IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘‘දූෂණ හෙළි කරනවාට බයේ මට වස දුන්නා‘‘

(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අම්පාරේ දී පැවසීය.

නිරෝගී පුද්ගලයකු ලෙස ලංකාවෙන් පිටත්වූ තමන්, ජපානයට යනවිට රෝගියකු වූ බවත්, වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වූයේ රසායනිකයක් ශරීර ගතවී ඇති බව යයි ද, පැවසූ රොෂාන් රණසිංහ මහතා, දූෂණ හා වංචා හෙළිකරනවාට බියවූ එක්තරා බලගතු පිරිසක් මේ පිටුපස සිටින බවට සැකයක් මතුව ඇතිබව ද, සදහන් කලේය.

ඉදිරියේ දී ද දූෂණයට හා වංචාවට එරෙහිව නොබියව සටන් වදින බව පැවසූ ඒ මහතා, තම පක්ෂයේ මූලික ප්‍රතිපත්තිය වන්නේ දූෂණය හා වංචාව තුරන්කිරීම බව ද, ප්‍රකාශ කලේය.

 



අදහස් (9)

‘‘දූෂණ හෙළි කරනවාට බයේ මට වස දුන්නා‘‘

නිහාල් Thursday, 02 May 2024 12:52 PM

වස දීලා මරන්න නම් ඒ මනුස්සයගෙ වටිනාකමක් තියෙන්න ඕන.

:       7       32

සාලිය Thursday, 02 May 2024 12:52 PM

ඔය කියන දූෂණ දැන් පේන්නයි, ඒ කාලේ නොපෙනෙන්නයි , මෙහෙම ලෙඩ දොස්තරලා ට හොයන්න අමාරුයි.තවම ලෙඩේට බෙහෙත ලැබී නැත​. වස්තියක් වත් කරලා බැලුවොත් හොඳයි. සර්වාංගෙම තිබෙන විෂ පිට වෙලා යාවි.

:       6       26

මැක්ස් Thursday, 02 May 2024 01:12 PM

ඔයාගේ කෙරුවාවත් ජනතාව නොදන්නවා නෙවෙයිනේ! කොහොම උනත් ඔයාටත් තියෙන්නේ කාලෙන් කාලෙට ෆයිල් මිටියක් අරගෙන පොඩි ප්‍රෙස් එකක් තියල රගපාන්න විතරයි. හැබැයි දායක සභාවක් හදාගන්නත් ඕන ඒවා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව උස්සගෙන දුවන. අනුර කුමාර ගෙන් ඉගෙන ගන්නකො හිටපු ඇමති තුමා!

:       16       25

Arun Thursday, 02 May 2024 01:12 PM

කොහෙන් හිනා වෙන්නද මන්දා මේවාට

:       6       23

මහසෙන් Thursday, 02 May 2024 02:14 PM

දුෂණ වලට විරුද්ධව කතා කළ මෙයාට වස දුන්නා නම් ඔයත් එක්ක හොරකමට එරෙහිව දිවට දිව ගාගෙන උන්න කැප්ටන් කූල් අර තලවකැලේ වේදීකාවට නැග්ගේ එයාට අමෘතය.දීලා වෙන්න ඇති.මේ පෙන්වන්නේ වගේම මේ කියවන්නෙත් හිස් වචන සහ හිස් ක්‍රියා පමණයි. ඔයත් දැන් යන්න ඕන පැත්තක් හොයාගන්න.

:       1       24

Rawana Thursday, 02 May 2024 02:53 PM

තලගොයි මරන්න කාටවත් ඕනේ නෑ, ඔබතුමා තනියම ජනාධිපතිවරණයට ඉල්ලන්න, ලංකාවෙන්ම ඡන්ද විසිදහක් විතර හම්බුවෙයි

:       6       25

Prabha Thursday, 02 May 2024 04:05 PM

ඕක ඔය ගමේ ලෙඩක් පේන්නේ නැද්ද හිටන් කට ඇරියොත් අදෝනාවක්ම තමයි

:       0       1

kumara Thursday, 02 May 2024 05:04 PM

මේවා මේ මිනිස්සුන්ගේ වැරදි නෙමෙයි. රටේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. ඉගෙනීමක් හරියට කර ගත්තෙත් නෑ. ව්‍යාපාරික හෝ වෙනයම් දැනුමකුත් නෑ. පොඩි කාලේ ඉදන් ගැරහුම් ලබලා ඒකෙන් අයින් වෙන්න තමන් වැදගත් කෙනෙක්ය යන හැගීම ජනිත කරවනු පිණිස දේශපාලනය කරනවා. එයින් පස්සේ, ඒකත් නානවා. ඊටත් පස්සේ කුමක් කරන්නද! රට ඒකට පලි ද? වගකීම් රහිත බුද්ධියෙන් අඩු මේ වගේ අයට ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් හෝ කරන්න උපදෙස් දෙනු විනා, රටේ පාලනයට නීති සැකසුමට නුසුදුසු බව තමයි කියන්නට තිබෙන්නේ. පෞරුෂයක් නෑ. හරි හමන් අවබෝධයක් නෑ. අධික මානය සහ හීන මානය ඉහ වහා ගිහින්. සංසාරෙත් බෝ දුරයි මෙහෙම චරිත වලට. පවු ඉතින්. සත්‍ය කිව්වාම දුකයි. ඒත් සත්‍ය සත්‍යමයි. ඒ නිසා ඔය පුද්ගලයා දේශපාලනය නවත්වලා සුදුසු කටයුත්තක යෙදෙන්න. දේශපාලනය හැමෝටම කරන්න බෑ.

:       0       0

Nihal Thursday, 02 May 2024 09:01 PM

ඒ.ජේ. රණසිංහ ට වඩා ඡන්ද ගන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17973 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site