(ජේ.ඒ.එල් ජයසිංහ)
මැණික්හින්න රෝහලට හදීසි රෝග තත්ත්වකයට ප්‍රතිකාර ලබාගැනීමට පසුගිය 28 වැනිදා සවස පැමිණි රෝගියෙකුට සහ ඔහු සමග පැමිණි පාර්ශවයේ පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මැණික්හින්න පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් එම රෝහලේ වෛද්‍යවරයා, තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී.ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළාය.
ඇප මත මුදාහරින ලද සැකකාර වෛද්‍යවරයාට මැයි මස 8 වන දින යලිත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද විනිසුරුවරිය නියෝග කළාය.
මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. චන්දුපාල මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මැණික්හින්න පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප දෙන්න දෙයක් නැනෙ. රාජ්‍යසේවයේ ආයතන සංග්‍රහයට අනූව රාජකාරී වේලාව තුල මත්ද්‍රව්‍ය භාවිතා කර සිටීමේ වරදට වැඩ තහනමට ලක් විය යුතුය. නීතිය සැමට සමාන විය යුතුය