
(එච්. එම්. හේවා )
නොර්වුඩ් වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි පාසල් සිසුන් හතර දෙනකු අතුරුදන් වීමක් සම්බන්දයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි නෝර්වුඩ් පොලීසිය කියයි.
අවුරුදු 15ක් වන පාසල් සිසුන් හතර දෙනකු ඊයේ(04) නිවසින් පිටව ගියද නැවත නිවසට නොපැමිණි බවට එම සිසුවකුගේ පියකු විසින් පැමිණිලිකර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
රාජ්කුමාර් අනුෂන්, දනන්ජය ගජරුබන්, සුබ්‍රමණියම් දනිෂ්ක, කාර්දිබන් නියෝන් යන මෙම පාසල් සිසුන් එම වතුයායේ පාසලක 10වන වසරේ ඉගෙනුම ලබන බවත් එම පැමිණිල්ලේ සඳහන්ය.
එම පැමිණිල්ල මත මෙම සිසුන් සෙවිම සදහා නොර්වුඩ් පොලිසිය පරීක්සණ අරඹා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd