
(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ වහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 499 කගේ විශ්‍රාම වැටුප අහිමි වී යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එම පිරිසට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 30 දෙනෙක්ද ඇතුළත් වෙති.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ළඟදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු මන්ත්‍රීලාගේ විශ්‍රාම වැටුප අහිමි කරන එකෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ජෙයෂ්ඨ දේශපාලනඥයන් නැවත දේශපාලනයට එම වළක්වන එක. එක ඔවුන්ගේ තනි පක්ෂ ආණ්ඩුවක් හදන උත්සාහයට බාධාවක්. මොකද දැන් දේශපාලනයට යන්න කැමති නැහැ. ඊට වඩා තමන්ගේ බිස්නස් එක රක්ෂාව කරගෙන ඉන්න පෙළඹෙනවා. එකෙන් වෙන්නේ ඉස්සරහට විපක්ෂයේ දේශපාලනය තුනී වෙලා නැත්තටම නැති වෙන එක. එත් ආණ්ඩුවේ දේශපාලන පක්ෂය ලංකාවේ ධනවත්ම පක්ෂය නිසා ඔවුන්ට තමන්ගේ මන්ත්‍රීවරුන්ට දීමනා වැටුප් ගෙවන එක ප්‍රශ්නයක් නෙවෙයි.
බලයේ ඉන්නකොටත් පුළුවන් තරම් මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා බඩ වඩා ගත්තා. සමහර දූෂිත දේශපාලුවෝ ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාලා පරම්පරා ගාණකට ඇති වෙන්න හම්බ කරගත්තා. හොරාකාපු සල්ලි පිටරට බැන්කුවල.. කෙටි කාලයක් මන්ත්‍ර්‍රීකම් කරපු දේශපාලුවන්ට විස්‍රාම වැටුප් ගෙවන රටක් ලෝකෙම නැතුව ඇති. මේ දේවල් බලලෝබී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ තමුන්ගේ වාසියට හදාගත්තුවා.
දේශපාලන විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ඡන්ද පොරොන්දුවක්. ඒක කලේ නැත්නම් ඔයාලා කියනවා කියපු වැඩ කලේ නෑ කියලා. අවුරුදු 5 කට විශ්‍රාම වැටුප් දෙන එක අසාධාරණයි.
අතීතයට බලපාන ලෙස නීති සම්පාදනය කරන එක සදාචාරාත්මක නැහැ. නමුත් වසර 5 වැඩ කරපු කෙනෙකුට විශ්‍රාම වැටුප දෙන එක අසාධාරණයක්..., මේකට හොඳම විසඳුම ඉදිරියට මන්ත්‍රීලාගේ වැටුපට අදාල EPF /ETF සේවක අර්ථසාධක අරමුදලට බැර කරන එක..
මේකට විරුද්දව වැඩියෙන්ම කටයුතු කරන්නේ ආණ්ඩුවේම පරණ මන්ත්‍රීලා. කට්ටියක් උසාවි යන්න ඉන්නවා තමුන්ගේ පඩිය සහ පැන්ෂන් එක බලෙන් පැලවත්තේ අරමුදලට දාගත්තු එකට විරුද්දව.
හැබැයි බයියෝ නම් මේකට විරුද්ධයි.
අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් අවු 5ක් මහජන සේවයට ඇවිත් පරම්පරා ගාණකට හම්බ කරගෙන රට බංකොලොත් කරපු අයට විශ්‍රාමික වැටුපක් දෙන්න ඕනද?
වහාම විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි. මහජන සේවයට එනවානම් පෞද්ගලික ප්‍රතිලාභ අපේක්ෂා කළයුතු නැහැ. මේ වියදම් ජනතාවට බරක්. සමහරු පාර්ලිමේන්තුවේ වචනයක්වත් කතා කළාද දන්නෙත් නෑ.. ඒත් පෙන්ෂන් එක ගන්නවා. ඉන්නකලුත් මහජනතාවට බරක්. මැරෙනකල් මළ වදයක්