
(යොහාන් භාසුර)
එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගමනක් යෑමට අත්වැල් බැඳගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) පැවසීය.
බොරැල්ල, කැම්බල් පිටියේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින රැළියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.
මෙම මැයි රැළියත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වීමට හැකි වූ බවත් රටේ හතර වටෙන් කැම්බල් පිටිය එකතු වී සිටින ජනතාව ප්‍රදර්ශනය කරන්නේ තලන පෙළන පොදුජන පෙරමුණ තව තවත් මුවහත් වන බවත් රාජපක්‍ෂ මහතා කීය.
තමන් ඇතුළු කණ්ඩායම හොරු යැයි පවසමින් මඩ ගහසා බොරු කර රටේ අනාගතය නැති කිරීමට දෙස් විදෙස් බලවේග රාශියක් ක්‍රියාත්මක වූවද රටෙත් ජනතාවගේ අභිලාශ වෙනුවෙන් එම සියලුම අභියෝග ජයගත් බවත් ඇතැම් පක්‍ෂ කම්කරු ජනතාව හැමදාම සටන් බිමේ ඉත්තන් හැටියට තබාගැනීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම පිරිසට කමිකරු ජනතාවගේ දරුවන්ගේ අනාගතය හදන්න කිසිඳු අදහසක් නොමැති බව කී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් කම්කරු අමාත්‍යවරයා ලෙස කම්කරුවන් වෙනුවෙන් සුබසාධන ආරම්භ කර සියයට 100 ක්ම ඔවුන් සමඟ සිටි බව ද සඳහන් කළේය. උසනම් සිකියුරිටි, මිටිනම් කම්කරු යැයි තෝරණ තවත් කණ්ඩායමක් සිටින බවත් ඇත්තටම එහෙම කර අද වැනි දිනක මයික් එකට ඇවිත් ආදරණිය සහ සදාදරණිය කම්කරු ජනතවා යැයි ආමන්ත්‍රණය කරන බවත් ඔහු පැවසීය.
ඊළඟ ජනාධිපතිවරණෙයෙන් පසුව මේ රට ගමන් කරන්නෛ් කොතනටද යන තීන්දුව පිළිබඳව අද සිට ජනතවා දැනුවත් කිරීම ආරම්භ කරන බවත් ඉතිහාසයේ වැඩියෙම් වැරදි කරපු මේ රටේ අනාගත නැති කළ මිනිසුන්ගෙන් අපහාස විදගෙන ඔවුන්ගේ ඔඩොක්කුවට නොවැටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්‍ෂ මහතා කීය.


COMMENTS
අනේ මන්දා මගෙ කට !! මයිනගෙ පො-හොටු ආසිරි වාදය නිසාද, 69 ලක්ෂ ගණනක් ඡන්ද ලැබු ගොඨාභය රාජපක්ෂට මහ රෑ පස්ස දොරින් රටින් පැනලා යන්න පාර හදලා දුන්නේ ??? මෙයා තමයි ආසරි-වද දෙන නියම මෑන්...
මොන පක්ෂෙන්, පාටින් ආවත්, ඡන්දය දෙන්නෙ රටේ ඡන්ද හිමි ජනතාව. මොන ආශිර්වාදය අරන් ආවත්, රට කාපු හොරුන්ට, තක්කඩින්ට නම් ඇපත් නෑ. හැබැයි දිනන්න බැරි වුනත් ඡන්ද ටිකක් හම්බ වෙයි, මොකද සිරි ලංකාවේ තාමත් බත් කන හරක් යම්කිසි ප්‍රමාණයක් ඉන්න නිසා !!!
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත බලලෝබි බඩගෝස්තරවාදි නායකයා .ආසියාවේ ආශ්චර්යය පෙන්වන්ඩ ඇවිත් අන්තිමට වෙච්ච් දේ නැහැ වගේ?
ජනපති වෙන්නේ ජනතාවගේ ආශිර්වාදය තියන පුද්ගලයා මිසක් පොහොට්ටු ආශිර්වාදයක් නෙමේ
පුත් කුමාරයාට ඔටුන්න දාගන්න පින නැතිවෙයිද ?
පුදුම හරක් ගොඩක් නේ ඉන්නේ
නැතුව බැහැනේ... මහ භාණ්ඩාගාරයට සල්ලි ඔක්කොම තියෙන්නේ මේ ගොල්ලන්ගේ එක්කෙනකුත් එක්කනේ?
තාම ජනතාව හරක් කියලා හිතාගෙන වගේ.. ජනපති වෙන්න ඔහෙලාගේ ආශිර්වාස වැඩක් නෑ. රටේ ජනතාවගේ ආශිර්වාදය තමා ඕන
පව් නේද මේ මනුස්සයෝ ටික , එක සැරයක් කොළඹ එක්කන් ඇවිල්ල බෙරේ වැවෙත් නෑවුව නේද
රැල්ලට පොහොට්ටුවට ඡන්දය දුන් වැඩි පිරිසක් දැන් මාලිමාවට එකතු වී ඇත. වෙනසක් වීමට ඇති ඉඩ කඩ අඩුය.
රාජපක්ෂලාගේ අවසන් යුගය තමයි මේ ගෙවමින් ඉන්නේ. නැවත බලය ලබාගැනීමට කිසිදු ඉඩක් නොමැත.
මහින්ද රාජපක්ෂ අසාන රැළිය වේවා... රටට යහපතක්ම වේවා...
අනිවාර්යයෙන්ම ,වැටුණු රට ගොඩ ගන්න පුළුවන් පොහොට්ටුවට විතරයි
ලංකාවේ බයියෝ නම් කියලා වැඩක් නෑ .මෙච්චර වෙලත් තාම වහල් කමින් මිදිලා නෑනේ
සුනාමියෙන් හොරාකාපු එකා හිර ගෙදරට නොයවා රජගෙදරට යවපු එකේ ප්‍රතිපල .තමුන් ඇතුළු කණ්ඩායම පට්ට හොර දූෂිතයෝ කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ලෝකෙම දන්නවා .
පොහොට්ටුවේ ආශිර්වාදය මොන කෙහෙල්මලකටද නිකං පිස්සු කියන්න එපා ලොක්කා. ලංකාවේ අබමල් රේණුවක තරමින් මොළයක් තියෙන පවුල් වාදයට කත් නොඅදින රට ගැන හිතන ඡන්ද දායකයින් හිටියොත් පොහොට්ටුවට මොකෑ වුනේ කියලා සොයාගන්න බැරිවේවි
දැන්නම් කොන්ඩේ ටිකක් සුදු වෙලා. කටත් බාගෙට ඇරිලා ඇවිත් ඉන්න කට්ටිය. වට පිට සේරම රතුපාටින් බැබලෙනවා.. ඔයාගේ ආශිර්වාදය කපුවට කියලා රනිල්ට දෙන්න. මේදා සැරේ සාස්තර කියන්නේ කව්ද? කලු කොඩිවලින් සරසන්න කිව්වේ නැත්ද?
අනේ මේ වාඩිවෙන්න ආයෙත් හැංගෙන්න තැනක් කට්ටියම හොයා ගත්තොත් හොඳයි