
( සිතුම් චතුරංග)
උතුරු පළාතේ සංචාරයක නිරත නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අතර හමුවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී යුද්ධයෙන් පසු උතුරු පළාතේ සංවර්ධනය පිළිබදව සහ යළි පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය හා ජනතාවගේ පවුල්වල ජීවන තත්ත්වයන් නගා සිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් සහ පරිසර තත්වයන් පිළිබඳව සාකච්ඡා කෙරිණ.
එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය යාපනය මණ්ඩතිව් හි කඩොලාන පරිසර පද්දතිය පිළිබඳ සොයාබැලීම සහ එහි කඩොලාන බෝකිරීම් සම්බන්ධයෙන් සොයාබැලීමට නිරීක්ෂණ චාරිකාවකද නිරත වූහ. එරික් සෝල්හයිම් මහතා විසින් නැවත පදිංචිකළ ජනතාවගේ ඉඩම් සංවර්ධනය , පරිසර සහ ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සොයාබැලිමද සිදුවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පරණ යාලුවෝ නැවත එකතු වෙලා
චන්දයක් ලං වෙනකොට මේ හාදයා එන්න එක හොඳ නැහැ. එකත් ඔහු යාපනයට ගිහින් ඉන්නේ. මෙයා ලංකාවට ආවොත් මොනවා හරි විස බීජයට තමයි එන්නේ. ඔහු විසින් ලියපු පොත් එකේ මිනීමරු ප්‍රභාකරන්ව වර්නනාකරලා, ඔසවල ලියල තිබුනා. මෙයා එදා උපරිම උත්සාහ කළා රට දෙකට කඩන්න.
ඔය ගැහැණිය තමයි පොඩි චන්දය කල් දාන්න රනිල්ට උදව් කලේ.දැඩි දඬුවම් දෙන්න ඕනේ අලුත් NPP ආණ්ඩුව ආවම
මෙයා දන්නවා රට බෙදන්න හොදම කාලේ රනිල්ගේ කාලේ කියලා...
දේශගුණය කියාගෙන අලුත් ගේමකට සූදානම් වෙන්නෙ . කල්පනාවෙන්.
ඡන්දෙට කලින් ගුලියක් අඹරලා දෙන්න කියලාද යැව්වේ? මේ වතාවෙත් හදන්නේ නිදාගෙන ඉන්න කොටි එකතු කරලා තවත් යුද්ධයක් අවුලලා යන්නද?
හොර කල්ලියක් විසින් මාරුවෙන් මාරුවට පාලනය කරන මේ රට බේරාදෙන්න සෝල්හයිම් මහත්තයෝ....පුළුවන් නම්, උතුරු පළාත වත් දෙමල ජනතාවට හිමිකරදී එහි පරිසරය ආරක්ෂා කරලා එම පළාත දියුණු කරන්න උදව් කරන්න... ප්රභාකරන් කවදාවත් පරිසර හානියක් සිදුකලේ නැහැ.... එත්, සිංහල හොර තක්කඩියන් කඩොලාන විනාශ කළා....මුස්ලිම් මන්ත්‍රී වරයෙකුගේ නම ඉස්සරහට දාලා ඔහුව විවේචනය කරමින්, සිංහල තක්කඩි තමයි කැලා කපලා හෝටල් හදාගෙන තියෙන්නේ...
කඩොලාන වවනවා ඉස්සරහට එන ප්රභාකරන්ලාටත් හැංගෙන්න කඩොලාන වවනවාද?
ජාත්‍යන්තර කාලගුණ විපර්යාස උපදේශක උතුරේ යන්නේ මොනවටද ?අපේ රටේ කාලගුණ විපර්යාස පිලිබඳ විශේෂඥයෝ ඕනේ තරම් ඉන්නවා .මොනවටද Erik Solhyme ව පත්කර ගත්තේ ?මේ හාදයා රටවල් බෙදන්න දඟලන කොට්න්ට කඩේ ගියපු හාදයෙක්.අපේ ලොක්කාවත් ජාත්‍යන්තර කියපුවාම අසූචි උනත් කමක් නැහැනේ
හපෝ ආයිත් ලංකාවට රින්ගලාද.ආයිත් යාපනේ අහිංසක මිනිස්සු අවුස්සන්න ඇවිල්ලා/ප්රභාකරන්ට උඩ ගෙඩි දීලා ,කත් ඇද්ද මිනිහෙක් .උඩින් පේණ හොඳ මූන නෙමෙයි ඇතුලේ තියෙන්නේ .යාලුවා වගේම තමයි .හැබැයි ඉතින් දැන් ජනතාව මේගොල්ලා කරන කියන කරන ඒවා තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ .කට්ටියම ගෙදර යන ගමන්
මේපාර මොකාට එන්න හදනවද මන්දා ?
රනිල් බලයේ ඉන්න තුරු සෝල්හයිම් කාරයත් මේ රටේ බ්‍රමණය වෙනවා...