
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එන සතියේ සිට දැවැන්ත සටනක් ආරම්භ කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ තීරණය සම්බන්ධයෙන් එම එකමුතුව ලෝක සංවිධාන තුනකටත් අසල්වැසි ඉන්දීය රජයටත් පසුගිය සතියේ දී පැමිණිලි කළේය
ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ යුරෝපා පාර්ලිමේන්තු සංගමය එසේ පැමිණිලි කළ ලෝක සංවිධාන තුනයි.
එසේම එම එකමුතුව මන්ත්‍රී විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සිය දුක් ගැනවිල්ල සඳහන් කරමින් ජනාධිපතිවරයාටද පසුගිය සතියේදී ලිපියක් යොමු කර ඇත.
මේ අතර විශ්‍රාම වැටුප අහෝසි කරනු ලැබූවහොත් ජනතා විමුක්ති පෙරමුණ එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යෑමටද ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි.
රජය හිටපු ජනාධිපතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වලට අත තැබීමෙන් පසු මීළඟට අත තබන්නේ රාජ්‍ය සේවකයන්ට බවද ඔහු සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමන් අධිකරණයට යන බව පැවසූ ප්‍රේමසිරි මානගේ මහතා අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්මත කළ නොහැකි බවට පවතින නීතිමය කාරණය සම්බන්ධයෙන්ද අධ්‍යයනය කරගෙන යන බව සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන් මෙතෙක් භුක්ති විදි වරප්‍රසාද අහිමි කිරීමද අනුමත නොකරන බව ඔහු කීවේය.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පවසන්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ දැරුවොත් තමා මරාගෙන මැරෙන්න වුවත් සූදානම් බවයි.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින් මන්ත්‍රී විශ්‍රාම වැටුපද කපා දමන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං ගානේ නොමිලේ පොල්කටු…!
අස්වැසුම අයැදුම්පත් මුද්‍රණය කොට ඔවුන් අතරේ බෙදාහරින්න.
අවුරුදු පහක් තනතුරේ හිටියාම විශ්‍රාම වැටුප් දෙන රටවල් වල ලිස්ට් එකත් අරගෙනම පාරට බැස්සා නම් තමයි හොඳ...
විශ්‍රාම වැටුප් දෙන්න විශ්‍රාම යන්න එපැයි. ඡන්දේ පරදිනවාට කියන්නේ විශ්‍රාම යනවා කියලා නොවෙයි හලෝ...
එහෙනම් ඒ තනතුරු වල ඉන්දැද්දී කොමිස් ගහපුවත් රිටර්න් කරපල්ලා.
ජනතා විමුක්ති පෙරමුණට ජය... කිසිම ආණ්ඩුවකට බැරිවුණා... කාලකණ්ණි දේශපාලකයින්ව පාරට බස්සන්න. දැන් පාරට බැහැලා අව්වේ ඉඳන් කෑ ගහපල්ලා. පොලිසිය එවන්නම් බොලාට කඳුළු ගෑස් ගහලා හතර අතේ දුවන්න. ලබන සැරෙත් මම ජවිපයට.
අනුර සහෝදරයා, මේවාට ඉඩදෙන්න එපා. නන්දනලාට පේමසිරිලාට පකෂයෙන් යන්න වුනේ ඇයි කියලා අපි දන්නවා...
කුණු බිත්තර...
අපි ටාගට් කරන්නේ මාලිමා පාපිසි සෙට් එක. අපේ කාඩර්ලට අපි කොහොමත් ගෙවනවා. පාපිසි ටික එලවනවාමයි. එක සත පහක් දෙන්නේ නෑ.
ජනපතිතුමනි, අපි ඔබ සමගයි...
අවුරුදු 15 කට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වශයෙන් සේවය කළ අයට මෙම විශ්‍රාම වැටුප හිමිවිය යුතුයි.
තමුන්ගෙ සහ පවුලේ උදවියගේ බැංකු ගිණුමි, වත්කම් සහ බැරකම් ප්‍රකාෂත් අරගෙනම පාරට බැහැපල්ලා අපිටත් බලන්න.
විශ්‍රාම වැටුප කියන එකේ නිර්වචනය සොයා බැලිය යුතුයි. ඡන්දෙන් පරාදවෙලා ගෙදර යන්න වෙන එක විශ්‍රාම වැටුප් ලැබීමට හිමිකමක් වෙන්නේ කොහොමද? අනිත් අතට මේක මාලිමාවේ මැතිවරණ පොරොන්දුවක් ඉශ්ට කිරීමක්. පල්හොරුන්ටත් අයිතිවසිකම් ඉල්ලා පාරට වැටෙන්න සිද්ධ වෙච්ච එක දෛවයේ සරදමක්.
අවුරුදු ගණනක් තම තමන් කරපු දූෂණ, වංචා ලිස්ට් එකත් අරගෙනම පාරට බැස්සා නම් කාටද ආඩම්බර...?
පරණ බඩු වලට අපි දෙනවා ප්ලාස්ටික් බේසමක්... ඕනෙ අය එන්න පාර්ලිමේන්තු වට රවුමට... හොරා කාලා කාලා තව පෙන්ෂන් ඉල්ලන්න ලැජ්ජා නැද්ද?
අවුරුදු 5ක් ඉඳලා විශ්‍රාම වැටුප් ගන්න පුළුවන් රටක් ලෝකයේ කොහේවත් නෑ. මේ අයගේ ලියුම් බලලා ඒ රටවල මිනිස්සු හිනාවෙනවා ඇති. නමුත් ඡන්දයෙන් පැරැදුණා නම් , අධ්‍යාපන සුදුසුකම් අනුව වෙන රස්සාවකට ඉල්ලුම් කරන කොට ප්‍රමුඛත්වයක් දෙන්න පුළුවන් නම් හොඳයි. සල්ලිවලට මරාගෙන මැරෙනවා.
හිටපු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය නායකයින්ගේ විශ්‍රාම වැටුප් අහිමි කරනවා යැයි කියමින් මාලිමාවුන් සිදු කරනු ලබන්නේ තමන් දන්නා එකම දේ වන අනුන් කෙරේ ඉරිසියාව ක්‍රෝධය වැපිරවීම පමණයි. රොකට්ටුව සමඟ වැලේ වැල් නැති වූ මාලිමා හෝදන්නන්ට පොඩි උත්තේජනයක් ලබා දීමයි. අසමත්කම සහ නොහැකියාවට අමතරව අවලාද නැගීම, කෙබර ජනගත කරන්නට උත්සාහ දැරීම හැර වෙන කිසිත් බැරි අනුර ප්‍රමුඛ මාලිමා ජවිපෙ කල්ලියේ මේ රඟපෑම් "මාර වැඩ" වන්නේ එතුමන්ලාගේ එහෙයියන්ට පමණි. රටේ පොදු මහත් ජනතාවට දැන් මේ අයගේ බේගල්වල තරම පැහැදිලි වෙමින් ඇත.
රජයේ සේවකයන් අවුරුදු 55 වෙනකන් වැඩ කරලා පැන්ෂන් ගන්නේ... ඉන්නකන් හොරකම් කරපු වුණාට මොන පෙන්ෂන්ද?
මේ අය පාරට ආවොත් ගහලා පන්නන්න තියෙන්නේ...
අවුරුදු 25 ක් රජයේ සේවයේ ඉතා හොඳින් කටයුතු කරපු කෙනෙක්, 2016 අනතුරකට පත්වෙලා ඇවිදින්න බැරුව ගියා. ග්‍රාම සේවක සහතිකය ඉදිරිපත් කරන්න බැරිවූ නිසා විස්‍රාම වැටුප නැවැත්වුවා. පව්ලේ දූ දරුවන් තමා රැකබලා ගන්නේ...
මැරිච්ච කපුටෙක් කුකුලෙක් වෙලා ඉපදිලා... හරි ලස්සන කතා කියනවා.
මී හරක් පාරට එනකොට. ජනතාවත් ලෑස්ති වෙන්න. කුණු බිත්තර, ඉඳුල් වතුර... අරන් පාරට බහින්න මොවුන්ට ගහන්න. ජනතාවගේ ඉල්ලීම් වලට... කඳුළු, ගෑස්, ගැහැව්වේ. පාතාලේ කාට හරි. ප්‍රශ්නයක් තියෙනවා නම්... මෙදිනට පාරට එන්න එයා විසඳා ගැනීමට මී හරක් ටික දුවන හැටි බලන්න පුළුවන්. කඳුළු ගෑස් වලට වැඩිය හොඳයි පාතාලේ අයත් එන්න. මොවුන්ගෙන් හිඟ දේවල් ලබාගන්න හිඟන නඩේ කෝ මේ... නාකි මයිනා... දේවාලේ කපුවා අපි යමු පොල් ගහන්න. යමු යමු....
දැන්මම ලෑස්ති වෙන්න. ජනතාව කිසිම මාර්ගයක් අවහිර කරන්න බහැ. වෙරලක් ඇයි ඇට ගොහින් කෑගහන්න කියන්න. මන්ත්‍රීවරුන් පමණයි. මොවුන්ට කඩේ යන නිවටයින්ට තහනම්. මේ නිවටයින් තමයි පාරට බහින්නේ. ගොබ්බ මන්ත්‍රීවරු ගෙදර පොලිසියෙන් මොවුන් පරීක්ෂා කර බලලා. නිවටයින් අධිකරණයට අරන් යන්න. මොවුන්ට ජීවත් වෙන්න මාර්ගයක් නැතිවෙන්න බැහැනේ... මහා නගර සභාවේ රැකියා මොවුන්ට ලබා දෙන්න. කුණු කොතැනද? ගොබ්බයෝ එතැන ජනාධිපති සමග නැගිටින්න. ඔබගේ සහාය ජනාධිපතිට දෙන්න. ජනතාව නැගිට්ටේ සිටියොත් ගොබ්බයින්ට විරුද්ධව. මුන් මේ තරම් උඩ පනින්න එන්නේ නැහැ. මොවුන්ටත් ජනතාව වගේ අයම වැඩක් කරලා ජීවත් වෙන්න පුළුවන්. ජනතාව මොකටද මේ හොරුන්...? අනුර කුමාර තමයි ජනාධිපති. ඕනෑතරම් මිනිස්සු ඉන්නවා රට බාර ගන්න. මෙවැනි අවංක ජතාවට රටට... ආදරේ කෙනෙක් නැවත හොයන්න බැහැ. අලුත් එකෙක් ආවොත්. නැවත ජනතාවට අපා දුක් විඳින්න වෙන්නේ දෙවියන්ගෙන් ලැබුණා සැනසීම එය ආරක්ෂා කර ගැනීම ඔබ සතුයි...!
අපිව පාරට ඇදලා දාපු අය පාරට බැස්සට අපි දුක් වෙන්නේ නෑ. හරියටම ඉන්න තැන කියන්න අසූචි බාල්දියක් නාවන්න.
බලයේ හිටපු දූෂිත දේසපාලුවෝ සහ මන්ත්‍රීන්ලා සියලු වරප්‍රසාද, වරදාන භුක්ති වින්දගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා සුවසේ, සැපසේ ජීවත් වුණා. විශ්‍රාම වැටුපත් තමුන්ගේ වාසියට පැවැත්මට කරගත්තුවා. පාර්ලිමේන්තුවේ කෙටි කාලයක් හිටපු අයටත් විස්‍රාම වැටුප්. කරපු සේවයකුත් නැතුව. මේ අසාධාරණ ක්‍රමය වෙනස් විය යුතුමයි.
එන්න පාරට අපි ආදරෙන් සංග්‍රහ කරන්න බලන් ඉන්නේ.