
(කේ බුද්ධික කුමාරසිරි)
කොළඹට නුදුරු සරසවියක සිසු සිසුන් පිරිසක් හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැත්වූ සාදයක් අතරතුරදී ඇතිවූ බහින්බස් වීමක් දුර දිග ගොස් ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියක ඇතුළු දොළොස් දෙනා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් තිස් දහස බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.
සරසවියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් සහ ආදි සිසුන් පිරිසක් මෙම සාදය පවත්වා ඇති අතර එහිදී සිසුන් දෙපිරිස අතර ඇතිවූ බහින්බස්වීමක් සමථයකට පත් කිරීමට ගිය හෝටල් සේවකයන් කිහිප දෙනෙට ද එම සරසවි සිසුන් පහරදී ඇතැයිද පොලිසිය මෙහිදී අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලදී.
ගැටුම අතරතුරදී සරසවි සිසුවකු පැදවූ වෑන් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ එම හෝටල් සේවකයෙ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත බවත් ගැටුමෙන් හෝටලයේ තිබූ දේපළ රැසකට හානි සිදුවී ඇති බවත් මෙහිදී කරුණු අනාවරණය විය.
අදාළ හෝටලය තුළ දෙපිරිසක් ගුටිබැට හුවමාරුවක නිරත වන බවට පොලිස් හදිසියේ ඇමතුම් මංකයට අද තොරතුරක් මත හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන සිද්ධිය සමතයකට පත්කර ඇත.
මෙලෙස ඇප මත මුදාහන ලද්දේ පිළියන්දල රාගම මැදවච්චිය මැදිරිගිරිය මාතර කැකුණවෙල කොස්ගම ආදී ප්‍රදේශවල පදිංචි සෞරසවි සිසුන් දොළොස් දෙනෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විශ්ව විද්‍යාලයට ගියත් ගොඩය, ගොඩයම තමා .... මුලින්ම ආකල්ප වෙනස් වෙලා ඉන්න ඕනෑ..
සරවියේ නම කියන්නෙ නැත්තෙ පුද්ගලික සරසවියක් වෙන්න ඇති
කොළඹට නුදුරු කියනවා හෝමාගම ප්‍රදේශයේ හෝටලයක් කියනවා තුවාල කරුවන් හෝමාගම රෝහලට ගෙනාවා කියනවා විශ්ව විද්‍යාලයේ නම කියන්නෙ නැහැ රටේ පමණක් නොවෙයි ලෝකයේ ජනතාව විශ්ව විද්‍යාලයේ නම දන්නවා එහෙම නම් විශ්ව විද්‍යාලයේ නම හංගන්නෙ මොකටද