(රෝෂන් තුෂාර)

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ දර්ශන විකාශය කළ රූපවාහිනී මාධ්‍ය ආයතන වෙත  අද (10) නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

සපරාදී බිය ගැන්වීමක් ,අයුතු අවහිර කිරීමක්, හෝ නින්දා සහගත අපහාසයක් කළ බවට පවසමින් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී රබුක්වැල්ල  කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය විසින්

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය මහතා එරෙහිව පැවරු බී වාර්තාව   කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත්  කෙරිණි.