සිංහල-දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්රමුඛ කාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ. 23 February 2025
මුදල් අමාත්‍යංශයේ වාහන 176ක් අතුරුදන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලද තොරතුරුවලට අනුව මුදල් අමාත්‍යංශය නමින් ලියාපදිංචිකර ඇති වාහන 257න් වාහන 176 භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 23 February 2025
ඖෂධ දත්ත - පාස්පෝට් පැමිණිළි ගැන විමර්ශනයක් ඉල්ලයි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර මිලදීගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිතිය යොමු කළ පැමිණිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. 23 February 2025
බදින තුවක්කුවක් පත්තු වී අයෙක් මරුට දෙහිඅත්තකණ්ඩිය, මුවපැටිකේවල, හුලංබඳනාගල ප්‍රදේශයේ පෞද්ගලික ගොවිපලක් තුළ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි. 23 February 2025
මහජනපීඩාකාරී යැයි කුකුළු ආහාර නිශ්පාදන හලක් වහයි පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ කුකුල් ආහාර නිශ්පාදන ආයතනයක් කිසිදු ආයතනයක බලපත්‍රයක් ලබා නොගෙන මහජන පීඩාකාරී ලෙස පවත්වාගෙන යාම නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමට නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 23 February 2025
නීතී විරෝධි දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් අල්ලයි රුපියල් ලක්ෂ පහලොවක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 23 February 2025
කොළඹ-බදුල්ල බසයක ජීවපතුරොම් 123ක් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක ගමන් බෑගයක දමා සඟවා තිබූ ජීව පතරොම් 123ක් බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළේ දී සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 23 February 2025
ඉන්දූ -ශ්‍රීලංකා මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කරයි තාවකාලිකව නතර කර තිබූ ඉන්දු -ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව මාස හතරකට පමණ පසු යළි ඊයේ (22) සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. 23 February 2025
ගිනි අවි උණ්ඩ මෙට්ටයක් යටින් මතුවෙයි ගිනි අවි, උණ්ඩ සහ කඩු නිදන කාමරයේ මෙට්ටය තුළ සඟවා ගෙන සිටි කාන්තාවක් ඊයේ(22) රාත්‍රි අත් අඩංගුවට ගත් ව හබරාදුව පොලිසිය පවසයි. 23 February 2025
සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් පීසීගේ නිවසේ ජීව උණ්ඩ අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේ මුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයාගේ නිවසේ සඟවා තිබූ ජීව උණ්ඩ කීපයක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 23 February 2025
ගනේමුල්ල ඝාතනයට තවත් තුනක් සැකපිට පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 23 February 2025
මධ්‍යම කඳුකරයට පැවිල්ල සැරයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී. 23 February 2025
පළාත් කීපයකට වැස්ස ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු - මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 February 2025
හිටපු හමුදා සෙබළ පාසලට පැන සිසුවාට ගහල හිටපු හමුදා සෙබළකු වැලිකන්දේ පාසල පැන එහි නවය වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් තුළදී, කනට පහරදීමෙන් එම සිසුවා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ වැලිකන්ද පොලිසිය කියයි. 23 February 2025
චීනයෙන් නව කොරෝනා වයිරසයක් මෙම වයිරසය නම් කර ඇත්තේ HKU5-CoV-2, යනුවෙනි. මෙය ’කොවිඩ් 19’ කොරෝනා වයිරසයට බෙහෙවින් සමානය. 23 February 2025
පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට පෙනහළු ආසාදනයක් හේතුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගතවුණු පැය 24 දී නරක අතට හැරුණු බව වෛද්‍යවරු පැවැසූහ. 23 February 2025
EARTHFOAM වසරේ විශිෂ්ටතම කර්මාන්ත සම්මාන ලබයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ’’ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2024’’ සම්මාන ප්රදානයේදී වසරේ විශිෂ්ටතම මහා පරිමාණ කර්මාන්තය ලෙස EARTHFOAM PVT LTD ආයතනය සම්මාන ලැබීය. 22 February 2025
ට්‍රම්ප් සංක්‍රමණිකයන් ගැන ගත් තීරණය ඇමෙරිකාවේ නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් 299 දෙනකු පැනමාවට පිටුවහල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පසුගියදා පියවර ගත්තේය. 22 February 2025
කොටහේනේ ඝාතනය ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ (21) වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වූ බව පොලිසිය කියයි. 22 February 2025
’නාරහේන්පිට අමිල’ යළි රිමාන්ඩ් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය නියම කළාය. 22 February 2025
කතරගම දෙවොලෙන් මොණරාගලට හෘද රෝග ඒකකයක් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. 22 February 2025
සංජීව ඝාතනයට සැක තවත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි 22 February 2025
මීනගයා දුම්රියේ ගැටී තුවාල ලැබූ අලි පැටවාද මිය යයි මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 22 February 2025
සෞඛ්‍ය ඇමති -ලෝක බැංකු නියෝජිත හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය. 22 February 2025
මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තුන්දෙනෙකු වලස් මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පැය 72 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් නවෝදා කෝකු හැන්නදිගේ මෙනවිය විසින් අද(22) දින නියෝග කරනු ලැබුවාය. 22 February 2025
සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තබන බවට තොරතුරක් ලැබී තිබුණා සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය 22 February 2025
මන්ත්‍රී ගෙවල් කුලියත් ඉහළට? මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 22 February 2025
කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5ක් අවලංගුයි කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 22 February 2025
වන්දනා බසය ගිනි ගනී:අරක්කැමියා මරුට බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම බස් රථයේ නිදා සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව එම බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 22 February 2025
කොළඹ වරායේ වර්ජනයක් කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ සේවකයන් වැඩ වර්ජනයක් අද (22) පෙරවරුවේ ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති පවසයි. 22 February 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026