පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබා දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. 14 July 2024
මැකෝ මුදල් ලොක්කෝ කැඳවයි ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව විමසීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට 17 වැනිදා කැඳවූ බව එහි සභාපති ආර්. එම්.ඒ එල් රත්නායක මහතා පැවසීය. 14 July 2024
ජනපතිවරණයට එරෙහි තවත් පෙත්සමක් හෙට විභාගයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බැලීමට නියමිතය. 14 July 2024
උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල සහ හිල්ඔය දුම්රිය ස්ථන අතර අද (14) පිලී පැනීමට ලක්විය. 14 July 2024
ඉඩමක් බදු දීමේදී රජයට කෝටි 33 ක පාඩුවක් නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව නී ආර් විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 33ක අලාභයක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී කෝප් කමිටුව තොරතුරු අනාවරණය වී ඇත. 14 July 2024
සජිත් උදව් කළොත් යළි එජාප සාමාජිකත්වය දෙනවා සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මහනුවර දී අද (14)පැවසීය. 14 July 2024
වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් ඇමැති- මන්ත්‍රීන්ට නිවේදනයක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම මස අවසන් වීමට ප්‍රථම එම තොරතුරු ලබාදෙන ලෙස පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවසන් නිවේදනය නිකුත් කළේය. 14 July 2024
කෝටි හයක සැක වාහන මහනුවරින් අල්ලයි අයිතිකරුවන්ට තම අයිතිය නීතියානුකූලව පෙන්විය නොහැකි සැකකට යුතු රුපියල් කෝටි හයක් පමණ වටිනා ඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහ අශ්වබල 1000 යතුරුපැදියක් අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 14 July 2024
මුල් මාස හතරේදී ටින් මාළු ලක්ෂ 45ක් ගෙන්නලා ඩොලර් රටින් පිටවීම වැළැක්වීමේ අරමුණින් සහ දේශීය ක ර් මා න්ත ආරක්ෂා කිරීමේ අරමුණින් මෙරටට ටින් මාළු ගෙන්වීම තහනම් කර තිබියදී මේ වසරේ මුල් මාස හතර තුළ පමණක් මාළු ටින් ලක්ෂ 45 කට අධික ප්‍රමාණක් රට තුළට ගෙනවිත් ඇතැයි දේශීය ටින් මාලු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය. 14 July 2024
බස්නාහිර ත්‍රිරෝද ගාස්තුව අඩු වෙයි බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ප්‍රවාහන ගාස්තු හෙට (15) සිට අඩු කරන බවත් ඒ අනුව දෙවැනි කිලෝමීටරය වෙනුවෙන් අය කරන රුපියල් 100 ක ගාස්තුව රුපියල් 90 ක් දක්වා අඩු කරන බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය පැවසීය. 14 July 2024
කළමනාකරණ සේවා නිලධාරීන්ට උසස්වීම්-විභාග ක්‍රම යළිත් කළමනාකරන සේවා නිලධාරීන්ට MN 3 වැටුප් පරිමාණය ලබාදීමට සහ ඹවුන්ට උසස්වීම් විභාග ක්‍රමය යළි ස්ථාපිත කිරීමට අගමැති කාර්යාලය පොරොන්දු වී ඇතැයි කළමනාකරන සේවා නිලධාරී එකමුතුව සඳහන් කරයි. 14 July 2024
කොළඹ පාතාලය පෝස්ටර් යුද්දයක ක්ලබ් වසන්ත ගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර තර්ජනාත්මක බැනර් සහ පෝස්ටර් යුද්ධයක් ආරම්භ වී ඇතැයි ආරක්ෂක අංශ කියයි. 14 July 2024
දීඝවාපී සෑ ගැබේ ධාතු තැන්පත් කරයි අම්පාර ඓතිහාසික දීඝවාපි රජ මහා විහාරයේ චෙත්‍යයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරිම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පවත්වනු ලැබිය. 14 July 2024
උද්ඝෝෂණ වලින් නැති වන්නේ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය රාජ්‍ය සේවකයින් උද්ඝෝෂණ ව්‍යාපාර වලට යොමු වීමේදී රටේ තත්ත්වය ගැන නැවත නැවත සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය . 14 July 2024
ප්‍රවාහනය අත්‍යවශ්‍ය කර ගැසට්ටුවක් ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 14 July 2024
සැබෑ විප්ලවය මිනිසුන් මරා දැමීම නොවේ සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රටේ ගොඩ නඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 July 2024
මහේස්ත්‍රාත්ගේ අත්සන හොරට ගැසු අධිකරණ සේවකයා මාට්ටු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් , මහේස්ත්රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර නඩු වාර්තාවක් ලබා දී , රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචනිකව ලබා ගත් හිටපු අධිකරණ සේවකයෙකු අද(14 ) මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 14 July 2024
චීන සමාගමක කැණිමකදී ඇටසැකිල්ලක් මතු වෙයි කොළඹ වරයා පරණ ලේකම් කාර්යාලය අසල එස්.ඒ.ජී.කේ. දොරටුව අසල ඉදිකිරීම් සදහා චීන සමාගමක් විසින් කළ කැණීමකදී මිනිස් ඇට සැකිළි කීපයක් හමුවී ඇති බව කොළඹ වරාය පොලිසිය පවසයි. 14 July 2024
පැමිණිල්ල විභාග නොකළ සැරයන්ගේ වැඩ තහනම් කාන්තාවකට අතවර කළ බවට 119 මධ්‍යස්ථානයෙන් කුලියාපිටිය පොලිසියට ලබාදුන් පැමිණිල්ලක් විමර්ශන නොකළ බව කියන ජංගම සංචාරක රාජකාරියේ යෙදීසිටි සැරයන්වරයකුගේ වැඩ තහනම් බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 14 July 2024
මුදල් වංචාවකට මාණ්ඩලික සැරයන්වරයෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 14 July 2024
ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලට ජනපති කම්පා වෙයි ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 14 July 2024
වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය පවසයි. 14 July 2024
බස් නැවතුමේ ගැටුණු සුපවේදීයා මරුට මොරන්තුඩුව බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේ දි ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටි 19 හැවිරිදි තරුණයකු අද (14) බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි. 14 July 2024
බසයේ යමින් සිටි තරුණියගේ කොණ්ඩය කපලා බස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස් කළඹ අඩියක පමණ ප්‍රමාණයක් කතුරකින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව කියන පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 14 July 2024
කීරි සම්බා හිඟයට තිත තියන සැලසුම සාර්ථකයි වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 14 July 2024
පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලකර කියා සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 14 July 2024
ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළිය අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල වෙයි. 14 July 2024
දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 July 2024
වෙඩික්කරු හිටියේ වහලේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම කළේ, එළිමහනේ මැතිවරණ රැළිය පැවැත්වුණු ස්ථානයට මීටර් කීපයක් දුරින් පිහිටි ගොඩනැගිල්ලක වහලයේ සිටය. 14 July 2024
ප්‍රහාරය හෙලා දකී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද හෙලා දැක ඇත. 14 July 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026