උඳුවප් පොහොය අදයි
උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි. මෙම පොහොයේ සුවිශේෂී සිදුවීම් අතර සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන, ශ්රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ශ්රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවා රෝපණය කිරීම, ප්රථම භික්ෂුණී ආරාමය ඇතිවීම, දඹදිව සිට දක්ෂ විවිධ වෘත්තිකයින්ගේ පැමිණීම ආදිය වේ.