ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හැප්පූ රියදුරු අල්ලයි මාතලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අනතුරට පත්කොට පලා ගිය මෝටර් රථය සහ සැකකරු මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 December 2024
විදුලි සේවකයින්ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී-සොහොයුරා අත්අඩංගුවට වසරක් පුරා නොගෙවු හිඟ විදුලි බිල් පතක් හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය පුත්තලම විදුලි නඩත්තු ඒකකයේ නිළධාරීන්ට වට කර ගෙන පහර දුන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු හා ඔහුගේ සොහොයුරා පුත්තලම මුලස්ථාන පොලිසිය මගීන් අද (15 ) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 December 2024
එන්.ජි.ඕ ලියාපදිංචිය අනිවාර්ය කරයි සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කරනු ලැබ ඇත. 15 December 2024
වැඩ බලන්න ඇමතිවරු 5ක් නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 5ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. 15 December 2024
අක්කර 50 කුඹුරු යාය අලි වනසති තිරප්පනේ සෙම්බුකුලම හා දෙමටෑගම යන ගම්මානවලට අයත් කුඹුරු අක්කර 50ක් පමණ වන අලි රංචුවක් පැමිණ විනාශ කර ඇතැයි ගොවීහු පවසති. 15 December 2024
පුත්තලමේ ලුණු වැස්සට දිය වෙයි ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳ පොළෙන් සියයට 45 කට වැඩි අස්වැන්නක් හිමිව තිබු පුත්තලමේ ලුණු නිෂ්පාදනය දිගින් දිගටම පවතින වර්ෂා තත්වය හේතුවෙන් අහිමි වෙමින් යන බව එම කර්මාන්තයේ නිරතවූවෝ දැඩි කනස්සල්ලෙන් පවසති. 15 December 2024
කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිගෙන් ආදර්ශයක් කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිට රජයෙන් ලබා දෙන ඉන්ධන මෝටර් රථය සහ කාර්යාලය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.ඒමි ආර් රත්නායක මහතාට ආපසු බාරදීමට කෘෂිකර්ම සහ පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න මහතා කටයුතු කළේය. 15 December 2024
අලි ගැටළුවට විසැදුම් ඉල්ලා ගොවීහු ඩී.සී.සී රැස්වීමට කඩා පනිති ඇළහැර දිග්ගල්පිටිය ඇතුළු අවට ගම්මානවලට පවතින වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින්, ගොවි සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු සහ ගොවීන් පිරිසක් පොළොන්නරුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමට බලහත්කාරයෙන් පැමිණ ඊට විසඳුම් ලබාදෙන ලෙසට විරෝධතාවයක්ද නිරත වූහ. 15 December 2024
ඝාතනය වූ තරුණයා මරණ පරික්ෂණයේදී තරුණියක් වෙලා දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප්‍රදේශයේදී කපාකොටා ඝාතනය කර තිබූ තරුණයා පශ්චාත් මරණ පරීක්ෂණයේදී තරුණියක් බව හෙළිව ඇතැයි දුම්මලසූරිය පොලිසිය කියයි. 15 December 2024
අතුරුදන්ව සිටි වන නිලධාරියාගේ සිරුර ඇලක වවුනියාව සේමමඩු හි රාජකාරී කරමින් සිටියදී අතුරුදන් වූ වනජීවි නිලධාරියාගේ සිරුර අද (15) සේමමඩු අැළ මාර්ගයේ තිබී සොයාගෙන අැතැයි ඕමන්ත පොලිසිය කියයි. 15 December 2024
සැකකරු පොලිස් සිරමැදිරියෙන් පැන ගිහින් තලාව පොලිසියේ සිරමැදිරියේ රදවා සිටි සැකකරුවකුගෙන් ඇගිලි සටහන් ලබාගැනීම සදහා අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් නැවත සිර මැදිරියට රැගෙන එමින් සිටියදී ඊයේ (14) අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව තලාව පොලිසිය පවසයි. 15 December 2024
ඇල්ල සංචාරකයන්ගෙන් පිරෙයි පාසල් නිවාඩුවත් සති අන්ත නිවාඩුවත් නිසා ඉතා සොදුරු ගමනාන්තයක් ලෙස ප්‍රකට ඇල්ල සංචාරක කලාපය ඉකුත් දින දෙක පුරා සංචාරකයන්ගෙන් පිරි පැවතිණ. 15 December 2024
ඖෂධ මිල අඩු කරන්න පුළුවන් - ඒත් බාධාවක් තියෙනවා ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තිබුණ ද ඖෂධ ගෙන්වන ආයතනයක් පවරා ඇති නඩුවක් හේතුවෙන් එය වැළකී ඇති බවත් අධිකරණය පනවා ඇති තහනම් නියෝගය ඉවත් කළ පසු ඖධ්‍ය මිල අඩු කිරීම නිසිපරිදි නියාමනය කර ජනතාවට දරාගත හැකි මිලට ඖෂධ සැපයීමට කටයුතු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. 15 December 2024
ඕන දේකට අපි ඉන්නවා-එ:ජා සංවිධානය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නො අඩුව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්ර ෆ්රෙැන්ච් මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ පැවසීය. 15 December 2024
පෙදරේරුවා මැරූ පෙදරේරුවා මාට්ටු සිදුව විලේජ් නිවාස සංකීරණයේ දෙවන පටුමගේ අලුතෙන් ඉදිකරමින් පවතින නිවසක පුටුවක් මත ඝාතනය කර ඇති පෙදෙරේරුවකුගේ සිරුරක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි. 15 December 2024
ආනන්තරීය පාපකර්මය කළ පුතා ගොඩකවෙල පල්ලෙබැද්ද ගල්පාාය ප්‍රදේශයේදි සිය පුතා විසින් සිදුකල පහර දිමක් හේතුවෙන් 82 හැවිරිදි මව අද (15) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 15 December 2024
ලොරි දෙකක් ගැටී අයෙක් මරුට:පහක් රෝහලට ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනකු තුවාල ලබා ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි. 15 December 2024
මත්වෙන්න සිසිල් බීම දී රියදුරන් කොල්ලකාලා මත්වන සිසිල් බීම ලබාදී දිවයිනේ විවිද ප්‍රදේශවල රියදුරන්ගේ රථවාහන සහ ඔවුන් පැළඳි රන් භාණ්ඩ කොල්ලකන කණ්ඩායමක ප්‍රධානියා අැතුළු තිදෙනකු ඊයේ (14) කැකිරාවේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 15 December 2024
ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන්ට ලංගම අතිරේක බස් ශ්‍රිපාද වන්දනාවේ යන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංගම අතිරේක බස් සේවා යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය. 15 December 2024
සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන්ට ඇප මේ වනවිට වාර්තා පිට වාර්තා තබමින් ලොව පුරා තිරගත වන ‘පුෂ්පා 2’ චිත්‍රපටයේ, ප්රඡාන චරිතයට පණ දෙන, ජනප්‍රිය තෙලිගු නළු අල්ලු අර්ජුන් පසුගිය දා අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු ඇප මත නිදහස් කෙරුණි. 15 December 2024
ගුවන් තොටේ ගැටලු ඉක්මනින් විසඳනවා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ක්‍රමවේදයන්ට අනුකූල වන පරිදි කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කරන බව නාවික සිවිල් ගුවන් සේවා ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 15 December 2024
ධනවතුන්ට මත්ද්‍රව්‍ය සැපයූ ජාවරම්කරුවෙක් අල්ලයි වැල්ලවත්ත සුපිරි මහල් නිවාස සංකීර්ණයක රැදි සිටින සුපිරි ධනවතුන්ගේ පරිහරණය සදහා කොකේන් හා කූෂ් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කළ ජාවාරම්කරු ඇතුළු දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබූහ. 15 December 2024
සමෘද්ධි කාර්යාල සහයක වෙඩි තබා මරලා යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (14) මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 15 December 2024
පළාත් රැසකට අදත් වැස්ස ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අද අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්දතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බහිරට වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 15 December 2024
වැලිපැන්න හෝටලයක ගැටුමක් : 3ක් රෝහලේ වැලිපැනන ගබඩා හන්දිය ප්‍රදේශයේ හෝටලයකට ආහාර ලබා ගැනීමට අද (14) පැමිණි තරුණයන් පිරිසක් හා හෝටල් සේවකයන් අතර ආහාර සම්බන්ධයෙන් ඇති ගැටුමක් දුරදිග යාමෙන් තිදෙනකු කැපුම් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි. 14 December 2024
හැටන් - නුවරඑළිය පාරට ගලක් වැටේ හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පතන මංසන්ධිය ආසන්නයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලීමෙන් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය. 14 December 2024
පොලිස් ලොක්කෙකුගේ සහයකයකුගේ සිරුරක් වත්තේගමින් මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අභිරහස් ලෙස මියගොස් සිටියදී වත්තේගම නගරයේදී සොයා ගත් බව පොලිසිය කියයි. 14 December 2024
ගුල්ලන් ගැසූ සහල් නැවත හරවා යවයි පෞද්ගලික ආනයනකරුවන් මෙරටට ගෙන්වූ බහලුම් තුනක අඩංගු සහල් කිලෝග්රැම් 75,000 ක පමණ ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි තීරණය කිරීම හේතුවෙන් නැවත හරවා යැවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 December 2024
‘‘ශීතාගාර රජයට ගන්නවා‘‘ ධිවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දි පුද්ගලික අංශයට ලබාදි ඇති ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු යළි පුද්ගලික අංශයට ලබානොදි එම ශිතාගාර රජය සතුව පවත්වාගෙන යාමට තින්දුකොට ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (14) ගාල්ලේ දි පැවසිය. 14 December 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025