
(අංජුල මහික වීරරත්න)
ජාතියේ අනාගතය තීරණය කිරීමේදී විද්‍යා හා තාක්ෂණයේ ජයග්‍රහණ මෙන්ම ඓතිහාසික උරුමයද උකහා ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවැසීය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය බාරදීමේ උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව කීය.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මෙම සංදේශය පිළිගන්වනු ලැබීය.
ජනාධිපති මන්දිරය වෙත පෙරහරින් පැමිණි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරු සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ඉන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර පෙරහැරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත තිළිණ සහ සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.
ඇසළ පෙරහර භාරය මගින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරුණු අතර මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යාංශය විසින් සම්පාදිත “පූජනිය දළදා සංස්කෘතිය” ග්‍රන්ථයේ 20 වන කලාපය ද ජනාධිපතිවරයාට පිළිගැන්විණි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ නව ජාතියක් ලෙස ගොඩනැගීමේදී දළදා පෙරහර මංගල්‍යය සංස්ධිස්ථානයක් බවයි. රටේ අනාගතය වෙනුවෙන් මෙවන් සංස්කෘතික මංගල්‍යය තව තවත් ආකර්ෂණීය ලෙස පොදු ජනතාව අතරට ගෙන යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියපු බොරු කන්දරාව එළියට එන්න පටන් ගත්ත හින්දා ජාතියේ අනාගතය කෙසේ වෙතත් තමුන්ගේ අනාගතය තීරණය වෙලා ඉවරයි.
අයියෝ, දැන් නම් මොනවා කිව්වත් මිනිස්සු පිළිගන්නෙත් නෑ, ගණන් ගන්නෙත් නෑ.
යන යන තැන පච හලනවා.
ඇයි මේ වැඩේට විතරක් ජනාධිපති මන්දිරේ තෝරගත්තේ? අර හම්න් බර්ඩ් විලා එක මේ වගේ වැඩට ගැලපෙන්නේ නෑ නේද?
බොරු කයි වලින් වැඩක් නෑ 1. පෙරහැර වෙනුවෙන් අපේ පෞරාණික කළාවන් ආරක්ෂා කරන්න ගත්තු එක පියවරක් කියන්න 2. හීලෑ අලි ඇතුන් රකින්න ගත්තු එක පියවරක් කියන්න 3. පෙරහැර සඳහා විශේෂයෙන් කරපු එක යටිතල පහසුකම් සංවර්ධනයක් කියන්න කිසිම විමර්ශන බුද්ධියක් නැති මිනිස්සුන්ට හොඳ පාලනයක් මේක