අස්වැසුම ගැන පසු විපරම් සමීක්ෂණයක් ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ කටයුතු අවසන් කර ඒ පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 01 April 2024
පුත්තලම ගුරු සංගම් ලොක්කාගේ ගෙට ගිනි තියලා ලංකා ගුරු සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපති අජිත් විජේසිංහ මහතාගේ පුත්තලම, මදුරන්කුලිය මුක්කු තුඩුවාවේ පිහිටි නිවෙසට කඩාවැදුණු කඩු, යකඩ පොලු සහ මුගුරු රැගත් මැර කණ්ඩායමක් ඒ මහතා ගේ නිවෙසේ වටිනා බඩු මුට්ටුවලට පහර දී පොඩි පට්ටම් කර නිවෙසට ද ගිනි තබා හානි සිදුකර පලා ගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි. 01 April 2024
225 වරප්‍රසාද කඩවීම ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග අත්හිටුවීමට ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමක් නිසා තමා ඇතුළු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වරප්‍රසාද කඩවී ඇතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා පාර්ලිමේන්තුවට අද (1) වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. 01 April 2024
සුරාබදු ලොක්කෝ කාර්යාල කැබ් රථයෙන් ගංජා අදිද්දී මාට්ටු සුරාබදු කාර්යාලයට අයත් කැබ් රථයකින් කේරළ ගංජා කිලෝ 45 ක් ප්‍රවාහනය කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු, සුරාබදු සැරයන්වරයකු, සුරාබදු රියැදුරු සහ සහායකවරයකු ඇතුළු 8 දෙනෙක් අද (1) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 01 April 2024
මෙන්ඩිස් සහ සමාගම් අධ්යක්ෂවරු 3කට වරෙන්තු රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා (01)අද නියෝග කළේය. 01 April 2024
ශ්‍රී ලංකාව ලකුණු 455ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (1) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 102 ක් රැස්කරමින් ලකුණු 455 ක් ඉදිරියෙන් සිටියේය. 01 April 2024
පොලිසිය සැකකරුවකු අල්ලන්න මහජන සහාය ඉල්ලයි කැකිරාව ප්‍ර දේශයේ නිවෙසක් බිද රුපියල් 50,000 ක් සහ රුපියල් හතළිස් එක් ලක්ෂ හැට දහසක් වටිනා රන් අබරණ සොරාගැනීමේ සිද්ධියකට අදාල සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය පතයි. 01 April 2024
ජනපති ආරක්ෂක නිලධාරීහු මුහුදට පැන කතක් බේරා ගනිති ගාලු මුවදොර අසල මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීහු අද (01) සමත් වූහ . 01 April 2024
ලාෆ් සමාගම ලිට්රෝ ඉල්ලා නඩු කියන්න සූදානම් වෙයි ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ පැවරීමට වඩාත් හොඳම මෙන්ම සුදුසුම ආයතනය ලාෆ් ගෑස් සමාගම බවත් එම සමාගම පැවරීම පිළිබඳව කටයුත්තේදී නීතිමය පියවර ගැනීමට වුවද එම සමාගම පසුබට නොවන බවත් ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (1) පැවැසීය. 01 April 2024
ගජමුතු සමඟ විශ්‍රාමික හමුදා ලොක්කා මාට්ටු රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු හතරක් සමඟ විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරිවරයකු අද (01) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි. 01 April 2024
පොලිස් සේවයට බැඳෙන්න අවස්ථාවක් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට ගැසට් පත්‍ර නිකුත් කර තිබේ. 01 April 2024
දුමින්ද - ලසන්ත - අමරවීර ඉවත් කළාට ශ්‍රීලනිපට අතුරු තහනමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අතුරු තහනම් නියෝගයක් අද (01) නිකුත් කළේය. 01 April 2024
චීන ලොකු ලූණූ පිටකොටුවට ඇවිත් ප්‍රථම වතාවට චීනයෙන් ආනයනය කළ ලොකු ලූණු මේ දිනවල පිටකොටුව තොග වෙළෙදපොළෙන් මිලදී ගත හැකි බව ආනයනකරුවෝ හා තොග වෙළෙන්දෝ පවසති. 01 April 2024
මහ බැංකු වැටුප් ගැන හොයන්න ස්වාධීන කමිටුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන වේතන කමිටුවක් පත් කර තිබෙි. 01 April 2024
දුම්රියේ ගැටී සරසවි සිසුවකු මරුට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශය තුන්වැනි වසරේ සිසුවෙකු පැණිදෙණිය ප්‍රදේශයේ දුම්රියේ ගැටී මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි . 01 April 2024
ලාෆ් ගෑස් මිලත් පහළට මිල සූත්‍රයට අනුව ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (01) සිට අඩු කිරීමට කටයුතු කළ බව ලාෆ් සමාගම කියයි. 01 April 2024
සෙල්ලම් පිස්තෝලයෙන් වැඩ පෙන්නන්න ගිහින් වැඩවරදී මරදාන ඩින්ස් පාර ප්‍රදේශයේදී බුද්ධි අංශ නිලධාරියකු සිවිල් ඇඳුමෙන් සැරසී මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිස්තෝලයක් එල්ල කර බිය ගන්වා මෝටර් රථයෙන් පළා ගිය සැකකරු යක්කපිටිය මධ්‍යම අධිවේගී හුවමාරුවේ දී සෙල්ලම් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 01 April 2024
ලංකාවෙන් පලස්තීනයට කෝටි 30ක ආධාරයක් ගාසා තීරයේ ගැටුම්වලින් පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා ලංකා රජය ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ බව ජනාධිපති කාර්යාලය පවසයි . 01 April 2024
සිව්දරු පියා පස් කණ්ඩියට බිලි පූජාපිටිය කහවත්ත ප්‍රදේශයේ නිවසක අත්තිවාරමක් සඳහා බැම්මක් ඉදි කරමින් සිටි දෙදෙනෙකු මතට අද(01)පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 01 April 2024
විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවම් නියම වු අයෙක් මරුට යාපනය පුන්කූඩතිවූ ප්‍රදේශයේ පාසල් දැරියක වූ ශිවලෝනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියමව පල්ලේ කැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි . 01 April 2024
UN සංවර්ධන නියෝජිතයෝ - ජාජබ අතර හමුවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. 01 April 2024
ජේතවන ස්ථූපයේ පැල්ම ගැන සොයන්න කණ්ඩායමක් අනුරාධපුර ජේතවන ස්ථූපයේ මෑතක දී සිදු වී ඇති ඉරිතැලීම් ගැන සොයාබැලීමට විශේෂඥ දැනුමැති කණ්ඩායමක් අනුරාධපුරයට හෙට (02) යන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවැසීය. 01 April 2024
ආයතන හයක් හෙට මැතිසබයට කැඳවයි බී ලූනු, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ආනයනකරුවන් අයථා ලෙස ලාභ උපයා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ආයතන පහක් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට හෙට (2) කැඳවනු ලැබ ඇත. 01 April 2024
අස්වැසුම බෙදන්න ග්‍රාම නිලධාරින් නෑ අස්වැසුම සුභසාධන ක්‍රියාවලියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසයි 01 April 2024
සිවුරු දැරූ අයෙක් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයෝ 6ක් දැලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන සිවුරු දැරූ පුද්ගලයකු ඇතුළු 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ අපරාධ කොට්ඨාස මගින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 01 April 2024
වසන්ත උදානය ඇරැඹෙයි නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරන සුන්දර නුවරඑළිය වසන්ත උදානයේ සමාරම්භක උළෙල මෙවරත් 22 වෙනි වතාවට අද (01) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වය අරැඹිණි. 01 April 2024
ගාසා රෝහල්වලට ඊශ්‍රායලය පහර දෙයි ගාසා තීරයේ අල් ෂිෆියා රෝහලටත්, අල් අස්කා රෝහලටත් ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේ, තමන්ට ලැබුණු වාර්තා අනුව, එම ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. 01 April 2024
කෝටි ලක්ෂයක් බදු පොලු තියලා මේ වේගයෙන් ගියොත් අවුරුදු 18ට වැඩි ලක්ෂ 160ක ජනතාවගේ බදු ලිපි ගොනු විවෘත කරන්නට වසර තිස් දෙකක් ගත වෙන බව පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 01 April 2024
බොලෙරෝව අඩි 75ක් පහළට: 10ක් රෝහලට පහළොස් දෙනකු රැගත් බොලේරෝ වර්ගයේ ජීප් රථයක් බණ්ඩාරවෙල සිට රඹුක්කන බලා ගමන් කරමින් තිබියදී ගම්පොළ දැල්පිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 ක පමණ පහළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් පිරිසෙන් දස දෙනකු තුවාල ලබා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇතැයි ගම්පොල පොලිසිය පවසයි. 01 April 2024
වාහන ගෙන්වීමේදී මගඩියක් විදෙස් ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන එකසිය පනහක් ගෙන්වීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 April 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026