
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව වයස්ගතම කිඹුලා වන වසර 123 ක් වයසැති හෙන්රි මේ වනවිට කිඹුල් පැටවූ 10,000 කට පියෙකුවී ඇති බවත් කිඹුලියන් සය දෙනකුට සැමියෙකුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම හෙන්රි ලොව වයස්ගතම උරගයා වන බවද පැවැසෙයි.
වසර 30 ක කාලයක සිට හෙන්රි දකුණු අප්‍රිකාවේ ස්කොට්ස්බර්ග් නගරයේ සත්තු වත්තක ජීවත්වන බවත් හෙන්රි 1900 වසරේ දෙසැම්බර් 16 වැනිදා උපත ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බරින් කිලෝ ග්‍රෑම් 700 ක් වන හෙන්රි දිගින් අඩි 16 ක් පමණ වන බවද පැවැසෙයි. යුනෙස්කෝ ලෝක උරුමයක් වන බොට්ස්වානා රාජ්‍යයේ ඔකවන්ගෝ ඩෙල්ටාවෙන් ජීවිතය ඇරඹි හෙන්රි තරුණ කාලයේදී බොට්ස්වානා ගෝත්‍ර වලට විශාල තර්ජනයක් වී ඇත.
නයිල් කිඹුල් විශේෂයට අයත් හෙන්රිගේ ප්‍රියතම ගොදුර ළමයින් වී ඇතැයිද පැවැසෙයි. ලේ පිපාසිත හෙන්රිගේ අවසානයක් දැකීම සඳහා බොට්ස්වානා ගෝත්‍ර ප්‍රසිද්ධ දඩයක්කරුවූ ශ්‍රීමත් හෙන්රි නියුමාන්ගේ උදව් ඉල්ලා ඇති බවත් ඔහු හෙන්රි ඝාතනය කරනවා වෙනුවට අල්ලා කූඩු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ හේතුවෙන් මෙම දැවැන්තයාට හෙන්රි ලෙස නම තබා ඇති බවද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වටිනා ලිපියක්...!