
(අංජුල මහික වීරරත්න සහ ආරියරත්න රණබාහු)
ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු, දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.
කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු ඔහු විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය. නලින් ද සිල්වා මහතා කලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.
ජාතික චින්තනය,නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය,භෞතික විද්‍යාව දේශපාලන මතවාද සම්බන්ධයෙන් නලින් ද සිල්වා ප්‍රසිද්ධියක් උසුලනු ලැබීය.
1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ ආචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.
ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ගෞරව උපාධියක් සමග සමත් විය. 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පළ කළේය.
නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් මත ගෙන හැර පෑවේය.
ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී මගේ ලෝකය ග්‍රන්ථය රචනා කළේය.
මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති ලෙසද කටයුතු කළේය . ඔහු විසින් පුවත්පත් ලිපි එක් දහස් පන්සියයකට වඩා පළ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ බුද්ධිමය මැණික් වලින් එකක්. ශ්‍රී ලංකාවේ කිසිවෙකුට නොදෙවෙනි ඉතා ප්‍රකාශිත සහ උගත් බුද්ධිමතෙක්. ඔබට නිවන් සුව!
ශ්‍රී ලංකාව විසින් බිහි කළ විශිෂ්ටතම ප්‍රාඤයාගේ නික්ම යෑම. එතුමාණන් නිවනින්ම සැනසේවා!
ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාරී, ජාතිකවාදී චරිතයක් වූ එතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.
ඔබගේ අභාවය රටට ලොකු හිඩැසකි. නැවත ඉපදී නැවත කැලණිය විශ්ව විද්‍යාලයටම එන්න පින්වන්ත වේවායි පතමි.
රටට හිතැති මතවාද ගොඩනඟමින් දෑ හිතකාමීන්ට සැබෑ ශක්තියක් දුන් මහදුරෙක්. මෙතුමාගේ වියෝවේ හිදැස පිරවීමට සමත් කවරකු වේ ද? මහදුරාණෙනි ඔබට නිවන් සුව!
භෞතික වශයෙන් නොදුටු නමුත් දාර්ශනික ලෙස දුටු මගේ ලොකයේ වීරයා. ඔබට නිවන් සුව පතමි.
නිවන් සුව ලැබේවා ඔබතුමාට
නිවන් සුව ලැබේවා!!!
දේශප්‍රේම,දුලබ ඝනයේ විශිෂ්ඨ බුද්ධ්මතෙක් වූ මෙතුමා දැක්වූ අදහස් වලට බියවු බටහිර උගතුන් සහ,දේශපාලකයින් විසින් රටෙ අභිවෘද්ධියට මෙතුමාගේන් උපරිමයෙන් වැඩක් කර ගැනීමට නොහැකි වීම රටේ අවාසනාවකි .
ප්‍රභාකරන් ගිනි අවි අරන් කරපු විනාශයට වැඩි විනාශයක් අන්තවාදී මත වලින් රටට කල මහා උගතෙක් යැයි පෙන්වා වැජඹුන හිස් චරිතයක් .පරම්පරා තුනක් විතර තිස්සේ වෛරය පතුරවමින් කල විනාශය කරපු සේවයට වැඩිය විශාලයි.
ඔබ තුමාට අමා මහා නිවන්සුව පතමි.
අහෝ කණගාටුයි මෙවන් විද්වතෙකුගේ වියෝව. රාජපක්ෂ වරු සමග හාදකම් නොපැවැත්තුවේ නම් බොහෝ අය මීට වඩා කණගාටු වනු ඇත. අවංකවම කිවහොත් මෙතුමා අවසාන කාලයේ බටහිර විද්‍යාවට දැක්වූ විරෝධය, හෙලා දැකීම, බොරුවක් බව කීම සාමාන්‍ය අපට පෙනුනේ කුහක කමක් ලෙසය. අප යන්තමින් හෝ සැපයක් විඳිනුයේ බටහිර විද්‍යාවට පින්සිදු වන්නටය. නැත්නම් මේ අදහස පවා මට ඔබට දියනොහැකි වනු ඇත.
අනික් මිනිහෙකුට මතයක් ප්‍රකාශ කරන්ට ඉඩ නොදී හැම වෙලාවෙම දත් මිටි කකා තරහෙන් පුපුරපු සිල්වා උන්නැහේගේ බව ගමන සුගතිගාමී වෙච්චාවෙ. බයිලන්තෙට පට්ට ලොකු දාර්ශනිකයෙක්ලුනෙ උන්නැහේ.
උන්වහන්සේට නිවන් අවබෝධ වේවා!
නිවන් සුව ලැබේවා
සැබෑ නිදහස් චින්තකයා!
කාලයක් මා ආදරය කල මහාචාර්‍යවරයෙක් නමුත් පසුකාලීනව තමන්ගේ වටිනා දැනුම රාජපක්ෂලාට උගස් තියලා ජාතිවාදයට කඩේ ගියා. මේ දිනවල වාර්තා වන මරණයන් දෙස බලන විට ස්වභාදහම මේ දේශය පිරිසිදු කරමින් සිටිනවා යැයි හැඟේ.
බටහිරට විවේචනය කරමින්, බටහිර විද්‍යාව විචෙනය කරමින් සිට ඇමරිකාවේදි මියයාමට සිදු වීම ඉතාම ඛේදවාචකයකි - එතුමාට නිවන් සුව පතමු!
රටට හිතැති මතවාද නිර්මාණයට යුහුසුළු වූ හා සැබෑ දේශ හිතෛශීන්ට පිටුවහලක් වූ මහදුරෙක්. මෙතුමාගේ වියෝවෙන් වූ පුරප්පාඩුව පිරිමැසිය හැකි තවත් මහදුරෙක් සිටී ද? නිවන් සුව අත්වේවායි පතමු!
සැබෑ උගතෙක් නිවන් සුව පතමු... දේශපාලනයට ළදරු අන්ධ බලයට හිස නමා ආචාර කරමින් උගත්කම විටක බල්ලට දාපු එක ගැන කණගාටුයි
අහෝ නාථ දෙවිදුනි! මේ සිදුවූයේ කුමක්ද? මට නම් අදහාගත නොහැක්කේමය.මතුවට කවරෙක්නම් රාපක්ෂලාගේ වැසිකිලි සෝදා පවිත්‍ර කරද්ද?
තනතුරු-ඇබෑර්තු වැසිකිලි පවිත්‍රකරු රැකියා ස්ථානය මැදමුලන, මිරිහාන(ඊට අමතරව රාජපක්ෂලා මල පහ කරන ඕනෑම ස්ථානායක සේවය කිරීම රැකියා අපේක්ෂකයා සූදානම්ව සිටිය යුතුය.) වැටුප් සහ දීමනා නැවතත් අප මහරජාණෝ බලයට පැමිණි දිනෙක (අහෝ ඛේදයකි.)මියන්මාරයේ තානාපති ධුරය හිමිවනු ඇත.
මහාචාර්ය නලින් ද සිල්වා යනු අග්‍රගණයේ බුද්ධිමතෙකි. නමුත් ඔහු ඔහුගේම මතවාද වල මංමුලාවූ බවක් පෙනෙයි. බටහිර විද්‍යාව බොරුවක් කියන ඔහු එය ප්‍රතික්ෂේප නොකර තමන්ගේ එදිනෙදා කාර්යයන් කර ගැනීමට අගේට එය භාවිතා කළ අයෙකි. ජාතික චින්තනය සිංහල ජාතිකත්වයට පමණක් ලගු කර පමණට වඩා උත්කර්ෂවත් විග්‍රහ කරන්න යාමෙන් ඔහුගේ ජාතික චින්තනය බහුතර බුද්ධිමතුන්ගේ අප්‍රසාදයට ලක් වු අතර එය සමපාත වුයේ රාජපක්ෂ කල්ලිය ජාතිවාදී වර්ගවාදී දේශපාලන සමඟ බැවින් ඔහු රාජපක්ෂ කල්ලියේ සරණ ගියේය. අවසානයේ ඔහුට රාජපක්ෂ කල්ලිය සමගින්ම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්නට සිදුවිය.
රාජපක්ෂලට කඩේයාම නම් තම දාර්ශනික දැනුම බුද්ධියට කළ මදිකමක් වගෙයි පෙනෙන්නෙ.
විෂ්වීය පැවැත්ම කුමක්ද යන්න... බුදුන්ට පසු වඩාත්ම හොඳින් පැහැදිලි කල විශිෂ්ටතමයා නික්ම යෑම.... එතුමාණන් නිවනින්ම සැනසේවා !
නලින් ද සිල්වා යුග පුරුෂයාත් ගැන පලවන පෝස්ට් බැලුවම මට හිතුනේ මෙතරම් මහා බුද්ධිමතෙක්ද මහා ප්‍රාඥයෙක් පවා තරුණ කාලයේ දී මාක්ස්වාදය ඔළුවට දාලා බුදු දහමින් ඈත් කරන්න ඔය මාක්ස්වාදය ගැන කතා කරන හිස් මිනිසුන්ට පුළුවන් වුණානම් අනිත් සාමාන්‍ය යෙන්ම මිනිසුන් ගැන කවර කතාද ? මැදිවියට පත්වුණු පසු සෑම දෙනෙක්ම පාහේ සත්‍ය තේරුම් ගත්තත් අපේ රටේ නිදහසින් පස්සේ බිහිවුණු තරුණයන්ගෙන් වැඩි ප්‍රමාණයක් වටිනා තරුණ කාලය බුදු දහමින් ඈත් කරලා සමාජවාදය ඔලුවට දාලා බුදු දහමට , අපේ සංස්කෘතියට හා රටේ ආර්ථිකයට කොතරම් විනාශ කරන්න ඇත්ද. ඒ විදියට බැලුවහම අපේ රට මේ විඳින කරදර සියල්ලටම වැඩිම දායකත්වයක් දක්වල තියෙන්නේ ඔය සමාජවාදී හැතීකරේ. අනෙක් දේශපාලන පක්ෂ යා කරපු වැරදි සේරම එකතු කරත් මුන් කරපු විනාශයට අලගු තියන්නත් මදි