
(සුජිත් හේවාජුලිගේ)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී නම් රටේ සාමාන්‍ය නීතිය අනුව ඒ සඳහා කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
රටේ සාමාන්‍ය පුරවැසියෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුවහොත් ක්‍රියාත්මක වන ආකාරයට එහිදී කටයුතු කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් එවැනි තර්ජනයක් තිබේනම් ඔහු ඒ ගැන මුලින්ම කරුණු ඉදිරිපත් කළ යුතු බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාලයෙන් විවිධ තර්ජන එල්ලවී තිබිණැයි පසුගිය කාලයේදී සඳහන් විය.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමෙන් පසු ඔහුට හිමි විශ්‍රාම වැටුප ආරක්ෂාව නිල නිවාස ඇතුළු සියලු පහසුකම් අහෝසි වී යන්නේය.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වරප්‍රසාද ඉවත් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසුවේ අදාල ආයතන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු ඇති බවයි.
ඔහු සේවයෙන් පහ කළ වහා ඊට අනුකූලව ක්‍රියාත්මකවීම එම ආයතන වලට පැවරෙන වගකීමක් බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද වෙනම ආරක්ෂාවක්? සිද්ධාලේප ටිකක් ඇඟේ ගාගත්තා නම් අයෙත් මදුරුවෙක්වත් වහනවා බොරු.
දේශබන්දු කියන නමත් ඉවත් කරමු. දේශහානි, දේශවිනාෂ වගේ එකක් දාමු.
නයාට ගහලා පොල්ල වරද්දා ගත්තා වගේ.. ආණ්ඩුව පෙරළුණු දවසට නියම සෙල්ලම් ටිකක් මහජනයාට බලන්න පුළුවන්... ඕහොම යමු.