
(සුමිත් පොතුපිටිය)
කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප් වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිළධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය කළුතර බෝමුවල ප්‍රදේශයේ පදිංචි 45 වියේ සහ සැකකාර රියදුරු වාද්දුව ප්‍රදේශයේ පදිංචි 54 වියේ පසුවන අයෙකු බව පොලිසිය කීය.
කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම් එරංග දේවපුර මහතා විසින් කළ පැමිණිල්ලක් මත දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කිව්වාම කලකට පෙර අත්දැකපු විගණනයත් හසුනොවූ කරුණක් හැටියට නිළධාරි හා සෞඛ්‍ය කම්කරුවගේ වැටුපෙන් අයකරගත් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නොයවා කොන්ත්‍රාත් වැඩට යොදාගැනීම කර නියමිත කාලයේ නොයැවීම සිදුවුණා... ඒ සම්බන්ධයෙන් විගණනයක් කර මෙතෙක් ඒ මුදල් නොලැබීම් සොයනවා නම් වටිනවා..