
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී තරුණ සේවා සභාවේ ජාතික සම්මේලනයේ ජාතික සම්මේලනයේ ලේකම්වරයා එක්සත් ජාතික පක්‍ෂයේ ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙස පත්කළ බවත් එවැනි ආකාරයට යෞවන සමාජ දේශපාලණීකරණය කළ රනිල් වික්‍රමසිංහ වර්තමාන ආණ්ඩුවට සාකච්ඡා කිරීමට උපදෙස් දෙන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද (10) පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා කොළඹදී අද (10) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
රටේ ජනතාව පරාජය කර ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තරුණ සේවා සභාවේ ජාතික සම්මේලනයේ ජාතික සම්මේලනයේ ලේකම් ධූරයේ සිටි තනුජ නවීන් නැමැති පුද්ගලයා 2024 වසරේ පාලිත රංගේ බණ්ඩාර මහත්මයා මැදිහත්ව ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙස පත්කළ බවත් ඒ මහතා කීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ පසිඳු ගුණරත්න නැමැති හිටපු සභාපතිවරයා ‘යූත් සමිට්’ කියන තරුණ සේවා සභාව මහරගමදී සංවිධානය කළ වැඩසටහනේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන ලෙස ප්‍රකාශ කළ බව කී නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ජනාධිපතිවරණ සමයේදී රනිල්ව පිම්බීමට රුපියල් මිලියන 536 ක මුදල් වැයකර රටවටේ සංගීත ප්‍රසංග පැවැත්වූ බව ද සඳහන් කළේය.
රුපියල් මිලියන 168 ක වංචාවක් වී ඇති බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි තත්වයක් තිබියදී රනිල්ලා අද වර්තමාන ආණ්ඩුවට ප්‍රකාශ කරමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි. ඔහු රජයට උපදෙස් දිය යුතු නැහැ.
රනිල් කරපු වැරැද්ද ඇමතිතුමට කැමති දෙයක් කරන්න දීපු ලයිසමක් කියලා වෙන්නැති කියන්නේ..
කාට උනත් බලය දෙන්නේ. ජනතාව එනිසා ඊළඟ චන්දෙදි ඔහෙලවත් පස්සට පයින්ගහල එලවන්න බැරි නැහැ. එහෙම උනොත් ඔය උද්දච්ච කම බිංදුවට බහිනවා . එනිසා පරිස්සමෙන් කතාකරන්න ඉගෙන ගන්න . ඔහෙලා කියපු ජනප්‍රිය කරුණු ගොඩක් දැන් පච බවට පත්වෙලා ඉවරයි . එනිසා දැන් ඔහෙලා ඇත්තක් කිව්වත් මිනිස්සු ඒක පිළිගන්නේ නැති තැනට ඇවිල්ල . අරූ හොරා මූ හොරා කිව්වට වැඩක් නැහැ ඒවා ඔප්පු කරන්න බැරි නම්.
හාල් කිලෝ එකේ ගාන නොදන්න ඇමති කෙනෙක් මේ.
සහෝදරයා, රනිල් වික්‍රමසිංහ මහතා කළ දේට අමතරව ඔබ කවදා හෝ වෙනත් දෙයක් කර තිබේද? ඔබට කළ හැක්කේ පුරසාරම් දෙඩීම පමණයි.
ඇත්තටම ඇයි අනේ ඔයාලා ඔච්චරටම කුහක,ඒක ඔයාලගේ ජානමය පුරුද්දක් ද?npp jvp කෙනෙක් න්ම් වෛරයෙන් දෙවේෂයෙන්...කුහකකමින් ඉන්නේ.අනිත් අයගෙන් වැඩක් නෑ නේ...ඔයාලට බලය දුන්නේ රට හදන්න.හැදෙන රටක් නම් පේන්නේ නෑ දැන් අවුරුද්දක් ගිහින්.කතාව නම් කෝටි ගාණින්. "As within, but, so without" තමා කියන්න තියෙන්නේ අවසානෙටම.
රනිල් රාජපක්ෂලා මොනවද දේශපාලනීකරණය නොකළේ?
පසුගිය ආණ්ඩු කරපු වැරදි වර්තමාන ආණ්ඩුව කරන්න එපා. ඒවා කරන්නේ නෑ කියලයි ඔයාලා ඡන්දය ඉල්ලුවේ. අපි ඡන්දය දුන්නේ ඔයගොල්ල කියපු ඒ කතා විශ්වාස කරලායි. ඒත් ඒ කරන්නේ නෑ කියපු සමහර දේවල් කරනවා කියලත් පෙනෙනවා. ඒ නිසා අපේ ඒ විශ්වාසය ටික ටික පහලට යනවා. අපි සදාකාලික ජේවීපී නෙවෙයි. අර 69 ලක්ෂෙන් ඔයාලට 68 ලක්ෂයක් දීපු අය. කවුරු ගැනවත් අපි සදාකාලික නෑ වැරද්දට නම් ඇදෙන්නේ.
ඔය ආයතැන වලට ඇඟිලි ගහන්නේ නැතිව ඒවායින් මතුවෙන දක්ෂයන්ට තැනක් දුන්නාට වැරද්දක් නැහැ. ඔය කියපු සංවිධායකයා කියල තියෙනවා ඔහුට එම අවස්තාව ලැබුනේ යෞවන සමාජ හරහා බව, එහෙම තමයි ප්‍රජාතනත්‍රවාදී රටක වෙන්නේ. නමුත් ආණ්ඩුව හදන්නේ ඉස්සර ජේවීපී භීෂණ කාලේ කළා වගේ පාසල් වලටත් දේශපාලනය ගෙනිහින් ළමයින්ගේ මොළ සෙදුවා වගේ වැඩක්.
දේශපාලනීකරණය මෙයාලා මාලිමාකරණය බවට පත් කළා. ඉතාම දරුණු අන්තවාදයක් සහිතව. එච්චරයි .
දේශපාලනිකකරණය කරලා තමන්ගේ පෞද්ගලික බූදල් ලෙස භාවිතා කල රාජ්‍ය දේපොල අද රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලි මුදවා ස්වාධීන ආයාතන ලෙස පවත්වාගෙන යාමට වර්තමාන ආණ්ඩුව දරන ප්‍රබල උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ජාතික තරුණ සේවා සභාව ඉහත කල්ලි වල ගැත්තන්ගෙන් මුදවා ගෙන සැබැ ලෙසින්ම නිදහස් තාරුණ්‍යය අතට පත් කරමින් පවතිනවා. ඒකට බොහෝ සෙයින් කළබලයට හා ඉච්චාභංගත්වයට පත් රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලි එයට එරෙහිව කල අවිධිමත් උද්ගෝෂණය ව්‍යාපාරය අසාර්ථක විමෙන් පසුව කජු සීයා කෙදිරි ගාන්න පටන් ගත්තත් ඒක මේ රටේ ප්‍රගතිශීලි ජනතාව තුට්ටුවකටවත් මායිම් කෙරුවේ නැහැ.
මොන දේ කලත්, හරිගියත්, වැරදුණත් ආයේත් ඔය රනිල්ලා, රාජපක්ෂලා නම් එපාමයි.
විපක්ෂයේ හිටියා නම් මොනතරම් ජනප්‍රියතාවයක් තිබුණද? දැන් තියෙනවද එම තත්වය... එමනිසා මේවා ගැන හිතලා වැඩකරන්න...
රනිල් යවන සමාජ වලට විතරක් කරපුවා කියලා මදි. කරපුවත් කියන්න.