
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 12 වැනිදා නැවත රැස්වීමට නියමිතය.
පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනටමත් නිර්දේශ කර ඇත.
මෙම නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉකුත් 7 බ්‍රහස්පතින්දා රැස්වුවද අවසන් තීරණයක් ගෙන නොතිබිණ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පාර්ලිමේන්තු ප්‍රකාශකයකු පැවසුවේ එම සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ගැටලුවක් පැවතුණ හෙයින් ඒ පිළිබඳව තීරණයක් ගැනීම මෙසේ කල් ගිය බවයි.
පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකින් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් නෙරපා හරිනු ලැබීය.
ජනාධිපතිවරයා පොලිස්පති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇත්තේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නම පමණි.
ඔහු වැඩ බලන පොලිස්පති තනතුරට පත් කෙරුණේ 2024 සැප්තැම්බර් 27 දිනදාය.
පොලිස්පති ධූරය ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු හයදෙනෙක් පසුගිය දිනවල දැඩි ප්‍රයත්නයක නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුවෙන් තෝරන්න දෙයක් තියෙනවද? නිර්දේශ කරලා තියෙන්නේ වැඩ බලන, ඒත් වැඩ බැරි, පෙන්දගේ නම විතරනේ.
අපි ඕක දෙමු පුද්ගලික ආරක්ෂක ආයතනයකට...