
(යොහාන් භාසුර)
මෙරට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් දී නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (10) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
නීතියේ සාධාරණත්වය ඉටු කිරීමට නීතිපතිවරයාට සුවිශේෂී වගකීම් සමුදායක් හිමිවන බවත් 1948 පසු නීතිපතිවරයෙකුගේ සේවා දිගුවක් දුන් පළමු අවස්ථාව මෙය බවත් ඒ මහතා කීය.
නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින් ජනාධිපතිවරයා දීර්ඝ කළහොත් නීතිපති ධූරයෙහි ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බව කී පීරිස් මහතා පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය තව දින 34 කින් ආරම්භ වන නිසා මැතිවරණ කාලසීමාවක් තුළ නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙන් පැරදිලා ජාතික ලැයිස්තුව කියන රෙද්දෙන් පාර්ලිමේන්තුවට රිංගපු මිනිහෙක් ජනපති කලාම වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ?
රාජපක්ෂ ආණ්ඩුව බලයේ ඉන්න කාලේ තමුන් කටයුතු කරපු හැටිත් අපි දන්නවා.හැම දේකටම එහෙයි කිව්ව කෙනා?
මතක නැතිද , හිටපු නීතිපති කෙනෙක් ප්‍රශ්න අහන්න උසාවිත් ආවා.මහ බැංකුව මංකොල්ලයේ. දැනට එපමණක් ඇති.
දැන් සේවා දිගුව ලබා දීල හමාර නෙව. ඕන්න ඔය කෙහෙල්මල් ව්‍යවස්ථාව පැත්තකට විසි කරල දාන්න. ව්‍යවස්ථාවක් ඔළුව උඩ තියාගෙන මොනව ද කරන්න පුළුවන්.
ව්‍යවස්ථාවෙන් දැන් වැඩක් නැහැ .ආණ්ඩුවට ඕන ඕන දේවල් ආණ්ඩුව කරනවා නේ
ඔබතුමාට අනුව සියළු දේ වැරදියි. අනිත් හැමෝම කරන දේවල් වැරදියි ඒත් ඔබතුමා තවම හරියට කරපු එක දෙයක් නෑ ඇමැතිකම් ගාණක් දැරුවත්. ඔබතුමා දැන් අනුර කුමාර - 2 වෙලා ඉන්නේ.
අනේ මේ පීරො .කටවහගෙන හිටපන් මචං. දැන්තමයි උඹලට හරි වැරදි තේරෙන්නේ .නාකි මයිනා බලගතු කාලේ උඹලා හැම බලු වැඩකටම සහය දුන්නා. විනිසුරු මංජුල තිලකරත්නට පහරදෙන කොට, ශිරාණි බණ්ඩාරනායක එලවන කොට උඹල ඌට සහයෝගය දුන්නා . උඹල බල්ලගෙ ඇගේ ඉන්න මැක්කො බල්ල මැරෙන්න යනකොට උගෙ ඇගේ ලේ නැතිවෙනකොට උඹල උගේ ඇගෙන් බහිනව
ඒ කියන්නේ දැන් ඉන්න නීතීපති නිසා නීතීපති ධූරයේ ස්වාධීනත්වය කෙලසිලා. ඉතින් එහෙම නම් ඔහුව අයින් කරන්න මෙච්චර කල් ගත්ත ක්‍රියා මාර්ග මොනවාද? මොකද හිටපු නීතීපතිගේ කාලය දීර්ඝ කලාම අමුතුවෙන් ස්වාධීනත්වය නැතිවෙන්න විදියක් නෑනේ. අනික දින 34කින් තියෙන මැතිවරණයට මේ ඉන්න නීතීපතිගේ ධූරය දිර්ඝ කිරීම ගැටළුවක් නම් හදිසියේවත් ඔය මැතිවරණේ ගිය මාසේ වගේ තිබ්බා නම් පට්ට ප්‍රශ්නයක් වෙනවනේ. මොකද මෙයාමනේ නීතීපති වෙලා හිටියේ...