IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ගාල්ල ධීවර වරායේ ගින්නක්

 (ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල ධිවර වරායේ ගාල්කොට තිබු  පැරණි භාවිතයට  නොගත් බෝට්ටු කිහිපයක අද (10) පෙරවරුවේ   ඇති වු ගින්නක් හේතුවෙන්  බෝට්ටු හතරක්  දැවි විනාශවි ගොස් ඇති බැව්   ගාල්ල වරාය පොලිසිය පවසයි.

ගිනි ගැනිමට ලක්ව ඇති බෝට්ටු මුදල් විශුද්ධිකරණ පනතේ යටතේ   අධිකරණ නියෝග මත ගාල්කොට තිබු  බහුදින යාත්‍රා  බවද ගාල්ල ධිවර වරායේ ධිවරයො පවසති.

මෙකි බහුදිනයාත්‍රා  වසර 15කට අධික කාලයක සිට  ධිවරවරාය පරිශ්‍රය තුල ගාල්කොට ඇති බවද ධිවරයෝ කියති.

නාවික හමුදාව, ගාල්ල මහනගර සභාවේ ගිණි නිවන ඒකකය, ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සහ ධිවර ප්‍රජාව එක්ව ගිනන් මැඩපැවැත්විමට කටයුතු කරණු ලැබිය.

ගින්න නිවා දැමිම සදහා  නාවික හමුදා කණ්ඩායමක් යොදවා තිබු අතර ගාල්ල මහනගර සභාව විසින් ගිණි නිවන රථ දෙකක් එම ස්ථානයට යවා තිබුණි.  මෙම ගිනි ගැනිමට හේතුව  නිශ්චිතව තවමත් අනාවරණය වි නොමැති බව පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

ගාල්ල ධීවර වරායේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site