ඉන්ධනහලේ ගින්න තත්පර 25කින් නිවයි කැස්බෑව නගරයේ ඉන්ධන පිරවුම් හලේ වළට (ටඩාන්ගයට) බවුසරයකින් දහවල් ඉන්ධන ගොඩගාමින් සිටියදී හදිසියේ හදිසියේ හට ගත් ගින්නක් තත්පර 25 ක් වැනි සුළු කාලයකදී මැඩ පැවැත්වීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වළකී ගියේය. 16 January 2024
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දෝස් මුරයක් කොළඹ කුරුඳුවත්ත සංගීත ගුරුවරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන භාර කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ කාර්යාංශයේ කටයුතු පිළිබඳව විමතිය පළ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එය පොලිසියක්දැයි අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කරමින් විමසීය. 16 January 2024
13 වසරක් ඉල්ලන් කෑ හිඟන්න කෑම පරක්කු වුණැයි ඔළුවට කොටලා වසර දහතුනක් තිස්සේ දිවා ආහාරය ලබා දුන් හෝටල් හිමියාගේ බිරිඳට කෑම වෙල ලබාදීමට පරක්කු වූයේ යැයි පවසමින් මන්නා පහරක් ඔලුවට දී බරපතල තුවාල සිදුකළ යාචකයකු ලබන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. 16 January 2024
ජනපති- ඇල් ගෝර් හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති සහ දේශගුණ යථාර්ථය ව්‍යාපෘතියේ (The Climate Reality Project) නිර්මාර්තෘ සහ සභාපති ඇල් ගෝර් ( Al Gore) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී පැවැත්විණි. 16 January 2024
මුදල් ඇමති - සෞඛ්‍ය සාකච්ඡාව අසාර්ථකයි මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන තුරු කල් ඉල්ලා සිටි බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය. 16 January 2024
ඩෙංගු මදුරුවාට බිලි වූ සරසවි දියණිය ඩෙංගු රෝගීය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය. 16 January 2024
VAT ගැසූ සරුංගල් යාපනය අහසේ තෛපොන්ගල් උදාවෙන් පසුව යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද දහවල් පැවැත්විණි. 16 January 2024
ජනතාව ණයකාරයින් වෙද්දී ජනපතිගේ කටයුතුවලට ලක්ෂ 2000ක් රටේ ජනතාව ලක්ෂ 12ක ණය කාරයන් වෙද්දි ජනපතිවරයාගේ විදේශ ගමන් ඇතුළු සෙසු කටයුතු සදහා ලක්ෂ 2000ක් වෙන් කර ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 16 January 2024
සිවුරක් ඇඳගෙන කොටුව දුම්රියපොළේ යකා නටලා කොටුව දුම්රියපොළෙහි භික්ෂු විවේකාගාරය තුළ බීමතින් අශෝබන ලෙස චීවරයක් දරාගත් තැනැත්තු හැසෙරන බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබදව විමසීමට ගිය දුම්රිය පොළ පොලිස් මුරපොළෙහි නිලධාරීන් දෙදනකුට පහරදී සපා කා පොලිස් නිලධාරියකුගේ අත තිබූ වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගැසූ බව කියන චීවරයක් දරාගත් තැනැත්තකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි. 16 January 2024
කන්දකාඩු සිද්ධිය හොයන්න පරීක්ෂණ මණ්ඩලයක් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පිරිසක් පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබ ඇත. 16 January 2024
පලා ආ සෙබලා යුක්තියේ දැලට පැටලෙයි හොරයින් මත්කුඩු පානය කරන්නන්ට නිවස තුළ පහසුකම් සැලසූ මෙන්ම ඊට ආදේශකයක් ලෙස භාවිතා කරන මත් කරල් සැපයු යුද හමුදාවෙන් පලා ආ සෙබලා සමග මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කළුතර ඈතගම නිවසක දි අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි 16 January 2024
කොළ කැඳ දී ලක්ෂ 7ක් සොරාගෙන මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට රැඳී සිටි කාන්තාවකට මත් ද්‍රව්‍යයක් කලවම් කළ කොළකැඳ පානය කිරීමට දී සිහි නැති වූ පසු ඇයගේ රන් ආභරණ ගලවාගෙන නාඳුනන කාන්තාවක පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. 16 January 2024
ජල මණ්ඩලයේ මරු ගෙවිල්ලක් ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය 2022 වර්ෂයේදී රුපියල් කෝටි 320ක පාඩුවක් ලබා තිබියදී එහි සේවකයන්ට ඵලදායිතා දිරි දීමනාව ලෙස රුපියල් කෝටි 27ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 16 January 2024
තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරයි තේ වගාව සඳහා යොදන ටී -750, ටී- 709 සහ ටී- 200 යන පොහොර වර්ග තුනක මිල රුපියල් 2000 කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය. 16 January 2024
මිලියන 13 ක කේරළ ගංජා යාපනයේ වෙරළක යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ළදු කැළැවක සඟවා තිබූ මිලියන 13 ක් වටිනා කේරළ ගංජා කිලෝ 34 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 16 January 2024
ඇඳුම් සොරකම් කළ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වීමට තීරණය කළාය. 16 January 2024
සිවිල් සංවිධාන සාමාජිකයන්ගෙන් මන්ත්‍රී කාවිංගට විරෝධය සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලුවකට සහයෝගය දැක්වීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි ජාතික සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා විරෝධතාවයේ යෙදී සිටි පිරිසක් අද (16) දහවල් විරෝධය දැක්වූහ. 16 January 2024
කළු සොල්දාදුවා ජාතියට ප්‍රෝටීන් දෙන්න පෙරමුණට එයි හරක් මස්,කිරි, කුකුළු මස් ආදී සත්ත්ව ආහාර වල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා කසල මැස්සකුගේ කීටයකු යොදාගෙන පෝෂණ අතිරේකයක් නිෂ්පාදනය කර තිබේ. 16 January 2024
ලක්ෂ 17ක හෙරොයින් සමඟ හිටපු කාලතුවක්කු සෙබළා අල්ලයි කරන්දෙණිය ප්‍රදේශයේ විසූ ’’හිත හොඳ දොස්තර’’ ඝාතනය කර, දැනට ඩුබායි රටේ සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ හෙරොයින් මත්කුඩු ’’ඊසි කෑෂ්’’ ක්‍රමයට අනුරාධපුරයේ බෙදා හැරි ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු වන හිටපු කාලතුවක්කු රෙජිමේන්තු සෙබළෙකු සහ 16 January 2024
අවලෝකේතීශ්වර රිමාන්ඩ් අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු ලබන ජනවාරි 24 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 16 January 2024
රෝහල්වලට යුද හමුදාව කැඳවයි වැඩ වර්ජන හේතුවෙන් අඩාල වන රෝහල් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සදහා රෝහල්වල දෛනික කටයුතුවලට යුද හමුදාව යෙදවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (16) උපදෙස් දී තිබේ. 16 January 2024
අවලෝකේතීශ්වර අධිකරණයට ගෙනෙයි අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා රැගෙන ආවේය. 16 January 2024
ඉන්දියාවේ දකුණු කොටසට ලංකාවේ අතිරික්ත විදුලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා අරඹා ඇතැයි ද එම සාකච්ඡා ප්රගතිශීලී අදියරක තිබෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය. 16 January 2024
සෞඛ්‍ය වෘත්තීය සමිති - ඇමති සාකච්ඡාවක සංකේත වැඩවර්ජනයක නිතරව සිටින සෞඛ්‍ය වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට විශේෂ සාකච්ඡාවකට සහභාගි වී සිටියි. 16 January 2024
තැඹිලි කැඩීමට ගිය සිසුවා විදුලි සැරෙන් මරුට රත්තොට පුස්සැල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු පාසලේ ගසකින් තැඹිලි කැඩීමට ගිය අවස්ථාවේ අසල ඇද තිබූ අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදි මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි. 16 January 2024
රනිල්ට තව අවස්ථාවක් දිය යුතුයි ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 16 January 2024
බදුල්ල කොළඹ පාර සතියකට පසු විවෘත වෙයි බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී නාය යාමට ලක් වීම නිසාවෙන් වසා දමා තිබූ බදුල්ල බණ්ඩාරවෙල අතර මාර්ගය සතියකට පසුව අද (16) යලි විවෘත කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . 16 January 2024
රිය අනතුරින් කම්කරුවා මරුට දුම්මලසූරිය විලත්තව ප්‍රධාන මාර්ගයේ තල්කටුව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. 16 January 2024
රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට යවුති ප්‍රහාර රතු මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවකටත්, භාණ්ඩ ප්‍රවාහන නෞනාවකටත් යේමනයේ ක්‍රියාත්මක ෂියා මුස්ලිම් හවුති සටන්කාමීහු බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළහ. 16 January 2024
රිපබ්ලිකන් අපේක්ෂකයන් පරදා ට්‍රම්ප් ඉදිරියට ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම් පැවැත්වෙයි. 16 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026