
(අමදෝරු අමරජීව )
මාදැල් ධීවර කර්මාන්තය සඳහා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති කින්නියා මුහුදු තීරයේ කිලෝමීටර් එකහමාරක මුහුදු වපසරිය තුළ කෘතිම ආලෝක ධාරා සවිකල නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ තිදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරීන් හා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී දැල් දෙකක් හා පිටත එන්ජිම සවිකළ යාත්‍රාවක්ද මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් සැක කටයුතු යාත්‍රාවක් අඳුරේම ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් දැල් දෙකෙන් එකක් පලා ගිය යාත්‍රාවේ සිටි පිරිස් අතහැර ගොස් තිබූ එකත් බවද ධීවර නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd