය හොත් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ක් හෙවත් රුපියල් කෝටි 2000 ක ආදායමක් හිමි වන බැව් වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කරන්නේ පිස්සො ද?
නියමයි. රනිල්ට ජයවේවා.
රටට එන එකෙක්ට වීසා එකක්වත් තමන්ට දීගන්න බැරි අබ්බගාත රටක් නේ මේක. වීසා දෙන්නෙත් ඉන්දියන් කාරයෝ. කියන්නෙ නම් බංකොලොත් භාවයෙන් ගොඩ ගියා කියලා.
රටට මේ අපරාධය කරන්න තමයි රනිල් පාර්ලිමේන්තුවේ ඉන්නේ අනිකුත් පක්ෂවලටත්, රටේ ජනතාවටත් ඔහු ආරාධනා කරන්නේ. රනිල්ට ඡන්දය දුන්නු 133 දෙනාටම සාපය වේවා.
කෝ දැන් පක්ෂ පාට කරේ තියන් කමෙන්ට්ස් වලට ඩිස්ලයික් දාන බත් කන හරක් රංචුව ???
මේ වගේ පාලකයෝ ඉන්න රටක් අද නිවට රටක් වෙලා ඔක්කොම විදේශ සමාගම් වලට දීලා
රනිල් බලයට ආපු දවසේ ඉඳල කරන්නේ ඉන්දියාවටයි චිනේටයි ලංකාවෙන් බිස්නස් දීල ඒ රටවල වල ආර්ථිකය සරු කරන්න උදව් කරන එක , මේක කරන්න පුළුවන් ලංකාවේ කට්ටිය හිටියෙම් නැත්ද ?
මෝඩ ගොබ්බ දුෂිත හොර පාලකයින්ගෙන් මිට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ .ඔතන වැඩ කරන ඉන්දියන් කාරයෝ දැනටමත් ඉන්දියන් හොරු කි දෙනෙකුට ලංකාවේ විසා දීලාද කවුද දන්නේ ? මුන්ට විරුද්ධව වහාම ක්‍රියාත්මක විය යුතුයි , කෝ අදාළ අංශ ? අදාලාංශ වලට බැරිනම් රටවැසියන් නිතිය අතට ගනු ඇත. විශේෂයෙන්ම චන්දෙ කාලෙට මුන් මහා ලොකුවට කතාකරන්නේ " ජාතික ආරක්ෂාව " ගැනයි. දැන් ජාතික ආරක්ෂාව කොහෙද යකෝ තියෙන්නේ ?
අවුල ටික දවසකින් හරියයි... අපිට මොකද ඔච්චර ඩොලර්.. මොලේ කල්පනා කරලා රට ගොඩ දාගෙන යන වෙලේ මේවටත් එක එක එව්වා කියන අය ඉන්නවා
ඒක වීසා එකකින් කාට හරි ඩොලර් පහ ගානේ කොමිස් කීයක් විතර වෙයිද? ඡන්ද වලට සල්ලි ඕනනෙ.
ගුලි කාලද මේවගේ තීරණ ගන්නේ!!!
ආගමන විගමන එකෙන් හරියට වැඩේ වුණා නම් ඔහොම දෙන්න වෙන්නේ නැ. අන්තිමට වෙන්නට රටට එන්න තියන සල්ලි කොහෙවත් යන ඉන්දියන් සමාගමකට යන එකයි
ටයි පොලු දාගත්ත ගව රැළක් තමා ශ්‍රීලංකන් පාලනේ කරන්නේ.. ලැජ්ජයි!!!
රනිලා හිටියොත් මුලු රටම විකුණනවා
මේ රට මංකොල්ල කාරයින් රැලකගේ ග්‍රහණයට නතුවී තිබෙන බව වැටහෙන්නේ මේ රටේ කීයෙන් කී දෙනාටද..? මේ හොර තක්කඩින්ගේ කතාව නම් , රට, ජාතිය, ආගම නමුත් ක්‍රියාවෙන් මේ තුනටම අවමාන කරනවා...මේ අමන දේශපාලුවන්ගෙන් යැපෙන, මෙවුන්ට උඩගෙඩි දෙන යක්ඛ පුතුන් හා යකා නටන තුප්පහි නිලියන් රැලක් හා පිංගුත්තර පුජකයින් හා බඩජාරී නිලධාරීන් රැලක් අල්ලා ගෙන තමයි මෙවුන් මේ රටට වින කටින්නේ...මම නම් කියන්නේ මේ රට වෙනත් රටක පාලකයින්ට නතු විය යුතුයි...එතකොට, අපිට පුළුවන් සැනසීමෙන් මේ ලෝකේ ජීවත් වන්නට... කෝ දැන් අර මහලොකු ප්‍රෞඩ ඉතිහාසේ ගැන හා සිංහල ජාතිය ගැන පුහු කයිවාරු ගහන පුස්සෝ රැල ...? එක අතකට ඔහොම වෙලා මදි උඹලට..!
මුළු රටේම ආරක්ෂාව පිට රැටියන්ට විකුණලා කොමිස් ගහගත්තාම? රට බල්ලාට ගියාවේ? දැන් ඔක්කොම රට පාලුවෝ ටික උඩු බුරයි නේද?
මේ ගැන සෙව්ව ගාස්තුවෙන් කීයක් ඇමැතියාගේ පිටරට ගිණුමට ලබා දෙනවාද ?
වීසා එකකින් කීයක් අර අල්ලසයාට ලැබෙනවාද….?
ශ්‍රී ලංකා විසා ඒ කියන්නේ වෙබ් අඩවිය පවත්වාගෙන යන ලංකාවට විසා දෙන්නට මුදල් එකතු කරන්නෙත් මේ සමාගමම නෙමෙයිද?
නෑ නෑ ඔය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඕක බාරව ඉන්න ඉහලම කෙනා ඔය පෞද්ගලික සමාගමෙන් කෝටි ගාණක කොමිස් ගන්න ඇති වසරක කාළයක් තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ක් හෙවත් රුපියල් කෝටි 2000 ක ආදායමක් ඔය පෞද්ගලික සමාගමට ලැබෙනව නම් කෝටි 1000 හෝ 1500 කොමිස් ගන්න ඇති, රුපියල් කෝටි 2000 නෙමෙයි ඊට වඩා රටට පාඩු වුණත් ඇමැතිට ප්‍රශ්නයක් නැහැ ආයෙත් මේවගේ අවස්ථා මේගොල්ලන්ට ලැබෙන්නෙත් නැහැ
ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් කිසිම ප්‍රශ්නයක් ඇති නොවන පරිදි දශක ගණනාවක් තිස්සේ ඉතා හොඳින්, වැදගත් විදියට පවත්වාගෙන ගිය වීසා නිකුත් කිරීම් ඉන්දීය සමාගමකට පැවරීම කාගේ උවමනාවකට කල දෙයක්ද කියා රටවැසියන් දැනගත යුතු වෙනවා. ඉන්පසුව එහි ඇතිවූ "කචල්" වලට වග කියන්නේ කව්ද ??? රටට ඇතුළු වන, පිටවන විදෙස් සංචාරකයන්ගේ සිත්වලට අපෙ රට ගැන පුදුම කලකිරීමක් ඇති වෙන්න ඇති !!! වහාම මෙම "මැටි මොල් , අණ්ඩපාල" තීරණය හකුලා ගෙන රිවස් කරන්න !!!?
නෙදෝකින් මෙහෙමත් රටක්... වීසා එක දෙන්නෙත් ඉන්දියාවෙන්... ඒත් දැන් හෙන දියුනු රටක්ලු... බූරුවො පාලනය කරන රටකින් මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්ඩ බෑ
මරු මරු රනිල් රට වටේ කියව කියව යන සංවර්ධන මේකද? කො අර මෙතන රාජ්‍ය වි්‍යවසායකත්වය ගැන පොලේ හැපෙන මහත්වරු? රටේ විනයක් නීතියක් තියෙනව නම් රාජ්‍ය විවසායකත්වය නරක් වෙන්න බැහැ.
වීසා ගාස්තු වැඩිකරගෙන ඒක ඉන්දියන් සමාගමකට දීල මේ කරන්නේ අරයගෙ පොකට් එකට ගානක් එකතුකර ගන්න මිස වෙන මොකක්ද? මේකද මේ රටේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරනව කියන්නෙ?