
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අම්පාරේ දී පැවසීය.
නිරෝගී පුද්ගලයකු ලෙස ලංකාවෙන් පිටත්වූ තමන්, ජපානයට යනවිට රෝගියකු වූ බවත්, වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වූයේ රසායනිකයක් ශරීර ගතවී ඇති බව යයි ද, පැවසූ රොෂාන් රණසිංහ මහතා, දූෂණ හා වංචා හෙළිකරනවාට බියවූ එක්තරා බලගතු පිරිසක් මේ පිටුපස සිටින බවට සැකයක් මතුව ඇතිබව ද, සදහන් කලේය.
ඉදිරියේ දී ද දූෂණයට හා වංචාවට එරෙහිව නොබියව සටන් වදින බව පැවසූ ඒ මහතා, තම පක්ෂයේ මූලික ප්‍රතිපත්තිය වන්නේ දූෂණය හා වංචාව තුරන්කිරීම බව ද, ප්‍රකාශ කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස දීලා මරන්න නම් ඒ මනුස්සයගෙ වටිනාකමක් තියෙන්න ඕන.
ඔය කියන දූෂණ දැන් පේන්නයි, ඒ කාලේ නොපෙනෙන්නයි , මෙහෙම ලෙඩ දොස්තරලා ට හොයන්න අමාරුයි.තවම ලෙඩේට බෙහෙත ලැබී නැත. වස්තියක් වත් කරලා බැලුවොත් හොඳයි. සර්වාංගෙම තිබෙන විෂ පිට වෙලා යාවි.
ඔයාගේ කෙරුවාවත් ජනතාව නොදන්නවා නෙවෙයිනේ! කොහොම උනත් ඔයාටත් තියෙන්නේ කාලෙන් කාලෙට ෆයිල් මිටියක් අරගෙන පොඩි ප්‍රෙස් එකක් තියල රගපාන්න විතරයි. හැබැයි දායක සභාවක් හදාගන්නත් ඕන ඒවා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව උස්සගෙන දුවන. අනුර කුමාර ගෙන් ඉගෙන ගන්නකො හිටපු ඇමති තුමා!
කොහෙන් හිනා වෙන්නද මන්දා මේවාට
දුෂණ වලට විරුද්ධව කතා කළ මෙයාට වස දුන්නා නම් ඔයත් එක්ක හොරකමට එරෙහිව දිවට දිව ගාගෙන උන්න කැප්ටන් කූල් අර තලවකැලේ වේදීකාවට නැග්ගේ එයාට අමෘතය.දීලා වෙන්න ඇති.මේ පෙන්වන්නේ වගේම මේ කියවන්නෙත් හිස් වචන සහ හිස් ක්‍රියා පමණයි. ඔයත් දැන් යන්න ඕන පැත්තක් හොයාගන්න.
තලගොයි මරන්න කාටවත් ඕනේ නෑ, ඔබතුමා තනියම ජනාධිපතිවරණයට ඉල්ලන්න, ලංකාවෙන්ම ඡන්ද විසිදහක් විතර හම්බුවෙයි
ඕක ඔය ගමේ ලෙඩක් පේන්නේ නැද්ද හිටන් කට ඇරියොත් අදෝනාවක්ම තමයි
මේවා මේ මිනිස්සුන්ගේ වැරදි නෙමෙයි. රටේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. ඉගෙනීමක් හරියට කර ගත්තෙත් නෑ. ව්‍යාපාරික හෝ වෙනයම් දැනුමකුත් නෑ. පොඩි කාලේ ඉදන් ගැරහුම් ලබලා ඒකෙන් අයින් වෙන්න තමන් වැදගත් කෙනෙක්ය යන හැගීම ජනිත කරවනු පිණිස දේශපාලනය කරනවා. එයින් පස්සේ, ඒකත් නානවා. ඊටත් පස්සේ කුමක් කරන්නද! රට ඒකට පලි ද? වගකීම් රහිත බුද්ධියෙන් අඩු මේ වගේ අයට ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් හෝ කරන්න උපදෙස් දෙනු විනා, රටේ පාලනයට නීති සැකසුමට නුසුදුසු බව තමයි කියන්නට තිබෙන්නේ. පෞරුෂයක් නෑ. හරි හමන් අවබෝධයක් නෑ. අධික මානය සහ හීන මානය ඉහ වහා ගිහින්. සංසාරෙත් බෝ දුරයි මෙහෙම චරිත වලට. පවු ඉතින්. සත්‍ය කිව්වාම දුකයි. ඒත් සත්‍ය සත්‍යමයි. ඒ නිසා ඔය පුද්ගලයා දේශපාලනය නවත්වලා සුදුසු කටයුත්තක යෙදෙන්න. දේශපාලනය හැමෝටම කරන්න බෑ.
ඒ.ජේ. රණසිංහ ට වඩා ඡන්ද ගන්න පුළුවන්