
(අංජුල මහික වීරරත්න)
වසර හතළිහක් තිස්සේ තරුණ තරුණියන්ට ඉදිරියට එන්නට අත දුන් යෞවන සමාජ වල වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්නය දෙපාර්ශවය සාකච්ඡා කොට විසඳා ගන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.
උද්ගතව ඇති ප්‍රශ්නය ගැන සියලු දෙනා සෑහීමකට පත්වන විසැඳුමකට නොපැමිණිය හොත් යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා කීය.
යෞවන සමාජ ව්‍යාපාරයේ වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න සහගත බව පිළිබඳව හිටපු ජනාධිපති මෙන්ම යෞවන සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි.ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා.
මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වෙනවා.
මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා.යෞවන සමාජ වලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා.සමහර අය ව්‍යාපාර වල ඉන්නවා.මේ සියලු දෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහය දෙනවා.
ලඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා.හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා.
දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා.මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි.යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාල සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.
මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි.
මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධාන වල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසැඳුමක් ලබා දෙන්න.
මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි.එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්.එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා.එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුල් වෙන්න පුළුවන්.එහෙම වුනොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි.මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි.මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා සීයේ.
හා සීයේ.
ආණ්ඩුව රජයේ තනතුරු දීමෙත් ආණ්ඩු පක්ෂපාතීත්වය බලල ඒවා කලේ, ජනාධිපති ලේකම් පවා ආණ්ඩුවේ දේශපාලනයට සම්බන්ධ වෘත්තීය සමිතිවලට සම්බන්ධ තැනැත්තෙක් කියල අහන්න ලැබිලා තියෙනවා. දැන් හැම තැනකටම දේශපාලනය ගෙනත් පක්ෂ දේශපාලනය ගෙනත් භේද භින්න කරලා ලැදියාවන් ඇති කරලා අවුල් ජාලයක් කරමින් තිබෙන්නේ. එකේම දිගුවක් තමයි මේ. ආණ්ඩුව හදන්නේ චීනයේ වගේ තනි පක්ෂ රජයක් හදන්න. ටිල්වින් සිල්වා කියල තිබුණ මේ ආණ්ඩුව තව අවුරුදු 10, 20 එක දිගට බලයේ සිටිය යුතුයි කියලා. ඔය ව්‍යංගයෙන් අඟවලා තිබෙන්නේ ඔවුන්ගේ යටි අරමුණ.
පෞද්ගලික අසහනය ඈදාගෙන අපි වගේ තරුණයන්ව බටලන්ද වදකාගාරයේ දී මරලා දාන්න එපා .
තරුණ සේවා සබාවලට දේසපාලුවන්ගේ හෙන්චයියෝ දාගෙන ඒවා දූෂිත ආයතන බවට පත් කෙරුවේ පහුගිය කාලේ .යෞවන සමාජවල තරුණයන්ට ඔවුන්ගේ කටයුතු හරියාකාරව කරගෙන යාමට ඉඩදිය යුතුයි.
ගුණරත්න ඉච්ඡාභංගත්වය කියන්නේ ඕකට. මීට පෙර සියලු දේ සිදු වුනේ දේශපාලන ගැතිකම අනුව. ඇමැතිගේ ලියුමට රැකියා දුන්නේ. දැන් එම ක්‍රමය වෙනස් වීගෙන යනවා.
මාලිමා අන්තවාදය හැම තැනම. ඔවුන් කාගෙවත් අදහසකට ගරු කරන කොටසක් නොවේ. හිස් මවාද සහ ඔඩුදුවපු අන්තවාසී මානසිකත්වයකින් පෙළෙනවා. හීනමානය ඊට උඩින්. අසංවර බව , නොහික්මුන බව ඉතා හොඳින් කැපී පෙනෙනවා.
මේ මනුස්සයාට හීනමානය වගේ... තරුණයෝ මරපු, ගාලු මුවදොර තරුණ උද්ඝෝෂණයට පහර එල්ල කරපු මේ මහල්ලා දැන් පිස්සුවෙන් වගේ කියවනවා.
ආණ්ඩුවට ලැජ්ජා නැද්ද! රට තරුණ සංගම් වල ඉන්නේ කිසිම වැඩක් නොකරන නූගත් අමන රැල්ලක්!
කොහොමත් තරුණයින්ට කැමතිනේ...!
සාගල ද කතාව ලියල දුන්නේ කියන්න කියලා. පිනට කාලා දැං එනවා බයිලා ගහන්න ආයෙත් මේ රටේ පෙර තිබූ අසික්කිත දේශපාලනය ඉවරයි.
ලංකාවේ වයස්ගතම පිසාචයා.
සර් 1986 දී මම පළවෙනි වතාවට යෞවන මධ්‍යස්ථානයකට ගියා. සර් ඇහුවා කොහොමද වැඩසටහන කියලා. අපි කිව්වා ඒක ගොඩක් හොඳයි කියලා. ඊට පස්සේ සර් ඇහුවා අද අපිට කරන්න තියෙන වැඩ මොනවද කියලා, අපි hike කිව්වා. මම ඒ අවුරුද්දෙත් කරනවා කිව්වාම එයා ඇහුවා මේක අමාරු නැද්ද කියලා. මම කිව්වා නෑ, දෙකම වෙනස්. මට 4A ලැබුණා, කටුබැද්ද කැම්පස් ගියා. මට යන්න පුළුවන් වුණේ අවුරුද්දකට විතරයි. මිස්ටර් ජේ.;ආර්. ජයවර්ධන අගලවත්තේදී ලස්සන කතාවක් කිව්වා. ඒ කතාව ළමයින්ට ගොඩක් හොඳයි. සර් නිසා අපිට ඉගෙන ගන්න ලැබුණා. (සර් ට බුදුන් දක නිවන් දකින්න එක කියලා)
ඔහෙලගේ ආධිපත්‍යයට බයේ කවුරුත් ඉදිරියට ආවෙ නෑ. දැන් එහෙමනේ...
ආණ්ඩුව ඉල්ලන් කන්නේ ඔය කියන තරුණ බලවේගෙන්ම තමයි.
මෙයා 88-89 කාලේදී තරුණයින්ව බටලන්ද වැනි වදකාගාර හරහා ඝාතනය කරවලා, ඊළඟ මහ මැතිවරණයේදී "තරුණ අපේ අනාගතය" කියලා කොළඹ පුරාම පෝස්ටර් නාවලා දියවන්නාවට රිංගපු එක්කෙනෙක්. මව්වරුන්ට දීපු වේදනාව හේතුවක් වෙන්න ඇති මෙයාගේ පරම්පරාව මෙතැනින්ම නතර වෙන්න
තරුණ ජිවිත බටලන්දෙන් අහවර කරපු මිනීමරුවා යෞවන සමිති ගැන කියනවා .ඇපත් නැතිවෙන්න පැරදිලා ගෙදර ගිය කෙනා ගෙදර ඉන්නේ නැතිව මෙතන ප්‍රකාශ නිකුත් කරනවා
අපේ දේශපාලකයෝ බලයේ ඉන්නකොට කරන කියන දේවල් ඔක්කොම හොඳයි. නැතිකොට එම දේවල්ම වෙන කෙනෙක් කරනකොට නරකයි. රටක තරුණ සමාජ වලට, එම තරුණ අය අකැමැති වුණත්, නැතත් දේශපාලනය කොහොම හරි රිංගනවාමයි.