යාල යළි විවෘත කරයි අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා වසා තැබුණු යාල පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව යලි විවෘත කල බව ඌව කලාපය භාර වනජීවි සහකාර අධ්යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය. 18 January 2024
කොළ හකුළුවන දළඹුවා වී වගාවට බැටදෙයි වී වගාවේ කොළ හකුළුවන දළඹු වසංගතය දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැතිරෙමින් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 18 January 2024
‘යුක්තිය’ තවත් 943 ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 943 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 18 January 2024
ජනපති-අයි.එම්.එෆ් ලොක්කන් අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) සහ නියෝජ්‍ය කළමණාකර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් (Gita Gopinath) යන මහත්මීන් අතර හමුවක් ස්විට්සර්ලන්තයේ දී සිදුවිය. 18 January 2024
රෝහල් සේවිකාවට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට රෝහල් සුළු සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විශේෂඥ වෛද්‍යවරයා අද (18) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි. 18 January 2024
හවුති සටන්කාමීන් ගෝලීය ත්රස්තවාදීන් - බයිඩන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරමින්, නැව්වලට පහර දෙන, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගෝලීය ත්රස්තවාදීන් ලෙස නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. 18 January 2024
දකුණු පළාතේ කිරිපට්ටි 665ක් වහලා දකුණු පළාතේ කිරිපට්ටි 665ක් ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුලදි කිරි පට්ටි 665ක් වැසිගොස් ඇති බැව් දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුව පවසයි. 18 January 2024
‘යුක්තිය’ට මහා නාහිමිවරුගේ ආශිර්වාදය කවර බලපෑම් හමුවේ වුවත් ‘යුක්තිය මෙහෙයුම’ නතර නොකරන ලෙස මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අනුශාසනා කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය පැවසීය. 18 January 2024
පාකිස්තානයත් ඉරානයත් ඇවිලෙයි ඉරානයෙන් පාකිස්තානයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, ඉරානයත් පාකිස්තානයත් අතරේ හිතවත්කම් පළුදු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 18 January 2024
රාජකාරි පාසලේ දරුවන්ට ටියුෂන් කළ ගුරුවරු 51 ක් පාසලෙන් දොට්ට මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින් වෙනත් පාසැල් වලට ස්ථාන මාරු කර යැවීමට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබෙි. 18 January 2024
නීති විරෝධිව කූඩැල්ලන් ඇල්ලූ 12ක් අත්අඩංගුවට කිමිදුම් උපකරණ යොදාගනිමින් මන්නාරම,ඔලේතොඩුවායි මුහුදේ නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 18 January 2024
‘පැට්ටා’පහැරගෙන වෙඩිතැබු යතුරුපැදියේ හිමිකරුවෝ කොටු වෙති කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කල යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාල හිමිකරු සහ මෙම යතුරු පැදිය භාවිතා කරන ලද පුද්ගලයින් දෙදෙනෙකු මහර දළුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 18 January 2024
සිහින් වැස්සක් සමග වියලි කාලගුණයක් උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 January 2024
කුලි වෑන් රියැදුරා හොර සල්ලි සමග අල්ලයි රුපිියල් 11500 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කුලී වෑන් රථ රියදුරකු නල්ලතන්නිය නඟරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි. 18 January 2024
වාහන පොත්,අංක තහඩු සමග අයෙක් මාට්ටු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම හුවමාරුවෙන් කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී වෙනත් වාහන ලියාපදිංචි පොත් දහයක්, වාහන අංක තහඩු දෙකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. 18 January 2024
සිහින ජනපති කුමාරවරු ඩයනාගේ සහාය ගන්න පොරකති ජනාධිපති අපේක්ෂකයන් රැසක් සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක මේ දිනවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 17 January 2024
අනංගයන් සොයන්න පොලිසිය පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. 17 January 2024
කරාපිටියේ වෛද්‍යවරයෙක් හා සුළු සේවකයෝ ගැටෙති කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හා රෝහල් සුළු සේවකයන් අතර ඇති වූ උණුසුම් තත්වයට හේතු වූ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් අද (17) සවස වැඩවර්ජනයක් ආරම්භ කළේය. 17 January 2024
කිඹුලා ඩැහැගත් පුංචි දිස්නගේ සිරුර හමු වේ කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ තොටුපළ අසලද දිය නාමින් සිටියදී කිඹුලකු ඩැහැගෙන ගිය එකොලොස් හැවිරිදි දරුවාගේ සිරුර අද (17) රාත්‍රීයේදී හමුවූ බව කඩුවෙල පොලිසිය පවසයි. 17 January 2024
වරෙන්තුකරුගේ ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල් රෝහලේ වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ කොස්තාපල්වරයකු එම වරෙන්තුකරු යම් කිසි ආයුධයකින් පහරදී ඇතැයි කියන සිද්ධියකින් හිසට හා උදරය ප්‍රදේශයට තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 17 January 2024
සීදුවේදී මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් 4 ක් රෝහලට කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට සංඥා දී තිබියදී (බෙල් ඇන්ඩ් ලයිට්) අනාරක්ෂිත ලෙස ධාවනය කළ කාර් රථයක් කුඩහකපොළ උප දුම්රියේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා සීදුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 17 January 2024
කුඩු බී රාජකාරි කළ ග්‍රාමයා මාට්ටු හෙරොයින් පානය කර රාජකාරිය කළ බව කියන පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකු අද (17) අත්අඩංගුවට ගත් බව පුදුකුඩුඉරුප්පු පොලිසිය පවසයි. 17 January 2024
ජනපති ජෝන් කෙරී හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී (John Kerry) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්විණි. 17 January 2024
මැනිං වෙළෙඳසැල පාළුවට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ අතර දිවයින පුරා එළවළු වෙළෙඳ සැල් පාළුවට ගොස් තිබෙන අයුරු දැකගත හැකි විය. 17 January 2024
අලි පැටවා මරා වළදැමීයැයි 5ක් අත්අඩංගුවට ගල්නෑව,නැකත්තේගම වගා භුමියකට පැමිණි අවුරැදු පහක් පමණ වයසැති වන අලි පැටියෙකු වෙඩි තබා ඝාතනය කොට හොර රහසේ වළ දැමු පුද්ගලයන් පස් දෙනෙකු අද (17)දින අත්අඩංගුවට ගත්බව වනජිවි දෙපාර්තමේන්තුවේ මීගලෑව වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරි අයි.එම්.ජි.සෙනෙවිරත්න මහතා පැවසිය. 17 January 2024
වැඩි මිලට දියර පෝර ගෙනාවේ මගේ කාලේ නොවෙි ඩොලර් පහේ දියර පොහොර බෝතලයට දෙගුණයක් ගෙවා ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 January 2024
කැරට් අලයට යට වුණොත් තරුණ අනාගතය හබක් තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව එක්සත් ජාතික පක්ෂ උප නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 17 January 2024
මුදල් අමාත්‍යාංශයට ධීවරයන් ගැන අවබෝදයක් නෑ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවරයන් සහ එම ක්ෂේත්රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින් රැකබලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙම නිලධාරීන් සමත්ව නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 17 January 2024
ඇමති ගෙවල් 11කිනුත් ජල පොල්ලක් අමාත්‍යවරුන්ගේ නිල නිවාස එකොළහක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 17 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026