(නිමල කොඩිතුවක්කු)

මෙරට සිදුවන මරණ වලින් සියයට 89 ක්  සිදුවන්නේ බෝනොවන රෝග වලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසිය.

බෝනොවන රෝග නිසා ඇති වන මරණ පිළිබද අවධානය යොමුකිරීමේදී  දහදෙනෙකුගෙන් හතර දෙනෙක්, හෝ  පස්දෙනෙක්  අවුරුදු 50- හෝ 60 අඩු අය බවත්  සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කලේය.
මෙරට වසරකට 60 000 ක් අඝාතයට පත්වෙන බවත්, එයින් 4000 ක් මරණයට පත් වන බවත්, ඉන් 56000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවද  ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම දුම්පානය හේතුවෙන් 20000 ක් පමන දෙනා මිය යන බවත් ඔහු කීවේය.

මේ හේතුවෙන් ජයිකා ආයතනය සමග සම්භන්ද වී  ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බවත් ඔහු පැවසීය.