
(පුෂ්පකුමාර මල්ලවආරච්ච)
අයිස් පානය කිරීමට ඇබ්බැහි ව සිටින බව කියන කටුනායක සිදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 250 ක් සමග දූනාගහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය කියයි.
බඩල්ගම පොලිසියේ නිලධාරි පිරිසක් ගොඩිගමුව ප්‍රදේශයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටිය දී පරීක්ෂාවට ලක් කළ තීරෝද රථයක සිටි පුද්ගලයකු අත තිබී කුඩු පැකට්ටුවක් හමු වී ඇත .
මෙසේ කුඩු පැකට්ටුවක් සතුව තිබූ සැකකරු මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදෙන උක්කුවා නැමැති පුද්ගලයකු බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඔහුට එරෙහිව අධිකරණ වරෙන්තු කිහිපයක් ඇති බවද හෙළි වී ඇත .
අනතුරුව සැකකරුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ඔහුට හෙරොයින් පැකට්ටුව ලබා දුන් පුද්ගලයා ගොඩිගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි වී ඇත.
එම සැකකරුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු අනුව පොලිසියේ මැදිහත්වීම මත ඔහුට හෙරොයින් මත්කුඩු ලබා දෙන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබා දී හෙරොයින් පාර්සලයක් ලබා ගැනීමට ඉල්ලුම් කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සමහර ඡන්දදායකයින්ගේ තේරීම හා මනාපය අනුව නාගරික මන්ත්‍රීවරයකු වීමේ උසස් සුදුසුකම් ලත් නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයක් අනේ.
හිටපු නාගරික මන්ත්‍රී මාලිමාවේ අයෙක් නොවන බව විශ්වාසයි.
ප්‍රධාන පක්ෂවල ඉන්න තරමක් ඉන්නේ මැරවරයින් ,දොස්තරයින් ,හොරුන් සහ සූත්තර කාරයින් ,ඔවුන් සැවොම මෙවර මැතිවරණයෙන් පන්නා දැමිය යුතුයි