
(ගයාන් සූරියආරච්චි)
වත්තේගම, ලේවැල්ලේගම ප්‍රදේශයේ නිවෙසකට යන මාර්ගයේ තැපැල් පෙට්ටිය අසල තිබී ගුවන් යානා නාශක ජීව උණ්ඩ 2 ක්, මූනිස්සමක්, ටී 56 සරඹ උණ්ඩ 2 ක් සහ ටී 56 ටූල් කිට් එකක් ඊයේ (10) සොයාගත් බව වත්තේගම පොලිසිය පවසයි.
එම ආයුධ එම ස්ථානයේ තිබූ පුද්ගලයන් පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු පිළිබදව තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
සී.සී.ටී.වී දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආරක්ෂාවට තර්ජනයක් කියලා මිනිසුන් බියගන්වලා කලබලයක් ඇති කරලා බලය අල්ලන්න හීන මවන, හොඳට හොරාකාලා පුරුදු දූෂිත, කුහක දේශපාලුවන්ගේ අනුදැනුම ඇතුව මෙවැනි දේවල් සිදු වෙන්නත් පුළුවන්...
ජාතික ආරක්ෂාවට මාරම තර්ජනයක්… ආන්ඩුව ඉල්ලා අස්වී පොහොට්ටුවට කොටේ අදින්න බාර දෙන්න.