
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්නේ නෑ. එලඹෙන වසරේ මැයි දින රැලිය මේ රටේ පවත්වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට යටතේයි.” යයි ජාතික ජන බලවේගයේ මැයි දින මාතර රැලියේ දී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් මෙම මැයි දින රැලිය අද (01) සවස මාතර මුහුදු වෙරල තීරයේ දී පැවැත්විණි.
මාතර රාහුල මංසන්ධියෙන් මැයි දින පෙළපාලිය ආරම්භ කළ අතර ඒ සදහා මාතර,ගාල්ල,හම්බන්තොට, අම්පාර, බදුල්ල, මොනරාගල හා රත්නපුරය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාක්ෂිකයන් සහභාගී වූහ.
මැයි දින රැලිය දී වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.
“ලක්ෂයකට අධික ජනකායක් අද මේ මැයි දින රැලියට සහභාගී වන්න මාතරට පැමිණ සිටිනවා. කොළඹ, අනුරාධපුර, යාපනය අපේ අනෙක් මැයි රැලි තුනෙන් මේ වගේම තමයි. ජනතාව අද එක බලාපොරොත්තුවකින් එක අරමුණකින් එක අපේක්ෂාවකින් අපේ මේ මැයි රැලි වලට පැමිණ සිටිනවා.
මේ රට යන විනාශයෙන් මුදා ගැනීම ඔවුන්ගේ අරමුණයි.දරුවන්ට වඩා හොද අනාගතයක් උදා කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.මේ රටට වඩා හොද යුගයක් උදා වනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙතනට ආපු පිරිසට වඩා වැඩි පිරිසක් එලියේ ඉදන් අපි දිහා බලා ගෙන ඉන්නවා. විදෙස්ගතව ශ්‍රී ලාංකීකයින් අපි දිහා බලා ගෙන ඉන්නවා. අපිට ආදරය කරන ඒ අය අපි දිහා බලාගෙන ඉන්නවා වගේම අපිට විරුද්ධ බලවේගත් අපි දිහා මේ වෙලාවේ වැඩිපුරම බලා ගෙන ඉන්නවා.

COMMENTS
රට විනාශලු, මිනිස්සු හිඟන්නෝ වෙලාලු. පක්ෂ වලට කෝටි ගණන් ධනය ඇත. ප්‍රචාරණයට කෙරෙන වියදම හිතන්නටත් බැරිය. මෙය පුදුම පරස්පරතාවක්. සමහර නායකයෝ ජනතාව හිඟන තත්වයේ යැයි ප්‍රචාරණය කරමින් තම ඇඳුම් පැළඳුම්, විදේශ සංචාර, ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් සඳහා විශාල පිරිවැයක් දරයි. මේ කියන දේ හා කරන දේ කොතෙක් ගැලපේ ද?
මේ ඉන්නේ සෙනඟ
අපේ අනාගත ශ්‍රී ලංකික දරු පරපුරට වාසනාවන්ත රටක් උදාකරදීම සඳහා ඔබ විසින් කරන ලද උදාරතර කැපකිරීමට ජාතියේ ඉහලම ප්‍රණාමය ජාතික ජනබලවේගයට හිමිවේවා !!!
ට්‍රාන්ස්පෝපෝමර් පුපුරවල බස් ගිනිතියල මිනී මරල බොරු වර්ජන රැලි හදල, මනිස්සුන්ට බොරු කියල ඔහේල රටට කරපු හානිය හොදටම ඇති. ආයෙත් එන්නෙ කැලෑ නීතිය ගේන්නද අර ලාල් කාන්ත කිියනවා වගේ.
ජයවේවා. මගේ ඡන්දේ ඔබේ පක්ෂයට
කලකට පෙර ලංකාවෙ රසවාහිණී කියලා සගරාවක් පලවුනා සමහර දෙනෙකුට මතක ඇති ඉන්දියාවේ සත්‍ය සායි බාබා කියලා පූජකවරයකු හිටියා ඉතින් ලංකාවෙ බොහොමයක් පිරිස් එතුමා ඇදහීම කලා ඒ වෙනුවෙන් ඉංදියාවට ගොස් එතුමා හමුවෙලා තියෙනවා එතුමා බොහෝ උපදේශාත්මක කතා කියලා ජනතාව යහමගට ගැනීමට කටයුතු කලා ඉතින් මම මුලින්ම කියූ සගරාවක එතුමාගේ උපදේශාත්මක කතාවකින් කියනවා එක රටක දරුණුම හොරෙක් හිටියා කියලා ඒ හොරා මර්දනය කරන්න රජතුමා අපොහොසත් වුනාම රජතුමා හොරාට රජයේ වගකිවයුතු රැකියාවක් දුන්නලු ඉතින් එදා සිට එම හොරාට හොරකම් කරන්න ඔහුට විරුද්ධව සිටි මිනිස්සු මරන්න වෙලාවක් නැතිවුණා එනිසා එදා සිට මිනිහා යහපත් කෙනෙක් වුනාලු මම කියන්නෙ හැට ගණන් වල සගරාවක තිබුන කතාවක් .ඒක බලන්න අවශ්‍ය කෙනෙකුට ජාතික ලේඛණාරක්ෂක දදෙපාර්තමේන්තුවෙන් පුළුවන් වේවි නුවනැත්තෝ සිතත්වා
ආ ඇත්තද? එතකොට 89දි රටට කරපු විනාසය? අද හමුදාවෙ විශ්‍රාම ගිය මිනිස්සු ලංකරගෙන.ඒත් එදා හමුදවේ පවුල් මැරුවා.අද ගොවිය රජකරන්න කියවන්නෙ 89දි ගොවිජන මධ්‍යස්ථාන ගිනිතියල.ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියල,බස් පුච්චල, මිනිස්සු මරල එ මිනිය දනිස්සෙන් පහල එල්ලගෙන යායුතු බවට නීතියක් දැම්මා.මේවා මතකද?
ඔබලා රටට දිනවන්න කටයුතු කරමු
උඹල රට විනාශ නොකර හිටියා නම් ඇති.. ඒක තමයි රට බේරගන්න තියෙන හොඳම ක්‍රමය.. පිං සිද්ධ වෙයි දැන්වත් මේ රටට ගොඩ යන්න දියබල්ලා. රනිල් ලස්සනට වැඩේ කරගෙන යනවා. කයිය ගැහුවම රට හැදෙනව නම් බැරියැ..
මාලිමාවට ජය වේවා
රට විනාශලු, මිනිස්සු හිඟන්නෝ වෙලාලු. පක්ෂ වලට කෝටි ගණන් ධනය ඇත. ප්‍රඡාරණයට කෙරෙන වියදම හිතන්නටත් බැරිය. මේ කියන දේ හා කරන දේ කොතෙක් ගැලපේ ද?
මාරුවෙන් මාරුවට හොරා කලා රට හපයක් බවට පත් කල නිල් කොල දේශපාලනයට තිත තියලා රට ගොඩ නගන්න, හොරුන්ට දඩුවම් කරන්න සහ රටතුල නීතියේ ආධිපත්‍යය පිහිටුවලා, සමාජ දේශපාලන හා ආර්ථික වශයෙන් රට ලෝකය තුල ඉහලට ඔසවා තබන්න හැකි වෙන්නේ ජාතික ජනබල වේගයට පමණය.
ජේවීපී කියලා එකක් හැට නවයේදී බිහි නොවන්න වෙනත් රටවලින් අපේ රටට උසස් අධ්‍යාපනයට සෞඛ්‍යට වෙනත් රටවලින් එන, සිංගප්පූරුවට වඩා උඩින් තියෙන ව සංවර්ධිත රටක් බවට පත් වෙන්නට ඉඩ තිබුණා
මේ සැරේ ජෙප්පො රට හදනවා ඒක හොදටම විස්වාසයි
අපි මිලිමාවට
උමා ඔයේ හිල, හම්බන්තොට වරායේ ගල, හයි වේ හදන්නේ ඇඹුල් තියල් ගෙනෙන්න, පෝට් සිටියෙන් පස්සේ ලංකාවේ ගල් ඉවරයි, උගන්ඩාවේ ඩොලර්, කුමාර් ගුණරත්නම් මං නොදනී, ලම්බෝගිනි 18, රත්තරන් අශ්වයා, ඩුබායි මෙරියට් හෝටලය, සිරී පාදේ ගන්ටාරේ වැනි සහගහන බේගල් ඇද බා, කොම්පනිවලින් කප්පම් ගත්, වැසිකිලි ඇතුලේ කප්පම් මුදල් ගත්, රිජීම් චේන්ජ් වෙනුවෙන් ඇමරිකාවෙන් දුන් මුදල් ගත්, රටේ විනාසයම තවමත් ප්රාතනා කරන, විශ්ව විද්‍යාල වධකාගාර බවට පත් කළ, කාලයෙන් කාලයට විවිධ දේශපාලන පක්ෂවලට කඩේ ගිය සහ තවමත් යන, සිංහල බොදු විරෝධී කය්යනායකවරු කල්ලියක් රට විනාසයෙන් මුදවා ගන්නවා වැනි විහිළුවක් තවත් තිබේද??
දැන් ලපයලා දිනල ඉවරයි....චන්ද ප්‍රතිපල ආවාම 7% යි. ඕක තමයි ප්‍රතිපලය
ස්වීඩනේ ගිහින් ඇවිත් මහන්සිය නිවා ගන්නවත් වෙලාවක් තිබුනේ නෑ නේද? ආහ් මහන්සි නැතුවත් ඇති ව්‍යාපාරික පන්තියේ ආසනේකනේ ගියේ. කෑවේ බිව්වේ අදි සුඛෝපභෝගී විදියටනේ. ඉතින් කොහේද මහන්සියක්. හැබෑටම ඩොලර් කීයක් හොයාගෙන ආවද? දැනට පක්ෂ අරමුදලේ බිලියන කීයක් තියෙනවද? බැරිද එයින් සොච්චමක් ඔය කන්න නැතුව බොන්න නැතුව අඳින්න නැතුව ඇවිල්ලා රස්තියාදු වෙන සාමාජිකයන්ට බෙදලා දෙන්න. ඒවා අපි හොයාගත්තුවා උඹලට එව්වා දෙන්නේ නෑ ඒවා අපේ සහ අපේ පවුල්වල සුබසාධනයට පමණයි නොකියා ඔය අසරණ මිනිස්සුන්ටත් කීයක් හරි දෙන්නකෝ සහෝදරවරුණී.
ඔයාලට මේ රට සැබෑවටම විනාශයෙන් මුදවා ගන්න උවමනාවක් තියෙනවා නම් කරන්න තියෙන එකම දේ ගෙදරට වෙලා ඉන්න එකයි මොකද 1965 ඉඳන් ඔයාලා තමයි මේ රටට ලොකුම විනාශය කරපු කට්ටිය.
රටවල් දියුණු වුනේ කොමියුනිස්ට් වෙලා නොවෙයි. ලෝකේ රටවල් 195 කොමිනිස් රටවල් තිබෙන්නේ 5 යි. කොමිනිස් ක්‍රමය ලෝකෙට දීපු රුසියාවේත් අද කොමිනිස් ක්‍රමය නැහැ. මේ රට තවත් Cuba වක් කරන්න එපා. රට ජෙප්පන්ට ගියොත් ආපහු ගන්න බැහැ.
ලංකාවේ වහල්ලු ඉන්නකල් රට ගොඩ ගන්න බෑ
මේ කලිසම ගහලා ඉන්නේ අර ධනපති මැඩම් නේද?පේනවා නේද ම,ඒ මේ මැඩම් ගේ ධනපති භාවය .කොන්ඩේ පොල්තෙල් දැම්මට කපලා ඉන්න ධනවාදී මැඩම් මේ අය එක්ක කොහෙද අනේ සමාජවාදී ගමනක් .ගෑනු ඔක්කොම කිව්වට ඉන්නේ එක්කෙනයි .පේනවද තරම.මේ මැඩම්ට සහෝදරි කියන්න කවුරුත්ම නැහැ